IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


චීන - ජපන් දුපත් ආරවුල යුද්ධයකට හැරෙයිද?

චීන මුහුදේ මිනිස් වාසයක් නැති කුඩා දුපත් කීපයක අයිතිය පිළිබඳව නැගෙනහිර ආසියාවේ බලවත් රාජ්‍ය දෙක වන චීනය හා ජපානය අතර හටගෙන ඇති ආරවුල මහා පරිමාණයේ යුද්ධයක් බවට පත්වීමේ අනතුර උත්සන්න වෙමින් පවතී. පසුගිය මාසයේ පැවැති මහා මැතිවරණයේදී ජපන් බසින් සෙන්කකු නමින් හැඳින්වෙන මෙම දුපත්වල අයිතිය තම විදේශ ප‍්‍රතිපත්තියේ වැදගත්ම මාතෘකාවක් කර ගත් ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂයේ නායක ෂින්සෝ අබේ අගමැති තනතුර භාර ගත් පසු ජපන් රාජ්‍යයට අයත් භූමිය ජලය හා අහස පිළිබඳ අයිතිය සඳහා අවසානය දක්වාම කැප වෙන බව නැවත අවධාරණය කළේය. ඉන් පසුව චීන මුහුදේ ස්වැට්ල් දුපත්වල අයිතිය ගැන චීනය සමග ආරවුල් පවතින වියට්නාමය තායිලන්තය හා ඉන්දුනීසියාව යන රටවල කෙටි සංචාරයක් කළේ චීනයට එරෙහිව පෙරමුණක් ගොඩ නගා ගැනීමේ ඉඩකඩ සොයා බැලීමට විය යුතුය. ජපන් විදේශ ඇමැති ෂැමියෝ කිෂිඩා වොෂින්ටනයට ගොස් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඇතුළු රාජ්‍ය නායකයින් හමු වීමද වැදගත්ය.

ජපන් වෙරළ ආරක්ෂක බලකාය


මේ අතර තුර චීනය ද දුපත් පිළිබඳ තම අයිතිය තහවුරු කිරීමට පියවර ගත්තේ ඒ අවට මුහුදේ සිය නාවික බලය තර කිරීමෙන් හා නිරීක්ෂණ ගුවන් යානා එම ප‍්‍රදේශයට යැවීමෙනි. ඊට ප‍්‍රතිචාර වශයෙන් ජපානය සිය ගුවන් හමුදාවට අයත් යානා එම ප‍්‍රදේශයට පිටත් කර හැරි විට චීනයද සිය ප‍්‍රහාරක ගුවන් යානා එම ප‍්‍රදේශයට යැව්වේය. තම ගුවන් තලයට හා සාගර ප‍්‍රදේශයට ඇතුළු වන ගුවන් යානා වලට හා නාවික යාත‍්‍රා වලට අනතුරු හැඟවීමේ සංඥා වශයෙන් ආලෝක වෙඩි ප‍්‍රහාර නිකුත් කිරීමට තමන් නියෝග කළ බව ජපන් අගමැති ෂින්සෝ අබේ ප‍්‍රකාශ කළේ තත්ත්වය වඩාත් උණුසුම් කරමිනි. මේ අතර ජපන් විදේශ ඇමැති සමග පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව ප‍්‍රකාශයක් කළ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් දුපත්වල අයිතිය පිළිබඳව ජපානයේ තත්ත්වය යටපත් කරන ඒක පාර්ශවීය කුමන පියවරකට හෝ එක්සත් ජනපදය විරුද්ධ වන බව පැවසුවාය. ලෝකයේ දෙවන හා තෙවන විශාල ආර්ථිකයන් අතර හට ගෙන ඇති මෙම ආරවුල් සාකච්ඡුා මාර්ගයෙන් විසඳා ගත යුතු බව කියමින් රාජ්‍ය ලේකම් වරිය මෙවැනි ප‍්‍රකාශයක් කළේ ජපානය සමග අත්සන් කර ඇති ආරක්ෂක ගිවිසුම් අනුව වෙනත් රටකින් එල්ල වන ප‍්‍රහාරයකදී ඇමෙරිකානු සහයෝගය ලබා දීමට ඇති එකඟතාවය සිහිපත් කරමිනි.

මෙම ආරවුලට අනියමින් දායක වන එක්සත් ජනපදය වචන යොදා ගැනීමේදී වඩාත් පරිස්සම් වීම යුතු බව චීනය පෙන්වා දුන්නාය. ජනාධිපති ඔබාමා ගේ පැසිපික් කේන්ද්‍රීය ප‍්‍රතිපත්තිය යටතේ චීනයට එරෙහිව පෙරමුණක් ගොඩ නැගීම හා පැසිපික් කලාපයේ නාවික හා හමුදා බලය තර කිරීමට සැලසුම් කිරීමද චීනය තමාට අභියෝගයක් වන බව දන්නා නිසා රාජ්‍ය ලේකම්වරියගේ ප‍්‍රකාශය හිස් තර්ජනයක් නොවන බව දනී. එම නිසා සිය නාවික ගමනා ගමනයේ ආරක්ෂාව සහතික කිරීමට චීන මුහුදේ මෙම දුපත්වල අයිතිය තීරණාත්මක බව දන්නා චීනය ඒ සම්බන්ධයෙන් ඇතිවන ගැටලූ හෝ මතභේද දකින්නේ ජාතික ආරක්ෂාවට බලපාන ප‍්‍රශ්නයක් සේය. දශක ගණනාවක් තිස්සේ පසුබෑමට ලක්ව ඇති ජපන් ආර්ථිකය ගොඩ ගැනීමට සහ ජපන් දේශපාලකයන් ගැන ජනතාව තුළ ඇති අප‍්‍රසාදය යටපත් කිරීමට සුදුසුම ක‍්‍රියා මාර්ගය වන්නේ මෙවැනි සිද්ධීන් ඔස්සේ ‘ජාති පේ‍්‍රමය’ උත්සන් කිරීම බව දෙවන වරටත් අගමැති තනතුරට පත්වූවත් ආර්ථිකය ගොඩ ගැනීමේ පැහැදිලි වැඩ පිළිවෙලක් නැති අගමැති ෂින්සො අබේ ද දනී.

ජපානයට එරෙහිව චීනයෙන් දැඩි විරෝධතා


චීනය ඉදිරිපත් කරන ඓතිහාසික සාධක අනුව ජපානය මෙම දුපත් අයිතිකර ගෙන ඇත්තේ 1894-95 කාලයේදී ඇතිවූ චීන ජපන් යුද්ධයෙන් පසුවය. ඉන්පසු දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජයට පත් වීම නිසා ජයග‍්‍රාහී එක්සත් ජනපදය ඔකිනාවා ඇතුළු මෙම දුපත් 1971 දක්වාම සිය පාලනය යටතට ගෙන තිබිණ. එම වසරේදී ජපන් රජය හා එක්සත් ජනපදය අතර ඇති කර ගත් ගිවිසුමක් අනුව ඔකිනාවා සහ ජපන් බසින් සෙන්කකු නමින් හැඳින්වෙන මෙම දුපත්වල පරිපාලනය ජපානයට පැවරිණ. චීනය දිගින් දිගටම මෙම දුපත්වල අයිතිය ඉල්ලා සිටියද තත්ත්වය වඩාත් උණුසුම් වූයේ පසුගිය වසරේදී ජපන් රජය මෙම දුපත් ජනසතු කිරීමත් සමගය. පැහැදිලිවම රජයේ අනුබලය ඇතිව චීනය පුරාම පැතිර ගිය ජපන් විරෝධී උද්ඝෝෂණ රැල්ල නිසා දෙරට අතර වෙළඳාම හා ආයෝජනය බිඳ වැටීමටද ආසන්න තත්ත්වයකට පත් විය. නැගී එන චීනයේ හමුදා බල ශක්තියට අභියෝග කිරීමට මෙය සුදුසුම අවස්ථාවක් කර ගත් එක්සත් ජනපදය ආරක්ෂක ගිවිසුම හා රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා තුළින් වඩාත් සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය කිරීමට දායක වූ බව පැහැදිලිය. කෙසේ වුවත් මෙම දුපත් වල අයිතිය සඳහා ඇති වන ගැටුම් මහා පරිමාණයේ යුද්ධයක් බවට පත්වීමේ අනතුරු කිසිවෙකුට බැහැර කළ නොහැකිය.

එම නිසා ජපාන සභාග රජයේ කුඩා හවුල්කරුවෙකු වන කොමිටෝ පක්ෂය මේ සතියේදී චීනයට යෑමට සූදානමෙන් සිටී. එහිදී ඔවුන් ජපන් අගමැති වරයා තම අත් අකුරෙන් ලියන ලද ලිපියක් චීන ජනාධිපති සී. ජිත්ෂින්ට භාර දීමට සැලසුම් කර තිබුණද ඊට අවස්ථාවක් ලැබෙන්නේ ද යන්න තවම පැහැදිලි නැත. ඒ අතර මෙම දුපත් වල අයිතිය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බව පවසන ජපානයේ හිටපු අගමැති වරයෙකු වූ හංතායාමා ද පසුගියදා බීජින් නගරයට ගියේය. ඉන් පැහැදිලි වන්නේ අගමැති ෂින්සෝ අබේ රණ හඬ නැගුවද සාමය අගයන පිරිස් ද ජපානයේ ක‍්‍රියාත්මක වීමයි. එහෙත් එවැනි උත්සාහයක් යටපත් කිරීම ජාත්‍යන්තර බලවතුන්ගේ ද අවශ්‍යතාවයක් වන නිසා යුද්ධයෙන් සිදු විය හැකි හානිය දැක ඇතත් වෙනත් විකල්ප බැහැර කිරීමේ ප‍්‍රවණතාවයක් පැවතීමද අමතක කළ යුතු නොවේ. ඒ යුද්ධය මෙම දේශපාලනයේම කොටසක් වන බැවිනි.

 

සටහන: මහින්ද හත්තක

 

හිලරි

 

චීන නව නායක සී. ජින්පින්

 

ජපාන නව නායක ෂින්සෝ අබේ

 



අදහස් (0)

චීන - ජපන් දුපත් ආරවුල යුද්ධයකට හැරෙයිද?

ලාරා කෑගල්ලෙ Friday, 25 January 2013 04:39 PM

ඇමරිකාව ඌරාගේ මාළු ඌරාගේ ඇගේම තියලා කපන්නයි යන්නේ.. පරිස්සම් වන්න.,!(නු)

:       0       0

සදරුවන් Friday, 25 January 2013 04:42 PM

දෙගොල්ලොම අපේ මිත්‍රයෝ නේද? (නි)

:       0       0

බණ්ඩා Friday, 25 January 2013 05:20 PM

චීනයේ අවසානය ළගයිද? (නි)

:       0       0

ලක්ෂාන් Saturday, 26 January 2013 09:52 AM

අනේ බණ්ඩාර, චීනෙත් එක්ක හැප්පෙන්න පුලුවන්ද ජපානයට? (නි)

:       0       0

ගාමිණි Friday, 25 January 2013 06:50 PM

සුලු දේකට මෙහෙම රණ්ඩු වීම ගැන ලැජ්ජයි. (නි)

:       0       0

පුබුදු Saturday, 26 January 2013 10:04 AM

ගිනිගත්තොත් දෙරට යළිත් විනාශයක්.. (නි)

:       0       0

ප්‍රගීත් Friday, 25 January 2013 07:06 PM

ඔන්න ජපන්නු පාඩමත් ඉගෙන ගන්නයි යන්නේ. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 25 January 2013 12:21 PM

මම හිතුවෙ හිලරිට පක්ෂපාතීව වැඩ කරන අය වැඩියෙන්ම ඉන්නෙ ලංකාවෙ කියලා.. එයා මේකට අතගැහුවානම් විනාශයක්ම තමයි..!(නු)

:       0       0

ජයනෙත්ති Friday, 25 January 2013 08:59 PM

සුනාමියක් හරි භූමිකම්පාවක් හරි ආවොත් එය සේරම ඉවරයිනේද ? (ස)

:       0       0

ගාමිණි Friday, 25 January 2013 10:50 PM

අනේ එහෙම වෙන්න නම් එපා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 162 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 101 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 118 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 38 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 876 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1439 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site