IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


චීන මහා ප්‍රාකාරයත් අනතුරේ

ලෝක උරුමයක්වන චීන මහා ප්‍රාකාරයෙන් සියයට 30ක පමණ ප්‍රමාණයක් අහිතකර ස්වභාවික තත්ත්වයන් හා මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශවී යමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

චීන මහා ප්‍රාකාරය නොකැඩුණු තනි ආකෘතියක් නොවේ. කිලෝ මීටර 21195ක් පුරා පැති ඇති මෙය චීනයේ නැගෙනහිර වෙරළ තීරයේ ෂැංහයිගුඅන් සිට ගෝබි කාන්තාරය දක්වා පැතිර ඇත.

එරට බලධාරීන් පවසන්නේ ප්‍රාකාරයෙන් කිලෝ මීටර 9000ක පමණ ප්‍රමාණයක් විනාශ වෙමින් පවතින බවයි. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ දී ඉදිකිරීම් ආරම්භ කළ එහි කිලෝ මීටර 6300ට වැඩි කොටසක් ගොඩනගා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1368 ත් 1644ත් අතර මිංග් රාජ වංශය කාලයේ දී ය. ඒ චීනයේ බීජිං අගනුවරට නැගෙනහිරින් ඇති කොටසයි.

බීජිං ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ චින මහා ප්‍රාකාරයෙන් කිලෝ මීටර 1862ක් දැනටමත් විනාශ වී ඇති බවයි. ඇතැම් ඉදිකිරීම් වැසි හා සුළං තත්ත්වයන් හේතුවෙන් විනාශ වී ඇතැයි ද බිත්තිමත ගස් වැවීමෙන් විශාල හානියක් සිදුවන්නේ යැයි ද එම පුවත් සේවය පවසයි.

චීන මහා ප්‍රාකාර සංගමයේ උප සභාපති ඩොන් යවොහුයි බීජින් ටයිම්ස් පුවත්පතට මෙසේ කියා ඇත.

" මෙම ප්‍රාකාරයේ බොහෝ කුළුනු තදින් සෙලවෙමින් පවතිනවා. ඒ වගේ ම ඉදිරි වර්ෂා කාලයේ දී මේ කොටස් කඩා වැටෙන්න ඉඩ තිබෙනවා. මෙය ලෝකයේ මානවයන් විසින් කරන ලද දිගම ඉදිකිරීමයි. එය මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ම විනාශ වී යාම ඛේදජනකයි. “

චීනයේ නැගෙනහිර පළාතේ පිහිටි හුබේ හි ලුලොන් දිස්ත්‍රික්කයේ ඇතැම් දුප්පත් ගැමියන් මෙහි ඇති පිලිස්සුණු ඝනකම ගඩොල් ගලවාගෙන ගොස් තම නිවාස සෑදීමට යොදාගෙන ඇතැයි ද ඔහු පවසයි.

චීන අකුරු කොටා ඇති ගල් පතුරු යුආන් 30 ගණනේ එනම් ඇමරිකානු ඩොලර් 4.80 ගණනේ විකිණන බවත් හෙලිවි ඇත.

චීන රජයට අයත් ග්ලෝබල් ටයිම්ස් පුවත් පත වාර්තා කලේ එරට නීති රිති වලට අනුව චීන මහා ප්‍රාකාරයේ ගඩොලක් ලගතබා ගන්නා පුද්ගලයෙකුගෙන් යුආන් 5000 ක් දඩ ගැසිමට හැකියාව පවතින බවයි. නීති ක්‍රියාවට නැංවීම සඳහා විශේෂිත වූ ආයතනයක් නොමැති වීම මෙය පාලනය කිරීමට ඇති ප්‍රධාන ගැටළුවකි.

තව දුරටත් මෙම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ චීන මහා ප්‍රාකාරයේ සංවර්ධනය නොවු ප්‍රදේශ ගවේෂණය කිරිම විනෝද ක්‍රියාවක් ලෙස මැත කාලයේ ජනප්‍රිය විමේ හේතුවෙන්ද ප්‍රාකාරයට බලවත් ලෙස හානි පැමිණ ඇති බවයි.



අදහස් (8)

චීන මහා ප්‍රාකාරයත් අනතුරේ

කරුණාරත්න Saturday, 11 July 2015 06:05 PM

අපරාදේ මේ ලෝක උරුමය! (නි)

:       0       0

කමල් Sunday, 12 July 2015 10:35 AM

චීන බඩුවක් මෙච්චරකල් තිබුන එක තමා ප්‍රශ්නේ (බ)

:       0       0

ටොම් Monday, 13 July 2015 12:22 PM

මෙවන් උරුමයන් රැකගන්න ඉක්මණින් කටයුතු කළයුතුයි නේද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 14 July 2015 08:22 AM

චිනේ හදපු මෙතුවක් කල් රැකුණා පුදුමයක් වුණා සංසාරේ සංසාරේ (ම)

:       0       0

වසන්ත Tuesday, 14 July 2015 08:36 AM

චීනය ගැන අඩු තක්සේරු කරන්න එපා. අපට බාල බඩුවක්වක් / ඉදිකටුවක්වත් හදාගන්න හැතිද. ඔවුන් දැන් තත්ත්වය ගැන සිතනවා මම චීනයට ගිහින් දැකලා තියන නිසායි කියන්නේ අද අැමරිකාවත් චීනයට ණයයි/ බයයි අප ළංකර ගත යුතු හොඳම රට (බ)

:       0       0

සන්ධ්‍යා Sunday, 12 July 2015 07:16 AM

ඔය චීන බඩු ඔහොම තමා. බාල ගඩොල් වලින් වෙන්න ඇති හදල තියෙන්නේ. අහල නැතිද චිනේ ඔක්කොම බාල බඩු කියල. (බ)

:       0       0

චාමි Saturday, 11 July 2015 03:16 AM

සැම දෙයක්ම කවදා හෝ නැතිවෙනවා. සදාකාලික දෙයක් කොහෙවත් නෑ.(නදී)

:       0       0

ලොසත් බානුල Saturday, 07 August 2021 05:46 PM

මම මේ පිටුවෙන් ගොඩක් දැනුම ගත්තා...

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 159 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 85 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 6847 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 86 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 402 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 728 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site