ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමෙරිකා තානාපති කාර්යාලයට එල්ල කෙරුණු ප්‍රහාරය තමන් දැඩි ලෙස හෙළා දකින බව ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා ඊයේ(12) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය ලිබියාවේ ඇමෙරිකා තානාපති කි‍්‍රස් ස්ටීවන්ස් සහ ඔහුගේ නිලධාරීන් තිදෙනාට සිය ශෝකය පළ කරන බවද ජනාධිපතිවරයා පැවසුවේය. තානාපතිවරයා ඇතුළු ඇමෙරිකානුවන් සිවුදෙනාගේ ඝාතනය තමන් හෙළාදකින බව කී ජනපති ඔබාමා ලිබියාවේ සහ ලොව අනෙක් රටවල සිටින ඇමෙරිකානු තානාපති නිලධාරීන්ට දැඩි ආරක්ෂාවක් යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව ද අවධාරණය කළේය. මෙම ප්‍රහාරය එල්ල වූයේ ඊශ්‍රායල-ඇමෙරිකානුවකු වන සෑම් බැසිල් නැමති තරුණයකු විසින් ඉස්ලාම් ආගමට නිගරු වන අන්දමින් නිර්මාණය කරනු ලැබූ චිත්‍රපටයක් නිසා බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. චිත්‍රපටයට විරෝධයපාමින් ලිබියාවේ බෙන්ගාසි නුවර විරෝධතාවක නිරත අවි ආයුධ සන්නද්ධ කලහකාරී පිරිසක් විසින් තානාපති කාර්යාලයට මෙම ප්‍රහාරය එල්ල කරන ලද බව වාර්තා වේ. චිත්‍රපටය සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඇෆ්ගන් ජනපති කියා සිටියේ එය ‘අමානුෂික සහ අපහාසාත්මක’ කි්රයාවක් බවත් තමන් එය තරයේ හෙළාදකින බවත්ය. එම චිත්‍රපටය ආගමික සහ සංස්කෘතික සහජීවනයට තර්ජනයක් බව ද කී ඇෆ්ගන් ජනපති ලෝකයේ සාමයටත් යහ පැවැත්මටත් එමඟින් තර්ජනයක් එල්ල වන බව ද සඳහන් කළේය. ප්‍රහාරය පිළිබඳව නිකුත් වූ වාර්තාවක දැක්වූණේ තානාපති කාර්යාලය තුළ සිටි තානාපතිවරයා මියගියේ කාබන්මොනොක්සයිඞ් විසවීමෙන් බවය. බෙන්ගාසි නගරය ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගේ බල කඳවුරක් ලෙස ද සැලකේ.
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය ජනපති ඔබාමා හෙළාදකී
වරුණ Thursday, 13 September 2012 01:12 PM
නියමයි. (නි)
නවුෂාඩ් Thursday, 13 September 2012 01:55 PM
නියමයි.නියමයි. (නි)
අනුරුද්ධ Thursday, 13 September 2012 06:54 PM
ඇමෙරිකාවට ඔහොම වෙලා මදි. ඇමෙරිකාව විනාශ වේවා! (නි)
චන්දන Thursday, 13 September 2012 02:13 PM
අපිත් ඒ ප්‍රහාරය හෙලා දකිනවා (දී)
වීරසූරිය Thursday, 13 September 2012 07:04 PM
ඉල්ලගෙන කාලා තියෙද්දී, හඩලා වැඩක් නැහැ. (නි)
නසාර් Thursday, 13 September 2012 07:11 PM
මෙය ආරම්භය හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට. (ස)
සන්ජීව Friday, 14 September 2012 08:15 AM
අසින්ත, ගාඩාෆි මැරුණම ප්‍රශ්නේ ඉවර උනාද ?? (ස)
සිල්වා Thursday, 13 September 2012 03:20 PM
අසිත, ගඩාෆි මැරුණා කියලා ඔයාට ඇති ඵලය කුමක්ද? (නි)
මොහොමඩ් Thursday, 13 September 2012 07:58 PM
අසිත, ගඩාෆි ලංකාවට කළ උදවු ගැන දන්නේ නැද්ද? (නි)
රිෂාන් Thursday, 13 September 2012 10:50 AM
විශිෂ්ටයි. (නි)
සමන් Thursday, 13 September 2012 11:14 AM
ඇමෙරිකාව වගාකරලා නෙළාගත් අස්වැන්න තමයි දැන් ඒ අයට ලැබිලා තියෙන්නේ. (නි)
අසිත Thursday, 13 September 2012 11:32 AM
ගඩාෆි මරා දැමීම ගැන සම්බන්ධන් ඇමෙරිකාවට ස්තූති කළ යුතුයි. (නි)
නිශාම් Thursday, 13 September 2012 10:21 PM
අසිත, මම හිතන්නෙ ගඩාෆි කියන්නෙ ඔයාගෙ අසල්වාසියෙක් වෙන්න ඇති. ඒකනෙ එයා මැරුණට සතුටු. එතකොට ඇමරිකාව ඔයාගෙ කවුද? (ස)
අර්ජුන Thursday, 13 September 2012 12:25 PM
ඔබාමාට දුකද
ලක්ෂාන් Thursday, 13 September 2012 05:44 PM
ඇමරිකාවෙන් ඉල්ලගෙන කන්න හදන්නෙ. මුස්ලිම් මිනිස්සු ඉන්නවනම් ඉන්න හැමතැනම අපරාධ. තමන් ගැනම විතරයි හිතන්නෙ. ඇමරිකාව මට්ටු කරන්න හැදුවොත් තමන්ලමයි මට්ටු වෙන්නෙ. (ස)