තුර්කියේ ඉස්තාන්බුල් නුවර ගුවන්තොටුපළට එල්ලවූ ප්‍රහාරයකින් 36 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
එය ත්‍රස්තවාදී සංවිධානයක මරාගෙන මැරෙන ප්‍රහාරයක් බව තුර්කි අගමැති බිනලි යිල්දිරිම් පවසයි. ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 147කි. ප්‍රහාරය අයිඑස් සංවිධානයේ ක්‍රියාවක්දැයි සැකයක් පවතින බවද අගමැති කියයි.
ගුවන්තොටුපළට ඇතුළුවූ තුවක්කරුවන් පිරිසක් මුලින් වෙඩි තැබූ බවද ඉන් පසු විශාල පිපිරුමක් සිදුවූ බවද සිද්ධිය දුටුවෝ කියති.
ප්‍රහාරය සඳහා පැමිණි බව කියන තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද විදෙස් වාර්තා පවසයි.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තුර්කි ගුවන්තොටුපළකට ප්‍රහාරයක් : 36ක් මරුට
රජින්ද Wednesday, 29 June 2016 05:10 AM
දුකයි තමයි. ඒත් මීට මාස කිහිපයකට කලින් රුසියාව විසින් සිරියාවේ අයිඑස් ත්රස්තවාදීන්ට ගහනකොට තුර්කිය රුසියාවේ ගුවන් යානා වලට ගැහුවා. ඒත් රුසියාව කිව්වා තුර්කි දේශසීමාව තමයි ත්රස්තයින්ගේ ආරක්ෂාකාරී ස්ථානය කියලා. ඒත් ඇමෙරිකාවේ පදයට නටන තුර්කිය ගණන් ගත්තේ නැහැ. දැන් කරන්න දෙයක් නැහැ. තමන් ලෝකෙට ඇතිකරන ප්‍රශ්න නැවත පෙරළා තමන්ටද පැමිණෙන බව තුර්කිය දැනගත යුතුයි. (නි)
පුබුදු Wednesday, 29 June 2016 05:31 AM
රජින්ද හරි. ත්රස්තවාදීන් කියන සර්පයන්ට කිරි පොවද්දී ඔහොම වෙනවා. මේවා කාටත් හොද පාඩම්....(බ)
කිංස්ලි Wednesday, 29 June 2016 12:03 PM
තුර්කියට දැන්වත් තේරුනනානම් ලොකුදෙයක්. (බ)
තබුක් සිල්වා Wednesday, 29 June 2016 06:20 AM
සාස්ත්ර වාදේ කියන විසබිජය වපුරන්නේ ඔය කියන රටවල්ම තමයි අර කියමනක් තිබෙන්නේ උරාගේ මාලු උරාගේ ඇග උඩ තියලාම කපනවා කියලා. (ර)
තිලක්-ඩුබායි Wednesday, 29 June 2016 01:02 PM
රජින්ද.ඔබ 100% නිවැරදියි. (අ)
නිලාන් Wednesday, 29 June 2016 08:11 AM
මිය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා. (ම)
සුරිය Thursday, 30 June 2016 07:09 AM
මම නම් අප්‍රමාණ ලෙස කාලකන්නි සතුටක් ලබමි.යුරෝපේ ත්රස්තවාදීන් සිරියාවටත්. සිරියාවේ ත්රස්තවාදීන් යුරෝපෙටත් යන්නේ එන්නේ තුර්කිය හරහා. මුන්ට ලෝකේ රටවල් කොච්චර කිවත් නවත්තපන් කියල ඇහුවේ නෑ. රුසියාවෙන් අයිඑස් කාරයන්ට ගහද්දීත් හරි හිතේ අමාරුවෙන් හිටියේ. දැන් සනීපද....(බ)