IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘චීන හමුදාව සුවිශේෂී බලකායක් විය යුතුයි‘-චීන ජනපති

චීන හමුදාව සුවිශේෂී බලකායක් බවට පත්විය යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පින්ග් අද (30) ප්‍රකාශ කළේය.

චීන නිදහස් හමුදාව ආරම්භ කර වසර 90ක් පිරීම නිමිත්තෙන් පැවැති හමුදා ආචාර පෙළපාලිය අමතමින් ෂී ජින්පින්ග් ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේය. 

හමුදා පෙළපාලියට නව තාක්ෂණයෙන් යුතු ජෙට් යානා ඇතුළු නවීන අංගෝපාංග එක් කර තිබූ අතර චීන හමුදාවේ යුද ශක්තිය පිළිඹිඹු කරමින් දැවැන්ත ආචාර පෙළපාලියක් පැවැත්වීමට චීනය කටයුතු කර තිබිණි.

චීන හමුදාව ලොව විශාලතම හමුදාව වන අතර මේ වනවිට චීන හමුදාව තුළ නවීකරණය කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතියි. ඒ සඳහා චීන ආණ්ඩුව අතිවිශාල ආයෝජනයක් කර තිබෙන අතර නව තාක්ෂණය, නවීන අංග උපාංග සහ රේඩාර් පද්ධතිවලට හසු නොවන අයුරින් ගමන් කළ හැකි ගුවන් යානා නිර්මාණය කිරීම ද එම වැඩසටහනට ඇතුළත්ය. 

උතුරු චීනයේ මොංගෝලියා කලාපයට ආසන්නයේ පිහිටි ෂූරිචේ හිදි මෙම දැවැන්ත හමුදා ආචාර පෙළපාලිය පැවැත්වුණු අතර චීන ජනාධිපතිවරයා ජීප් රථයක නැගී ආචාර පෙළපාලිය නිරීක්ෂණය කිරීමේද යෙදුණේය.

ජිප් රථයේ නැගී ආචාර පෙළපාලිය නිරීක්ෂණයේ යෙදෙන අතරවාරයේදී චීන ජනාධිපතිවරයා “සහෝදරවරුන්, සහෝදරවරුන්, ඔබ වෙහෙස වී සේවය කරනවා” යනුවෙන් කී බව ද වාර්තා විය.

තවදුරටත් හමුදාව අමතමින්, “ජනතාව වෙනුවෙන් සේවය කරන්න, පක්ෂය අනුගමනය කරන්න, ජයග්‍රහණය සඳහා සටන් වදින්න සහ ආදර්ශමත්ව හැසිරෙන්න” යනුවෙන් හඬ නගමින් කී බව ද වාර්තා විය.

ආචාර පෙළපාලියට න්‍යෂ්ටික අවි ශීර්ෂ සහිත මිසයිල රැගත් රථ ද එක් කර තිබූ බව වාර්තා විය. ආචාර පෙළපාලිය අතවාරයේදී නව තාක්ෂණයෙන් යුතු ප්‍රහාරක ජෙට් යානාවල සංදර්ශනයක් තිබූ බව ද වාර්තා විය. 

(රොයිටර්- 055)



අදහස් (1)

‘චීන හමුදාව සුවිශේෂී බලකායක් විය යුතුයි‘-චීන ජනපති

menna Sunday, 30 July 2017 01:21 PM

චීනයට ජනපති කෙනක් ඉන්නවද?

:       3       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 3677 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 339 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2423 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 70 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


පාකිස්තානයේ අතුරුමැතිවරණයක්
2024 අප්‍රේල් මස 22 37 0

පාකිස්තානයේ අතුරු මැතිවරණයක් පැවැත්විණි. ඒ, එරට ජාතික සහ පළාත් සභා 21 ක් වෙනුවෙන් නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.


මෝදි කොංග්‍රස් පක්ෂයට දෙහි කපයි
2024 අප්‍රේල් මස 21 248 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයට දොස් නැගීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1614 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site