IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනපති ඔබාමා සිසුන් ඝාතනය වූ පාසලට යයි

තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් කුඩා දරුවන් විසිදෙනකුට සහ පුද්ගලයන් හය දෙනකුට ජීවිත අහිමි කළ ඛේදජනක සිද්ධිය වාර්තා වූ ඇමෙරිකාවේ කනෙක්ටිකට් ප‍්‍රදේශයට ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා ඊයේ(16) පැමිණියේය. ඉකුත් සිකුරාදා සිද්ධිය සැල වූ වහාම විශේෂ ප‍්‍රකාශයක් කරමින් ජනපති ඔබාමා සඳහන් කළේ වසර ගණනාවක් තිස්සේ ඇමෙරිකාව මෙම අමිහිරි අත්දැකීමට මුහුණ දෙමින් සිටින බවත් තුවක්කු භාවිතය සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගත යුතු කාලය එළඹ ඇති බවත්ය. කනෙක්ටිකට් ප‍්‍රදේශයට පැමිණි ජනපති ඔබාමා සිද්ධියෙන් මියගිය කුඩා දරුවන්ගේ මාපියන් සහ ප‍්‍රදේශවාසීන් හමු විය. සිය මව වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව ආයුද සන්නද්ධව සැන්ඩි හුක් ප‍්‍රාථමික පාසලට කඩා වැදුණු විසිහැවිරිදි ඇඩම් ලන්සා නමැති මෙම තුවක්කුකරු කළ වෙඩි තැබීමෙන් කුඩා දරුවෝ සහ පාසලේ විදුහල්පතිවරයා ද ජීවිතක්ෂයට පත් වූහ. සිද්ධියෙන් මියගිය ගියේ අවුරුදු 6ත් 7ත් අතර වයසේ පසු වූ කුඩා දරුවන්ය. තුවක්කු කිහිපයක් අතැතිව පාසලට පැමිණ කළ වෙඩි තැබීමෙන් පසුව ඇඩම් ලන්සා සිය දිවි හානි කර ගත් බව නිව්ටවුන් පොලිසිය සඳහන් කරයි. පාසලේ විදුහල්පති සහ මනෝවෛද්‍යවරිය ඇතුළු වෙඩි තැබීමෙන් මියගිය වැඩිහිටියන් හය දෙනාම කාන්තාවන් බව වාර්තා වේ. මෙවැනි සාහසික කි‍්‍රයාවක් සඳහා ලන්සා පෙළඹවීමට හේතුව කුමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැත. සිද්ධියෙන් මියගිය දරුවන් ඇතුළු පිරිස සිහිපත් කිරීම පිණිස ප‍්‍රදේශවාසීහු රැසක් සැන්ඞ් හූක් පාසල අසලට පෙරේදා පැමිණ සිටියහ. තුවක්කුකරුවන්ගෙන් දරුවන් බේරා ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී මියගිය විසිහත් හැවිරිදි වික්ටෝරියා සෝටෝ නමැති ගුරුවරිය මෙහිදී විශේෂයෙන් සිහිපත් කෙරිණි. ‘‘මියගිය අයගෙන් බොහොමයක් සුන්දර කුඩා දරුවන්. උපන්දින, උපාධි උත්සව, විවාහ උත්සව වැනි ජීවිතයේ වැදගත් අවස්ථා විඳ ගැනීමට පෙර ඔවුනට ජීවිතයෙන් සමු ගැනීමට සිදු වුණා.’’ යනුවෙන් සිද්ධියෙන් කම්පනයට පත් ජනපති ඔබාමා පැවැසීය. මෙම සිදුවීමත් සමඟ තුවක්කු භාවිතය පිළිබඳ නව නීති හඳුන්වාදීම සම්බන්ධයෙන් ඇමෙරිකාව තුළ ආන්දෝලනාත්මක තත්ත්වක් මතුව තිබේ. ඊට ප‍්‍රතිචාර දක්වමින් ධවල මන්දිරය කියා සිටියේ වහාම මේ පිළිබඳව අවධානය යොමු කරන බවයි. ඛේදජනක සිදුවීමෙන් කම්පනයට පත් ජනපති ඔබාමා මියගිය දරුවන් සිහිකරමින්...



අදහස් (0)

ජනපති ඔබාමා සිසුන් ඝාතනය වූ පාසලට යයි

උද්ධික Monday, 17 December 2012 11:13 PM

දැන් ළමයිට පන එයි (දී)

:       0       0

අජිත් Monday, 17 December 2012 11:46 AM

කවුරු කොහොම කිව්වත් මොහු ආදර්ශමත් නායකයෙක් (ස)

:       0       0

ඉර්ෆාන් ධර්මා Monday, 17 December 2012 12:26 PM

ඇමෙරිකාවේ තුවක්කු භාවිතකරන්නේ සෙල්ලම් බඩු ගානට, මම ඇමෙරිකාවේ ඉන්න නිසා දන්නවා , මෙහෙ පත්තරවල මාසෙකට සැරයක් තුවක්කු මිලගණන් දාපු දැන්වීම් එනවා, ඩොලර් 150 ඉදල ඉහලට තියෙන මේ තුවක්කු ඕනෙම කෙනෙක්ට මිලදීගන්න පුළුවන්, පොලිසියේ පවා ප්‍රසිද්ද වෙන්දේසි තියෙනවා ඕනෑම කෙනෙක්ට මිලදීගන්න, වයස 18 වීම විතරයි එකම සුදුසුකම, මේවගේ පාසල් ළමුන් ඝාතනය කිරීමක් උණු පළමු වතාව මේක නෙමෙයි , සිසුන් අතරේ පොඩි රණ්ඩුවක් උනත් අනිත් දවසේ තාත්තගේ තුවක්කුව අරන් ඇවිත් හතර අතේ වෙඩි තියාගන්නවා, (ස)

:       0       0

ජයී තිසර Monday, 17 December 2012 05:14 PM

තම නිදහස රකින්නට අවි බලේ යොදා ඉඩ දී තිබේ නීතිය මුළු රටම හදා අවි ගත්තෝ නැසේ අවියෙන් කියා එදා කිතු ධර්මයේ පවසා ඇත සිතනු හොඳා (නි)

:       0       0

මාලා Tuesday, 18 December 2012 03:32 AM

ඉර්ෆාන්, තුවක්කු නීතිවිරෝධී මෙහේ අපරාධ මෙච්චර වෙද්දී, තුවක්කු නීත්‍යානුකූල කළොත් කොහොමට තියෙයිද? (නි)

:       0       0

සමන් Monday, 17 December 2012 05:51 PM

ඔබාමාගේ ශෝක ජනක මුහුණ (දී)

:       0       0

චන්ද්‍රා Monday, 17 December 2012 01:08 PM

ඔබාමා හොද නායකයෙක්. (නි)

:       0       0

සරත් Wednesday, 19 December 2012 09:08 AM

මේවා තමයි ලෝක විනාසේ කියන්නේ (දී)

:       0       0

දයා-සවුදි Monday, 17 December 2012 06:00 PM

මීට පෙරත් ඇමරිකාවේ පාසලක මෙවැනිම වෙඩි තැබීමත් සිදුවුණා නේද? (නි)

:       0       0

සරත් Wednesday, 19 December 2012 09:15 AM

ඒව හොද වැඩ (දී)

:       0       0

සුනිල් Monday, 17 December 2012 06:10 PM

කනගාටුයි .... (දී)

:       0       0

බණ්ඩාර Monday, 17 December 2012 01:24 PM

ලංකාව ඔය වගේද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ශාමා Tuesday, 18 December 2012 03:32 PM

ඇඩෙනවා තනි ඇහැට (ස)

:       0       0

මුතුකුඩ Tuesday, 18 December 2012 09:15 PM

පලස්තීනයේත් ළමයි මැරණා නොවේද? ඒ ගැන සිතීම අප කාගේත් වගකීමක්. (නි)

:       0       0

නුවන් Monday, 17 December 2012 02:06 PM

වටිනා වැඩක්

:       0       0

රනාඩෝ Monday, 17 December 2012 07:23 PM

බලන්න නොගිහින් කොහොමද (දී)

:       0       0

ශාන් Tuesday, 18 December 2012 09:22 AM

අසරණ ළමයි. මම බුද්ධාගමේ, කොහොම වෙතත් ඔබට නිවන් සුව (දී)

:       0       0

උපාලි Tuesday, 18 December 2012 09:52 PM

මේ ප්‍රභාකරන් අවුරුදු 30ක් තිස්ස ඔය වගේ පොඩි එවුන් මරණකොට ඔයගොල්ලේ සෝකය පළකරලා නීවේදනය කළත් ඒවා නැහැ (අ)

:       0       0

කල්පගේ Wednesday, 19 December 2012 10:55 AM

මෙයාගේ කිඹුල් කදුළු (දී)

:       0       0

රාජේන්ද්‍රන් Tuesday, 18 December 2012 11:00 AM

අපේ රටෙත් මේ වගේ කෙනෙක් හිටියනම් කොපමණ හොදද? මගේ වීරයා ඔබාමා..!(නු)

:       0       0

මුතු Monday, 17 December 2012 08:55 PM

ඔබටයි මේ කියන්නේ ඇත්තටම ඔබට දරු දුක දැනෙනවාද? පලස්තීනයේ වගේම ඔබලා බෝමිබ හෙලු හැම රටකම කුඩා දරුවන් අමු අමුවේ ඝාතනය වුවා ඒ දෙමාපියන්ටත් තිබුණේ මේ දරු දුකම තමයි ඒ විපාක දැන් ඔබ රටතුලින්ම ඔප් නැන්වෙනවා නොවේද? ඔබ ඇත්තටම හදවතින් දුක්වන්න ඒවිට සියල්ල දක්නා දෙවිදුන් ඔබ ‍ගේ හදවත පාරිශ්‍රද්ධත්වයට පත්කරන්නේය (ස)

:       0       0

මොරිල් Monday, 17 December 2012 10:53 AM

ඇමරිකාවේ ඉන්නේ බොහෝමයක් ත්‍රස්ථවාදීන් (ස)

:       0       0

ද සිල්වා Tuesday, 18 December 2012 05:14 PM

තුවක්කු භාවිතය සිවිල් වැසියන්ට තහනම් කරන්න. දැන් අඩලා වැඩක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

ශාන් Tuesday, 18 December 2012 05:35 PM

ඒ රටෙන් විකිණූ අවිආයුධ වලින් අනෙක් රටවල කොච්චර ළමයින් මැරෙන්න ඇද්ද? කොච්චර දෙමවුපියන් අඩන්න ඇද්ද? ඒවා ඔහුට නොපෙනුනාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 78 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 178 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 136 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1454 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 432 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 725 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site