IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගුවන් ගමන් යන්නේ බලාගෙනයි

මැලේසියානු එම්එච් 370 යානයේ අතුරුදන් වීම හිතාමතාම සුදානම් සහිතව කරණ ලද ක්‍රියාවක් බව යානයේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ලියා ප්‍රකාශකරන අළුත් ම පොතේ දක්වා තිබේ.

මෙම පොතේ කර්තෘවරුන් වන නවසීලන්තයේ  වානිජ ගුවන් නියමු සහ හැමිල්ටන් නගර සභික එවන් විල්සන් සහ ටයිම්ස් පුවත් මාධ්‍යවේදී ජොෆ් ටේලර් පවසන්නේ මෙම යානය හදිසි අනතුරකට මුහුණ පා නැති  බව තම පාඨකයනට පෙන්වා දීමට මෙම පොතේ කරුණු දක්වා ඇති බවයි.

විල්සන් ‘‘මැලේසියන් 370 ට සුභ රාත්‍රියක්“ යන්න නම්කොට ඇති මෙම පොත පිලිබඳව මාධ්‍යයට පවසා ඇත්තේ මෙම ගුවන් යානයේ අතුරුදන් වීම සඳහා පසු පසින් වන  සත්‍ය තත්වය පෙන්වා දීම හේතුවෙන් ගුවනින් යන්නන් තැතිගන්නා බවයි.

පළමු වරට මෙම  අතුරුදන් යානයේ විශ්වාස කළ නොහැකි ගමන් මාර්ගය පිලිබඳව සවිස්තරාත්මක විශ්ලේෂණයක් කර ඇති අතර අපි විශ්වාස කරණ්නේ මෙම ගුවන් යානයේ ප්‍රධානියා විසින් මෙම යානය ඉන්දියානු සාගරයට දමා අනතුරට පත්කල බවයි.

මීට ප්‍රථමයෙන්   ගුවන් සමාගම් දෙකක ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති විල්සන් ප්‍රවාහන කටයුතු වල ආරක්ෂාව හා විමර්ශනය පිලිබඳ විශේෂඥ සුදුසුකම් ලබා ඇත්තෙකි. ඔහු පවසන්නේ තම පාඨකයින්ට අවසානයේදී තැතිගත් සහ විශ්වාස කළ නොහැකි අවසානයක් මෙම පොත මගින් ඇති නොවීමට සියළුම සාක්ෂි විමර්ෂණය කර මෙම ගුවන් යානයේ අතුරුදන් වීම පිළිබඳ තිබූ රැඟුම් සැකිල්ල ඉවත් කර බවයි.

සම කතෘන් දෙදෙනා මැලේසියාවට ගොස් අතුරුදන් යානයේ නියමු සහරි ආමඩ් ෂාගේ පවුලේ සාමාජිකයින් සමග කළ සම්මුඛ සාකච්ඡාවලින් ලබාගත් තොරතුරු ද මේ පොතට ඇතුලත්ව තිබේ. නමුත් ටේලර් පැවසුවේ බලධාරින් ඇත්ත ඇති සැටියෙන් භාර ගැනීමට අකමැතිවූ  බවයි. අපි මෙම ගුවන් යානය පිටත් වු පර්යන්තය  එනම් මෙම ගුවන් යානයෙන් ඇමතුමක් ලැබෙන තෙක් ඥාතීන් රැඳී සිටින ස්ථානය නැරඹු බව ද ඔහු පවසා ඇත.

විල්සන් පවසන්නේ මාර්තු අටවැනි දා  අබිරහස හේතුවෙන් ගුවන් මගීන් ඉදිරියේ දී තමන් කුමන ගුවන් සමාගමට අයත් යානා වල ගමන් කල යුතුද යන්න ප්‍රවේශමෙන් තෝරා බේරා ගැනීම සිදුකළ යුතු බවයි. තවද ඔවුන් පවසන්නේ ගුවන් යානා වල කාර්යය මණ්ඩලය තොරාගැනීම් පිළිවෙල ද ගුවන් සමාගම් විසින් වහාම වෙනස් කළ යුතු බවයි.

මේ අතර ඕස්ට්‍රෙලියාව විසින් අතුරුදන් යානය සෙවීම සඳහා  ඉන්දියන් සාගරය සිතියම් ගත කිරීමට නවින අංගෝපාංගයන් ගෙන් සපිරි නැවක් යොදා තිබේ. ඕස්ට්‍රෙලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය අතුරුදන් යානය සෙවීටම ඉන්දියන් සාගරයේ වර්ග සැතපුම් 24000 ක් පරික්ෂා කිරීම සඳහා සැලසුම් කර ඇත.

 



අදහස් (0)

ගුවන් ගමන් යන්නේ බලාගෙනයි

අජිත් ලියනගේ Tuesday, 17 June 2014 08:00 AM

පහුගිය දවසක දක්ෂිණ අධිවේගී මාර්ගයටත් ගුවන් යානා රෝදයක් වැටුණා නේද? (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 17 June 2014 02:25 PM

එ්කනේ අපි රටම ඉන්න තීරණය කරලා තියෙන්නේ (නදී)

:       0       0

ෂෙහාන් මනම්පේරි Saturday, 21 June 2014 12:01 PM

MH 370 , ප්ලේන් එක යන වෙලාවට තව ප්ලේන් එකක් ඒ පාරෙන්ම යවල ,බැලුවොත් මොකක් හරි හොයා ගන්න බැරි වෙයිද? (දී)

:       0       0

දයා අලහාකොන් Tuesday, 17 June 2014 09:31 AM

පෙනෙනවිදියට මැලේෂියා නොවෙයි කොයි ගුවන් යානයත් මේ යන විදිහට අනතුරුදායකයි (දී)

:       0       0

ශාලිකා Tuesday, 17 June 2014 09:31 AM

පිට රට යන්න බය හිතෙනවා (දී)

:       0       0

පිටිගල Tuesday, 17 June 2014 09:31 PM

ඇමෙරිකාව සිදුවුණ දේ දන්නා නිසා හොයන්න අකමැති ඇති.අනෙක් අය හොයන දිහා බල බලා හිනාවෙනවා ඇති. (නි)

:       0       0

නවීන් Monday, 16 June 2014 11:35 PM

දැන් සමහරු කියයි අපරාදේ මත්තල හැදුවේ කියලා (නි)

:       0       0

චමින්ද Tuesday, 17 June 2014 10:47 PM

අපි දැන් ලංකාවට එන්නේ කොහොමද? (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Sunday, 22 June 2014 05:08 AM

මම ඉන්න රටේ ඉඳන් ලංකාවට එන්න ඕනේ. අහසින් එන්න බය නිසා මීගමුවෙන් තෙප්පමක් අරන් නව සීලන්තෙට එවන්න පුලුවන්ද? ඉල්ලන ගානක් දෙන්නම්. හැබැයි ලංකාවට ගෙනාවට පස්සේ.(නදී)

:       0       0

උදය Tuesday, 17 June 2014 05:05 PM

ශාලිකා මිනිස්සු කීයක් ඇඳ උඩදී මැරෙනවද? එහෙනම් ඔයා ඇඳේ නිදා ගන්නත් බය වෙන්න ඕනෙනේ. වෙලාව ආවම කොහේ හිටියත් යන්න වෙනවා. (නදී)

:       0       0

හේරත් Wednesday, 18 June 2014 12:52 AM

ගුවන් යානයේ මඟීන් පිටසක්වල සංචාරකයින් ලෙසින් පැහැරගෙනද දන්නෙ නැහැ (නි)

:       0       0

ආනන්ද Tuesday, 17 June 2014 06:37 PM

මෙම ගුවන් යානය 'පනු කුහරයකට' අසුවී අතීතයට හෝ අනාගතයකට ගොස් ඇති බව සිතා ගත හකිය. එහෙයින් ආපසු පැමිනීම බලාපොරොත්තු විය හැක (දී)

:       0       0

පවනි Wednesday, 18 June 2014 05:53 PM

දැන්නම් බය හිතෙනවා (නි)

:       0       0

මහි Tuesday, 17 June 2014 06:42 PM

බෝයින්ග් යානයක් වෙලත් ඇමෙරිකාවට එක හොයන්න කිසිම උවමනාවක් නැහැ එයාලට සල්ලි විතරයි ඕනේ. ගුවන් සමාගම් බෝයින්ග් යන මිලට ගානෙම නැවැත්විය යුතුයි (දී)

:       0       0

ප්‍රීති Wednesday, 18 June 2014 07:56 AM

අහස උසට නැග ගියාට නෑනේ අහසේ රැදෙන්නේ අහසේ මාලිගා හැදුවට අපි පොළවෙයි සිටින්නෙ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 87 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 195 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 140 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1470 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 435 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 759 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site