තම යුද නැව් වලට වත්මන් ශී‍්‍ර ලංකා රජය යටතේ ශී‍්‍ර ලංකා වරායන්ගේ දොර වැසී ඇති හෙයින් ඒ වෙනුවට පකිස්තානයේ ග්වාදාර් වරාය තෝරාගැනීමට චීනය සැරසේ.
ග්වාදාර් වරාය සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙන අතර පකිස්තානය හා චීනය යා කරමින් වෙළද මාවතක් ඇති කිරීමද මෙම වරාය සංවර්ධනය කිරීමේ එක් අරමුණකි.
කෙසේ වුවත් ග්වදාර් වරාය පිහිටි ප්‍රදේශයේ පානීය ජලය සපයා ගැනීමේ ගැටලූ, ගොඩනැගිලි සම්බන්ධ ගැටලූ හා ප්‍රධාන කොටම අවිගත් කණ්ඩායම් වලින් එල්ල වන ප්රහාරයන් ගැන සැළකිලිමත් වීමට චීනයට සිදුව තිබේ.
කල්ගත විය හැකිවුවත් මෙම බාධක ජයගැනීම ගැටලූවක් නොවන බව චීන විශේෂඥයින්ගේ අදහසයි.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
චීන යුද නැව් පකිස්ථානයට හැරේ ?
ජයලත් Friday, 17 April 2015 08:36 AM
රසික ඔයා නම් හරියටම හරි ඉන්දියාව කවදාවත්ම අපේ අවංක මිතුරෙක් උනේ නැහැ නමුත් චීනය එහෙම නෙමෙයි ඔවුන් උදව් කළේ අවංකව ( මේකෙන් මම අදහස් කරන්නේ නැහැ මේ රට චීන්නුන්ට ලියලදෙන්න ඕන කියල ) (බ)
නිපුන් Friday, 17 April 2015 08:48 AM
චීනයෙන් ඈත්වෙන තරමට හොඳයි. චීනය කියන්නේ දූශිත ඒකාධිපති රටක්. ඉන්දියාව හෝ බටහිර වගේ ප්රජාතන්ත්රවාදයක් චීනයේ නැහැ. අපි එක්විය යුත්තේ ඇමරිකාව,යුරෝපය, ඉන්දියාව, ජපානය වැනි දියුණු, ප්රජාතන්ත්රවාදී රටවල් සමඟයි. (නි)
සංජීව Friday, 17 April 2015 08:49 AM
රසිකා , චීනෙට ළංවීමේ විපාක දැනෙන්න තිබුනා තවත් අරයා බලයේ හිටියා නම්. දැනටමත් ලංකාව චීනෙට ණය (වාණිජ බැංකු වලින් ගත් ණය 8% පොලියට ) වෙලා තිබෙන හැටි දැක්කහම මොළේ තියෙන කෙනෙක්ට ඒක හොඳටම තේරුම් යනවා (නි)
කමණි Monday, 20 April 2015 01:08 PM
රසික කියන්නේ ඇත්ත. ඉන්දියාව කවදත් ලංකාවට හොඳක් කරන්න කැමති රටක් නොවේ. චීනය කවදත් ලංකාවට අවංකව උපකාර කරපු රටක්. (නි)
ප්‍රදීප් Friday, 17 April 2015 09:55 PM
අනුරුද්දගේ කතාව හරියට හරි. අපේ සමහර වාමාංශික අය කියුබාව ගැන කතාකරන්නෙත් ඒ වගේ (නි)
ඇසළ Friday, 17 April 2015 09:52 AM
ඇමරිකාවත් යුරෝපයත් දැන් චීනයට ණයවෙලා ඉන්නේ. තව අවුරුදු 5 ක් යන්න පෙර චීනය ලෝක බලවතා වෙනවා. ඇමරිකාවට යුරෝපයට කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. හැම විටම අපි බලන්න ඕනේ බලවත් ජාතිය සමග හොදින් ඉන්න. ඒ කියන්නේ රට චීනයට විකුනන එක නෙමෙයි. (බ)
රසික Friday, 17 April 2015 09:54 AM
ජයලත්, චීනයට අවශ්‍ය එයාලගේ වෙළඳ මාර්ගය නිරුපද්‍රිතව සකසා ගන්න. ඉන් හුවමාරුවට ඒ ඒ රටවල සංවර්ධනයට දායක වෙනවා. එය දශක ගණනාවක සැලසුමක්. ඉන්දියාවට තියෙන්නේ එයාලගේ වෙළඳපොල සහ අධිකාරිත්වය ගැන ගැටළු පමණි, සහ චීනයේ නැගිටීම ගැන හීන මානයක්. හොදින් මතක තබා ගන්න, ඉන්දියාව කිසි දිනක ලංකාවේ ආර්ථික වර්දනය ඉවසන්නේ නැහැ. මොකද ලංකාව් ඉන්දියාවේ කුණු ගොඩවල් විකුන්නන්න තියන හොඳම වෙළඳපොළ. නුතන උදාහරණ වලට ගත්තොත්, යේමනයේ ශ්‍රී ලාංකිකයින් ගෙන්වාගැනීමත් ඉන්දියාව ප්‍රතික්ෂේප කළා. චීනයයි ඉදිරිපත් උනේ. (බ)
රසිකා Friday, 17 April 2015 10:01 AM
ඉන්දියාව ලංකාවේ නිෂ්පාදන කඩාකප්පල් කළ ඉන්දියන් ජරාව ගෙනල්ලා තේ නිෂ්පාදනය බංකොලොත් කළා ඉන්දියන් සමාගම් හරහා තේ වතු මිලදීගෙන. කැළණි ටයර් සමාගම සහ මුලින්ම ඉන්දියන් කළා. කලක් සුව පහසුව තිබුණි ලංකාවේ ජපන් බස් දුර ගමන් සේවාව විනාශ කළා. ඉන්දියන් බස් දාලා පාරවල් විනාශ කළා ත්‍රීවීල් ගෙනල්ලා සංස්කෘතිය , මනස වීනාශ කළා ජරා ඉන්දියන් රුපවාහිනී නාට්‍ය ගෙනල්ලා මත්තල සහ පොර්ට් සිටි, හෝටල් සංවර්ධන ව්‍යපෘති නතර කරලා ඒවායින් ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු වන නිසා . ලංකාවේ මිනිසුන් වඳවීගෙන යන පරම්පරාවක් වෙලා. (බ)
අනුරුද්ද Friday, 17 April 2015 11:01 AM
සමහර අය චීන්නු ගැන කතා කරන්නේ ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ. දැන් ඔය කට්ටියගෙන් චීනයට ගිහින් තිබෙන, චීන්නු එක්ක වැඩකරලා තිබෙන කීදෙනෙක් ඉන්නවද? චීනය ටීවී එකේ විතරක් දැකපු අය කීදෙනෙක් ඉන්නවද ? (නි)
ගයන් Saturday, 18 April 2015 03:53 AM
දැන් පේනවා යහපාලනයේ තියෙන දන උල්පත්. සම්පත් නැතිවේගන යනවා. (නදී)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 19 April 2015 07:20 PM
චීනේ අපිට උදව් කලේ අද ඊයේ නොවේ......බණ්ඩාරනායක ...මැතිනිය ...ඉන්න දවස් වලත් ඊට පසුවත් උදව් කළා ...චීන යුද නැව් කීයක් නම් නාවික හමුදාවට දීල තිබුනද? ...එදා ඉඳල එහෙම අදහස් තිබුනානම් දැනටමත් පැත්තක් චීනේ අරන් ඉවරය් ....සොපීට තිබුන මොලේ සංජීවට තිබුන නම්????එත් සංජීව සංජයගෙන් වත් නොදන්නාදේ අහගන්න ලජ්ජවෙන්නේ නැතුව....ඕවට බෙහෙත් නෑ...(ස)
සංජය Saturday, 18 April 2015 04:38 AM
චීනය නරක වෙන්නේ කොහොමද නිපුන්. අපිට යුධ අපරාධ චෝදනා එල්ල වෙද්දී අපේ සහයට හිටියේ චීනය රුසියාව. ඔය කියන යුරෝපය වත් ඇමරිකාව වත් නෙවේ. කොහොමත් ඇමෙරිකාව ලෝකයේ මොන රටකට වත් දුන්න දෙයක් නැහැ විනාශ කරා මිසක් (නදී)
ප්‍රදීප් Friday, 17 April 2015 12:37 PM
අපිට හොඳ නායකයෙක් අවශ්‍යයි (නි)
නිමල් ලලිතා Sunday, 19 April 2015 09:55 AM
මටත් කියන්න තියෙන්නේ රටට ජාතියට ඇත්ත වශයෙන්ම ආදරය කරන ජන නායකයෙකුත්,රටට ජනතාවට ඇත්ත පහදා දෙන බෞද්ද භික්ෂුන් වහන්සේලාත් ලැබේවා යන්න පමණි. නමුත් එය සිදු වේවිද?(නදී)
රසිකා Saturday, 18 April 2015 06:27 AM
අනුරුද්ද, ප්‍රදීප්, චීනයේ මිනිස්සු කරන්නේ මොනවද කියල අපිට වැදගත් නැහැ. වැදගත් වෙන්නේ චීන රජයේ අන්තර්ජාතික වැඩපිළිවෙලින් ලංකාවේ සංවර්දනයට දායක කරගත හැකි ක්‍රමවේද ගැන. සංජීව, ඔයා හිතන විදිහට 8% පොලියද හොඳ 12.5% භාණ්ඩාගාර බිල්පත්ද? චීනය ලංකාවේ බොහොමයක් සංවර්දන ව්‍යපෘති කලේ ඒ ව්‍යපෘති වලින් ඒ අය පරිබෝජනය කරන කාලයෙන් කැපී යන විදිහට. උදා: හම්බන්තොට වරාය චීන නාවික යාත්‍රාවලට අවුරුදු 20 යනකන් මුදල් ගෙව්ව්මක් නැහැ. ඒ වෙනුවෙන් ලංකාවට වරාය හදන්නේ ලංකාවෙන් ආයෝජනයක් නැතුව. පොර්ට් සිටි එකත් ඒ වගේ. කියවන්න : http://www.automotivelogisticsmagazine.com/intelligence/the-unexpected-rise-of-hambantota-port
රූපසිංහ Tuesday, 21 April 2015 07:17 AM
දැන් ඉතින් අපිට වෙන්නේ ඉන්දියාවේ කොළනියක් වෙන්න තමයි (නි)
දුමින්ද Friday, 17 April 2015 06:50 AM
චීනා හපනා! (නි)
සොපී Saturday, 18 April 2015 06:58 AM
ඔය මහා ලොකුයි කියන රටවල් අපිව සුරාකන්න මිසක් වෙනදේකට ළංවෙන්නේ නැහැ. (නි)
තිස්ස Saturday, 18 April 2015 07:06 AM
අතට ආපු වාසනාව කටට ඔබාගන්න පින් කරලා නැහැනේ (නි)
දොන් Tuesday, 21 April 2015 12:43 AM
චීනය ළංකර ගත්තාට කමක් නැහැ. ඉන්දියාවට වැඩිය හොඳයි (නි)
රසිකා Friday, 17 April 2015 06:59 AM
චීනය අතහැර ඉන්දියාව තෝරාගැනීමේ විපාක ඉදිරියේදී ලංකාවටත් දැක ගැනීමට පුළුවන්. (නි)