මානුෂීය ආධාර තොගයක් රැගෙන ඉකුත් වසරේ ගාසා තීරයට ගිය නෞකාවට ඊශ්‍රායල හමුදා සෙබළුන් එල්ල කළ ප්‍රහාරයෙන් තුර්කි ජාතිකයන් සිවු දෙනකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ වාර්තාව පෙරේදා (3) එළිදැක්වීමත් සමඟ තම රටේ සිටින ඊශ්‍රායල තානාපති නෙරපා දැමීමට තුර්කි රජය පියවර ගත්තේය. තුර්කි විදේශ ඇමැති අමෙත් ඩොටොග්ලූ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තුර්කියේ සිටින ඊශ්‍රායල තානාපති ඇතුළු කාර්ය මණ්ඩලය වහාම සිය රට බලා පිටත් කළ බවය. විදේශ ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක්ම ඊශ්‍රායල රජය තුර්කියෙන් කිසිදු ආකාරයේ සමාව ඇයැදීමක් සිදුකර නැති බවය. තුර්කිය සහ ඊශ්‍රායලය අතර පැවැති සියලූම හමුදා ගනුදෙනු ද වහාම අත්හිටුවීමට ද තුර්කි රජය තීරණය කර ඇතැයි ඇමැති අමෙත් ඩොටොග්ලූ මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය. ඊශ්‍රායලයේ සිටි තුර්කි තානාපතිවරයා නිවාඩුවක් සඳහා මේ දිනවල සිය රටට එනම් තුර්කියට පැමිණ සිටින බවත් ඔහු ආපහු ඊශ්‍රායලට නොයවන බවත් ඇමැති අමෙත් ඩොටොග්ලූ පවසයි.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තුර්කිය ඊශ්‍රායල තානාපති නෙරපයි
සමන් Tuesday, 06 September 2011 06:48 AM
එපමණයි කළ හැක්කේ