කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජන වී යළි වෙනිසියුලාවට පැමිණි එරට සමාජවාදී නායක හියුගෝ චාවේස්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව වෙනිසියුලානු රජය ඊයේ (5) නිවේදනය කළේය.
එම කනගාටුදායක පුවත ඇසීමෙන් වෙනිසියුලා ජනතාව කම්පනයට පත් ව ඇතැයිද එරට මාධ්‍ය වාර්තා කරයි. වෙනිසියුලාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසන්නේ චාවේස් මියගොස් ඇති බවත් රජය එය වසං කරන බවත්ය.
පිළිකා සැත්කමින් පසු චාවේස් පෙනහළු ආසාදනයකට ලක් විය. වෙනිසියුලා රජය පැවැසුවේ මේ වනවිට එම පෙනහළු ආසාදනය උග‍්‍ර අතට හැරී ඇති බවය.
කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජන වී මාස දෙකකට ආසන්න කාලයක් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ චාවේස් යළි වෙනිසියුලාවට පැමිණියේ ඉකුත් 18 වැනිදාය.
කැරකස් නුවරට ගෙනා චාවේස් වහාම හමුදා රෝහලකට ඇතුළත් කෙරුණි. තම ආදරණීය නායකයා යළි පැමිණෙනු දැක ගැනීමට මිලියන හතරකට වැඩි පිරිසක් කැරකස් නුවරත් එරට ජාත්‍යන්තර ගුවන් තොටුපොළටත් රැස්ව සිටියහ. එහෙත් ඔවුන්ට චාවේස් දැක ගැනීමට අවස්ථාවක් නොලැබිණි.
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
චාවේස්ට බරපතළයි ...
දිසානායක Wednesday, 06 March 2013 11:09 AM
අධිරාජ්‍යවාදීන්ට බය නැති නායකයෙක්. (නි)