IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘චීස් වුණත් පරණ වුනාමයි රහ බං”

     එකමත් එක දවසක හිවල් වර්ණනාවට රැවටුණු කපුටා සහ කේජු කෑල්ලේ කථාවෙන් පසු 70 දශකයේ මැතිවරණ වේදිකා දෙවනත් කළ සුප‍්‍රසිද්ධ ඇන් ඇම්, කොල්වින්, කෙනමන්, ලෙස්ලි, පිලිප් ප‍්‍රධාන වාමාංශික නායකයන්ගේ දේශපාලන කතාවකින් නිතැනින් කියැවෙන ආහාර පාන වට්ටෝරුවක් තිබුණේය. ධනපති විරෝධි ඔවුන් ධනපති ක‍්‍රමයට පහර ගැසීමට සුවිශේෂි ආහාර වට්ටෝරු ඉදිරිපත් කළේය. චීස්, බටර්, හැම්, බේකන්, විස්කි, ජින්, බ‍්‍රැන්ඩි, වයින් එම වට්ටෝරුවයි. පසු කල ආර්. ආර්. සමරකෝන් ශූරීන්ගේ සුප‍්‍රසිද්ධ කැළණි පාලම වේදිකා නාටකයේ රඟපෑ නීල් අලස් හා මැණිකේ අත්තනායක අතර සිදුවන ආදර දෙබසක ; ‘‘චීස් වුනත් පරන වුනාමනේ රහ බං” යනුවෙන් පරණ චීස් වල ඇති රසය ගැන ආදරයට මුසු කොට වර්ණනා කරන්නේය. එකල ගම් වාසීන්ගේ  මනසට හා දිවට චීස් නොහොත් කේජු පරිණාමය වුයේ එසේය. ඒ එදාය. අද ගිහි පැවිදි සියල්ලෝම කේජු කති. ඉහත වට්ටෝරුවම හොදට භුක්ති විඳිති. කැළණි පාලමේ කිවන විදියට චීස් වල රස ඇත්තේ පරණ වුණාමය. චීස් ඉතිහාසය එයට සාක්කි දරයි. එම ඉතිහාසයේ ආරම්භය පෝෂණය කළ මුලික රටකි ප‍්‍රංශය.

     චීස් හෙවත් කේජු ආරම්භය ග‍්‍රීක හා රෝම අධිරාජ්‍ය පාලනය දක්වා අතීතයට දිව යන්නකි. එසේ වුවද 19 වැනි හා 20 වැනි සියවසෙන් පසු ප‍්‍රධාන ලෙස  චීස් නිෂ්පාදනය කොට වෙළඳ පොළට සපයන රටවල් බොහෝය.  ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, එංගලන්තය, නෙදර්ලන්තය, ඉතාලිය, පෘතුගාලය,ස්පාඤඤය, ඒ අතරින් කිහිපයකි. එසේ වුවද ප‍්‍රංශය ලොව පිළිගත් සුප‍්‍රසිද්ධ චීස් නිෂ්පාදනය කරන ප‍්‍රමුඛයාය. ඒ අතරින් ප‍්‍රංශයේ රොක්පෝර් චීස් වර්ගය එයට පමනක් ආවේනික රසක් ඇති ලොව ප‍්‍රසිද්ධ හා චීස් උපත සිදුකල චීස් මාතාවක් ලෙස සැළකේ. එබැවින් රොක්පෝර් චීස් ගැන දැන ගැනීම වටින්නේය. උසුළු විසුළු කතා අතරට පරණ චීස් රස බව ආරම්භ වන්නේ ඉහත  රොක්පෝර් චීස් සමගය. චීස් සදහා නීතිරීති, ප‍්‍රමිතිකරණ, ශ්‍රේණිකරන, පරීක්ෂණ, නව සෙවීම්, ආදි සියලූ දෑ ඇරඹෙමින් සමාජ ගත වන්නේ මෙම රොක්පෝර් චීස් සමගය. එබැවින් චීස් වල රජු හා චීස් රජු ලෙස චීස් සමාජයේ රොක්පෝර් ප‍්‍රධානියා ලෙස ලොව පිළිගන්නේය.

     ප‍්‍රංශයේ අග නගරය පැරීසියේ සිට කිලෝමීටර 742ක් දකුණු දිග ප‍්‍රංශයේ ඇව්රොන් යනුවෙන් හඳුන්වන ප‍්‍රංශ පරිපාලන පළාතට අයත් මුහුදු මට්ටමින් මීටර් 630ක උසකින් පිහිටී කුකුළාගේ ඇඬලීමෙන් අවදිවී රැහැයි හඬින් නින්දට යන පවුල් 679ක් ජීවත් වෙන ඉතාමත් රමණීය කඳු වළල්ලකට මැදිවු සශ‍්‍රීක සුන්දර ගමකි. රොක්පොර් එහි උපත ලද චීස් එම ගමේ නමින් අද ලොව ප‍්‍රචලිතවී ඇත්තේය. 14 වැනි සියවසේ ප‍්‍රංශයේ එම ප‍්‍රදේශය පාලනය කළ හයවැනි චාර්ල්ස් රජු සමයේ උපත ලබන ඉහත චීස් වර්ගය එකල රජ පවුලේ අහාර පාන අතරට එක්වීමෙන් පසු 1411 දි එම රජු විසින් සම්මත කළ අණ පනත් අතරින් මෙම ගමේ නිපැයූ චීස් මහජන ආහාරයට සුදුසු බව පිළිගෙන ඇත්තේය. ඉන් අනතුරුව 1666 දී ව්‍යාජ රොක්ෆෝර් සදහා නීතියක්ද 1925 ජූලි 25 වැනිදා රොක්ෆොර් නාමය නීති ගත කළ අතර චීස් සඳහා 1951 ජාත්‍යයන්තර ස්ටේ‍්‍රසා නීතියද, 1996 ජූනි 12 වැනිදා හා 2001 ජනවාරි 22 දා ද සම්මතවූ අණ පනත් මගින් චීස් ආහාරය සුරක්ෂිත කළේය. එය සිදු වුයේ ඉහත රොක්ෆොර් චීස් වර්ගය ප‍්‍රධානය.

      බැටළුවාගේ ගැහැණු සතාගේ කිරි මෙම චීස් නිශ්පාදනයට යොදා ගන්නේය. එසේ වුවද බැටළුවන්ගේ ලකෝන් යන කුලයට අයත් ගැහැණු සතාගේ කිරි පමණක් මේ සඳහා භාවිතා කිරීම විශේෂවේ. එම කුලයට අයත් බැටළුවන් 750,000ක් පමණ මේ වන විට ප‍්‍රංශයේ විවිධ ප‍්‍රදේශ ආශ‍්‍රිතව ජීවත් වන බව සංඝණන වාර්තා එළි දක්වා ඇත්තේය. දකුණු දිග ප‍්‍රංශයේ ඇව්රොන්, ත‍්‍රාන්, ලොෂේර්, ගාර්, එරෝට් හා  ඕඞ් යන පළාත් වල මෙම බැටළුවන් ජීවත් වන අතර ඔවුන් ඇති කරනුයේ මෙම චීස් සඳහාම පමණි. සාමාන්‍ය බැටළුවකුගේ කිරි ධාරිතාවය ලීටර් 400ක් වන විට මොවුන්ගේ ධාරිතාවය ලීටර් 240කි. එයද සුවිශේෂි කරුණකි. මොවුන් සියල්ලෝ සරු සාර තෘණ භූමී වාසියෝය. එයින් නිපැයුණු චීස් ගුලිය මහා කන්දක් පාමුල ඇති සොබාව ධර්මයාගේ විස්මිත නිපැයුමක් වූ බිංගෙයක අඩුම තරමින් මාස තුනක් සඟවා තබයි. ලොව ප‍්‍රචලිත රොක්ෆෝර් චීස් උපත ලබන්නේ මෙම ගුහාවේදීය. සේවකයෝ හැර කිසිවකුට එහි යා නොහැකිය.

      රොක්ෆෝර් ගම වට කර ඇති කඳු ගැටයක පාමුල පිහිටි මෙම බිං ගෙය ඉහත චීස් වර්ගයේ තිඹිරිගෙය ලෙස සැළකේ. සොබාව ධර්මයේ අනර්ඝ නිර්මාණයක් ලෙස ගොඩ නැගුණද වර්තමානය වන විට නවීන ක‍්‍රමයට පිලිසකර කොට දීර්ඝ කාලයක් භාවිතයට ගත හැකි ලෙස එම ගුහාව ගොඩ නගා ඇත්තේය. කිලෝමීටර 2ක් දිග මීටර් 30ක් පළල මෙම බිං ගෙය තුළ සියයට 95ක අර්ද්‍රතාව හෙවත් තෙතමනයද සෙන්ටිගේ‍්‍රඞ් 08 හා 10 අතර උෂ්ණත්ව පාලනයක්ද කිසිම යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතයකින් තොරව පාලනය වෙයි. මුළු අවුරුද්ද මුළුල්ලේම උෂ්ණත්ව පාලනය එළෙසම පවත්වා ගනී. අඩුම තරමින් මාස තුනක් මෙම පරිසරයේ තැන්පත් කරන චීස් වල ලා කොළ පැහැති දිලීරයක් ප‍්‍රජනනය කරවයි. අපේ සාමාන්‍ය වහරට අනුව එය පුස් වර්ගයක් ලෙස හඳුන්වන්නේය. දිලීරය වැඞීමෙන් පසු ඒ සදහා සුවිශේෂි රස බලන්නෙක් එයින් ඔහුගේ අනුමැතියෙන් පසු මහජන පරිහරණය සදහා එම චීස් වෙළඳ පොළට නිකුත් කැරෙයි.

   පසුගියදාා මියගිය වයස අවුරුදු 79ක් වයැසැති ප‍්‍රංශ ජාතික මොරිස් ඇස්ටුරුක් ඉහත චීස් වල පැරණිම රස පරීක්ෂක වුයේය. ඔහු ලෝක ප‍්‍රසිද්ධ චීස් රස පරීක්ෂකයෙකි. මෙලෙස බිහිවූ රොක්ෆෝර් චීස් ඈත අතීතයේ ඖෂධයක් ලෙස භාවිතා කිරීමට ප‍්‍රංශ වැසියෝ පුරුදුවී සිටියහ. වර්තමානයේ දහස් ගණනක් චීස් වර්ගවල උපත සිදු වන්නේ ප‍්‍රංශයේ රොක්ෆෝර් බිහිවීමත් සමගය. මෙම චීස් ග්‍රෑම් 100 ක ශ්‍රී ලංකාවේ මිල රුපියල් 800 කි. එබැවින් රොක්ෆෝර් චීස් වල රජු ලෙස ඉතිහාස ගතවී ඇත්තේය. ග‍්‍රීෂ්ම නිවාඩුවට ඉහත ග‍්‍රාමය දැක බලා චීස් රස බැලූ මම, තවත් දැවැන්ත විශ්මිත නිර්මාණයක්වූ ලෝකයේ උසම පාළම දැකබලා ගැනීමට පිටත් වූයෙමි. 

-------------

---------------01

Untitled-3

-----------

   

 

-----------------------------------  

 13-04-2012-12-h-17-mis-a-jour-le-13-04-2012-15-h-30-5_382822_510x255

22025068caves3-jpg

Untitled-2



අදහස් (0)

‘‘චීස් වුණත් පරණ වුනාමයි රහ බං”

සරත් හෙට්ටිආරච්චි පැරිස් Monday, 15 September 2014 07:30 PM

පෙනිසිලීන් චීස්වල අන්තර්ගත පුස් වර්ගය සාමාන්‍ය පුස් වර්ගයක් නොවෙයි.මෙම විශේෂිත පුස් වර්ගයේ අඩංගු වන්නේ (පෙනිසිලින්) නම් ප්‍රතිශක්තිකරන කාරකයයි. වැඩිදුර තොරතුරු සොයන්නෙකුට අන්තර්ජාලයෙන් විමසා බලන්න (නි)

:       0       0

නිරාන් Monday, 15 September 2014 06:20 AM

වැදගත් ලස්සන ලිපියක් ඉස්තූතී ඔබට (අ)

:       0       0

සුනිල් මාපලගම Sunday, 14 September 2014 10:03 AM

චීස් හෙවත් කේජු ප්‍රංශ භාෂාවෙන් ෆ්රෝමාජ් කියලා කියන්නේ. එහෙත් සෑම චීස් වර්ගයක්ම පරණ කරන්නේ නැහැ. බහුතර චීස් ( කේජු ) පරණ කරාම තමා රසය සහ වටිනා කම වැඩි වන්නේ (නදී)

:       0       0

උදය Monday, 15 September 2014 09:56 PM

නීල්, වයින් විතරක් නෙමෙයි, සමහර අයත් පරණ වෙන තරමට තමයි හොඳ (නි)

:       0       0

චමින්ද Sunday, 14 September 2014 10:28 AM

මේ දිලීර සැදුනු චීස්, සාමාන්‍ය චීස් වලට සාපේක්ෂව බැලුවහම මිල ඉතා අධිකයි. හැබැයි, කනකොට අමුතු ගතියකුත් තියෙනවා. (නදී)

:       0       0

ගයාන් Sunday, 14 September 2014 10:52 AM

පුස් කාපු චීස් විතරක් නෙමේ ඉහඳ පනුවෝ ඉන්න චීස් පවා තියෙනවා ඒවත් හොඳ ගණන්ලු .යුරෝපයේ මිනිස්සු ඒවා රස කර කර කන්නේ (ස)

:       0       0

ශීලා Sunday, 14 September 2014 11:06 AM

මන් නම් කැමතිම කමම්බෙයාර් චීස් වලට. (ස)

:       0       0

ජයත් Monday, 15 September 2014 08:06 AM

කාලීන ලිපියක් ස්තුතියි ලංකාදීප !(දිල්)

:       0       0

සමන්ති Tuesday, 16 September 2014 12:14 AM

ජාඩි කරවල පරණ වෙලා පණුවෝ ඉන්නකොට කෑමට ගන්නවා (නි)

:       0       0

නලින් යහම්පත් Sunday, 14 September 2014 04:43 PM

තව ගොඩාක් චීස් වර්ග තිබෙනවා අමු කිරි වලින් සාදන. ඒවා තමා දවස් දෙකක් තුනක් යන විට ගඳ ගසන්නේ. ගඳ ගසන තරමටම රසයත් වැඩිවෙනවා (නි)

:       0       0

තන්තුලගේ අමිල Sunday, 14 September 2014 05:28 PM

චීස් පනුවෝ එක්ක කනවා හරි රසයි. (නදී)

:       0       0

ක්‍රිෂ් Sunday, 14 September 2014 06:17 PM

ප්‍රංශයේ චීස් වර්ග 500 ක් පමණ වේ. එමෙන්ම වීනයේ වර්ග 400 කට අධික වේ (නි)

:       0       0

ක්‍රිස් Sunday, 14 September 2014 06:28 PM

චීස් වර්ග මුලින්ම සොයාගත්තේ අරාබි ජාතිකයන්ය.කාන්තාරේ යනවිට ඔවුන් ඔටු කිරි ඔටුවගේ බොක්කේ දමාගෙන දුරගමන් කරද්දී .සුර්ය රස්නයට කිරිවල තිබෙන වතුර ඉවත් වී කිරි ඝණ බවට පත් වී තිබෙන අයුරු ඔවුන් දුටුවා. ඒ අනුව ඔවුන් නිගමනයකට ආවා කිරි වල වතුර ඉවත්කර කල්තබා ගැනීමෙන් රසවත් කේජු හෙවත් චීස් සාදාගත හැකි බව (නි)

:       0       0

නීලා Sunday, 14 September 2014 08:59 PM

චීස් විතරක් නෙමෙයි, විස්කි වයින් වුණත් පරණ වුණහම තමා හොඳ. (නි)

:       0       0

හැරිසන් Sunday, 14 September 2014 09:01 PM

වැදගත් ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 82 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 189 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 139 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1458 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 433 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 741 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site