දකුණු තායිලන්තයේ ඊයේ (1) උදෑසන කාර් බෝම්බ තුනක් පුපුරා ගිය අතර 13 දෙනක් ඊට බිලිවූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 533 කි. බෝම්බ පුපුරා ගියේ දකුණු තායිලන්තයේ මැලේසියාවට සහ සිංගප්පූරුවට මායිම් වූ සොංග්මාලා ප්‍රාන්තයේ හට්යායි සහ යාලා යන නගරවලය. හට්යායි යනු දකුණු තායිලන්තයේ විශාලතම නගරයයි. එය සංචාරක පුරවරක් ද වෙයි. පළමු කාර් බෝම්බය පුපුරා ගියේ යාලා නගරයේය. ඊට මිනිත්තු කිහිපයකින් දෙවැනි කාර් බෝම්බයත් ඒ අසලම ස්ථානයකදී පුපුරා ගොස් ඇත. එම බෝම්බ ප්‍රහාරවලට 10 දෙනෙක් බිලිවූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 117 කි. තුවාලකරුවන්ගෙන් 29 දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. තෙවැනි බෝම්බය පුපුරා ගියේ සංචාරකයන් බහුලව ගැවසෙන ‘ලී ග‍්‍රෑන්ඞ්ස් ප්ලාසා’ හෝටලයේ රථගාලේය. බෝම්බය අටවා තිබුණේ රථ ගාලේ නවතා තිබූ මෝටර් රථයක යැයි පොලිසිය පවසයි. එයින් පුද්ගලයෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ අතර මැලේසියා ජාතික සංචාරකයෙක් ද සිටියි. කාර් බෝම්බය පුපුරා යෑමත් සමඟ හෝටලයේ බිමි මහලේ පිහිටි රථගාලේ ගින්නක් හට ගත් අතර එයින් නැගුණු දුම හෝටලය පුරා පැතිර තිබිණි. දුම් ආඝ්රාණ වීමෙන් සහ බෝම්බ ප්‍රහාරයට හසුවී තුවාල ලැබීමෙන් රෝහල් ගත කළ පිරිස 416 ක් යැයි පොලිසිය පවසයි. ඔවුන්ගෙන් 140 දෙනකු මේ වනවිටත් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බව ද වාර්තාවේ. දකුණුදිග තායිලන්තයේ දේශසීමා ආසන්නයේ කි‍්‍රයාත්මක බෙදුම්වාදී සටන්කාමීන්, බෝම්බ ප්‍රහාරවල වගකීම බාරගෙන ඇතැයි තායිලන්ත රජය පවසයි. බෙදුම්වාදී සටන්කාමීන් ප්රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ 2004 වසරේ සිටය.
ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි
ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්
පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික
ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තායිලන්තයේ බෝම්බ පිපිරී 13 ක් මරුට: