අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහි දෝෂාභියෝග යෝජනාව එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් විවාදයට ගැනීම ආරම්භ කර තිබේ.
ජනපතිවරයාට එරෙහිව ප්‍රධාන කරුණු දෙකක් මෙහිදී විවාදයට ගැනේ.
බලය අවභාවිත කිරීම දෝෂාභියෝග යෝජනාවේ එක් කරුණක් වන අතර සිය පුද්ගලික ප්රතිලාභ පිණිස යුක්රේනයට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
ඔහුගේ චර්යාව පිළිබඳ විමර්ශන අවහිර කරමින් කොංග්‍රසයට බාධා කිරීම ට්‍රම්ප් මහතාට එල්ල වී ඇති දෙවැනි චෝදනාව වෙයි.
විවාදය පැය කිහිපයක් පැවැත්වීමට නියමිත අතර පසු දිනයේ ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වේ.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරයක් සහිත ඩිමොක්රටික් පාක්ෂිකයින් ඊට පක්ෂව ඡන්දය දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දෝෂාභියෝගය අනුමත වුවහොත් අමෙරිකානු ඉතිහාසයේ දෝෂාභියෝගයකට ලක්වූ තෙවැනි ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පත්වනු ඇත.
හිටපු ඇමරිකානු ජනාධිපතිවරුන් වන ඇන්ඩෘ ජොන්සන් සහ බිල් ක්ලින්ටන් මීට පෙර දෝෂාභියෝගවලට ලක්වූවෝ වෙති.
-226-
(එන්.එච්.කේ. ඇසුරෙනි)
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ විවාදය ඇරඹෙයි
jayantha Wednesday, 25 December 2019 06:04 PM
හොඳම ජනාධිපති තමයි. ලිබරල් අයත් එතුමාට පාඩුවේ රට සංවර්ධනය කිරීමට ඉඩනොදේ...