තුර්කියේ සිට තම රටට පැමිණෙන සියලූ සිවිල් ගුවන්සේවා තහනම් කිරීමට සිරියා රජය පියවර ගැනීමත් සමඟ එරට රජය සහ කැරැලිකාර පාර්ශ්වය අතර ගැටුම් උත්සන්න වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි. තුර්කි ගුවන් සීමාවට ඉහළින් ගමන්ගත් සිරියානු ගුවන් යානයක් ඉකුත් සතියේ හදිසියේ ගොඩබැස්සවීමත් සමඟ දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් පැනනැඟුණි. තුර්කියේ මෙම කි‍්‍රයාවට ප්‍රතිචාර දැක්වීමක් ලෙස සිරියා රජය මෙම පියවර ගෙන තිබේ. සිරියාවට පැමිණෙන තුර්කි ගුවන්ගමන් තහනම් කිරීමත් සමඟ එරට රජය සහ කැරැලිකරුවන් අතර ගැටුම් උත්සන්න වූ බව සානා පුවත්සේවය සඳහන් කළේය. එහිදී සිරියා රජයට අයත් ප්‍රහාරක ගුවන්යානයක් බිම හෙළීමට කැරැලිකරුවන් සමත්වූ බව වාර්තා වේ. එසේම ඊයේ දිනයේදී උතුරු සිරියාවේ පිහිටි ඓතිහාසික උමායාඞ් දේවස්ථානයකට ද කැරැලිකරුවන් දැඩි ප්‍රහාර එල්ල කර ඇත. මේ අතර ඩමැස්කස් අගනුවර ආසන්නයේදී කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තම රටට පැමිණෙන සිරියානු ගුවන්යානා සම්බන්ධයෙන් ද එවැනි තහනමක් පැනවීමට තුර්කි රජය පියවර ගෙන නොමැති බව තුර්කි රජය පවසයි. තුර්කි ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් හදිසියේ ගොඩබැස්සවූ සිරියා ගුවන්යානයේ තිබී ආයුධ හමුවූ බවට තුර්කි රජය චෝදනා කළේය. මේ සිදුවීම වන අවස්ථාවේදී එම ගුවන්යානය රුසියාවේ සිට සිරියාව දක්වා ගමන් කරමින් තිබිණ. සිරියාව සහ රුසියාව මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් තුර්කි රජය කළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රුසියානු විදේශ ඇමැති සර්ගෙයි ලැව්රොව් සඳහන් කළේ සිවිල් හෝ යුද කටයුතු සඳහා භාවිත කළ හැකි රේඩාර් උපකරණ මඟී ගුවන්යානයේ තිබූ බවත් ඒ හේතුවෙන් රුසියාව කිසිදු ලෙසකින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කර නොමැති බවත්ය. මේ අතර තුර්කි අගමැති රිසෙප් ටයිප් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ සිරියා අර්බුදය විසඳීමට මැදිහත්වන ලෙසයි. මීට පෙර අවස්ථා කිහිපයකදීම ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් සිරියා අර්බුදය විසඳීමට මැදිහත්වීම පිණිස යෝජනාවලි කිහිපයක් සම්ම්ත කර ගැනීමට උත්සාහ ගත් අතර එහිදී චීනය සහ රුසියාව සිය නිෂේධ බලය භාවිත කර එම උත්සාහයන් ව්‍යර්ථ කරනු ලැබීය.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තුර්කි සිවිල් ගුවන්සේවාවලට සිරියාවට ඇතුළුවීම තහනම්
බණ්ඩාර Monday, 15 October 2012 06:51 PM
අහිංසක මිනිසුන් මරන්න රුසියාව ආයුධ සපයනවා. (නි)