තලේබාන් සටන්කාමීන්ගේ මරණ තර්ජන නොතකා ඉම්රාන් ඛාන් සහ ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂ සාමාජිකයෝ දහස් ගණනක් ඊයේ (7) පාකිස්තානයට අයත් දකුණු වසිරිස්තානයේ ගෝති‍්‍රක ප්‍රදේශයේ විරෝධතා රැලියක් පැවැත්වීමට සූදානමින් සිටියහ. තලේබාන් සහ අල් කයිඩා සටන්කාමීන්ගේ රජ දහන ලෙසත් ලෝකයේ වඩාත් බිහිසුණුම ස්ථානය ලෙසත් හැඳින්වෙන දකුණු වසිරිස්තානයේ ගෝති‍්‍රක ප්‍රදේශයට ගොස් ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පක්ෂ සාමාජිකයන් විරෝධතා රථ රැලියක් පැවැත්වීමට සූදානම් වූයේ ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදු කරන ප්රහාරවලිදී සිවිල් වැසියන් මිය යෑමට එරෙහිවය. බස්, ලොරි, වෑන් සහ යතුරු පැදිවලින් සමන්විත එම විරෝධතා රථ පෙළ ඊයේ උදෑසන වෙද්දී පාකිස්තාන ගෝති‍්‍රක ප්‍රදේශයට ඇතුළු වීමට සූදානමින් සිටියේය. ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඇමෙරිකාව එල්ල කරන එම මිසයිල ප්‍රහාර අල් කයිඩාවේත් තලේබාන් සටන්කාමීන්ගෙත් විරෝධයට හේතු වී ඇති නමුත් ඔවුහු ඉම්රාන් ඛාන් සහ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ දේශපාලන දර්ශනය අනුමත නොකරති. ඉම්රාන් ඛාන් හෝ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂ සාමාජිකයන් හෝ තම අණසක පවතින ගෝති‍්‍රක ප්‍රදේශයට ඇතුළු වුවහොත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් එවා ඉම්රාන් ඛාන් ඝාතනය කරන බවට තලේබාන් සංවිධානය මීට පෙර අවස්ථා ගණනාවකදී තර්ජනය කර තිබුණි. පාකිස්තාන තලේබාන් නායක කාරී හසන් 2010 වසරේදී ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය කොට්කාර් නමැති ගම්මානයට යෑමට ඉම්රාන් ඛාන් සහ ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂ සාමාජිකයෝ සූදානමින් සිටියහ. තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය, වර්තමාන පාකිස්තාන දේශපාලනයේ පෙරැළියක් ඇති කිරීමට සමත් ව සිටී. පාකිස්තාන කි‍්‍රකට් කී‍්‍රඩකයකු ලෙස කාගේත් ආදරයත් ගෞරවයත් දිනූ ඉම්රාන් ඛාන් මේ වනවිට පාකිස්තානයේ ප්‍රබල දේශපාලන චරිතයකි. පාකිස්තාන රජයත් ආරක්ෂක අංශත් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයෙන් ඉල්ලා සිටියේ කොට්කාර් ගම්මානය බලා යෑමෙන් වැළැකී සිටින ලෙසටය. 2004 වසරේ සිට 2012 තෙක් කාලයේ ඇමෙරිකා හමුදා ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ඩ්‍රෝන යානා පහාරවලට සිවිල් වැසියෝ 3,325 දෙනෙක් බිලි වූහ. ඇමෙරිකා හමුදාව ඩ්‍රෝන යානා යොදා ගනිමින් පහර දෙන්නේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලැබෙන තොරතුරු පාදක කර ගනිමිනි. බොහෝ අවස්ථාවලදී ඔවුන් එම ප්‍රහාර එල්ල කරන්නේ පාකිස්තාන රජය හෝ හමුදාව හෝ බුද්ධි අංශ හෝ දැනුම්වත් නොකරයි.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තලේබාන් මරණ තර්ජන නොතකා ඉම්රාන් ඛාන් දකුණු වසිරිස්තානයට
ෂෙරීෆ් Monday, 08 October 2012 10:21 PM
ඉම්රාන් ඛාන් ඉල්ලන් කයි වගේ. (නි)
චන්ද්‍රසිරි Saturday, 20 October 2012 05:34 PM
ඉම්රාන් දේශපාලනයට වඩා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් අපි ඔබට ඇලුම් කරනවා.. මෝඩ ත්‍රස්තවාදියොත් එක්ක සෙල්ලම් කරන්න එපා.. දැක්කනේ අර පුංචි දරුවට කරපු අපරාදය.!(නු)
තරිදු Monday, 08 October 2012 01:55 PM
ක්‍රිකට් වලින් පසු දේශපාලනයට යාමනම් එතරම් සුදුසු නෑ (ස)
ලාල් Tuesday, 09 October 2012 07:41 PM
නූගත් කට්ටිය... (නි)