IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ජම්මු - කාශ්මීර ප්‍රාන්තයට දැඩි ආරක්ෂාවක්

මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයේ ආරක්ෂාව දැඩි කිරීමට එම ප්‍රාන්ත ආණ්ඩුව පියවර ගෙන ඇත. 

කාශ්මීරයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට එල්ල වූ එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 

එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු කාශ්මීරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානම් සහගත තත්ත්වයක් උද්ගත වී ඇතැයි පැවසේ. 

එම තත්ත්වය මධ්‍යයේ ඊයේ (25) පාකිස්තාන සන්නද්ධ කණ්ඩායමක් සහ ඉන්දීය ආරක්ෂක අංශ අතර කාශ්මීරයේදී ඇති වූ ගැටුමකින් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉන්දියාව ආරක්ෂව තර කිරීමත් බෙදුම්වාදීන් 160කට වැඩි පිරිසක් පොලිස් භාරයේ රඳවාගෙන ඇතැයි ද වාර්තා වේ. 

පුල්වාමා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය අතර ඇති වූ එම ගැටුමෙන් සටන්කාමීන් තිදෙනකු, ඉන්දීය පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු, ඉන්දීය හමුදා නිලධාරියකු ඇතුළු පස්දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ඉන්දීය හමුදා හා පොලිස් වාර්තාවලින් කියැවිණි. 

දකුණු කාශ්මීරයේ කුල්ගම් දිස්ත්‍රික්කයේ තුරිගම් ගම්මානයේදී වෙඩි තැබීම සිදුව තිබෙන අතර ගැටුමෙන් තවත් හමුදා සොල්දාදුවන් තිදෙනෙක් තුවාල ලැබූහ. මියගිය සටන්කාමීන්ගෙන් දෙදෙනකු ඉන්දීය ජාතිකයන් බවත් අනෙක් සටන්කාමියා විදේශිකයකු බවත් ඉන්දීය පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය. 

පෙබරවාරි 14 වැනිදා ඉන්දීය හමුදා රථ පෙළට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ඉන්දීය හමුදා එල්ල කරන ලද ප්‍රහාරවලින් ජායිෂ් ඊ මොහොම්මද් සටන්කාමීන් අටදෙනකු මියගිය අතර සටන්කාමීන්, ඔවුන්ට සහාය දක්වන්නන්, ඔවුන්ගේ පවුල්වල පිරිස් ඇතුළු 50කට ආසන්න පිරිසක් පොලිසිය විසින් රඳවාගනු ලැබ ඇතැයි පැවසේ. මහ මැතිවරණය ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත බැවින් අවදානම් සහගත තත්ත්වය අඩු කිරීමට පියවර ගත යුතු බවත් ආරක්ෂාව වැඩි කරගනිමින් එල්ල විය හැකි ප්‍රහාර වැළැක්වීම සඳහා එසේ කළ යුතු බවත් ඉන්දියාව ප්‍රකාශ කරයි. 

රොයිටර් ඇසුරිනි 

055

 



අදහස් (0)

ජම්මු - කාශ්මීර ප්‍රාන්තයට දැඩි ආරක්ෂාවක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 61 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 141 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 121 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1363 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 423 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 643 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site