ඇමෙරිකාවේ ඇට්ලන්ටා ගුවන් තොටුපොළ ලෝකයේ වඩාත් කලබලකාරී ගුවන් තොටුපොළ බවට පත්ව ඇත. 2013 වර්ෂයේ දී කෝටි 9.44ක් මේ ගුවන් තොටුපොල හරහා ගමන්ගත් බව වාර්තා වී ඇත. එසේ වුව ද ඒ මගීන් ප්‍රමාණය 2012 ට වඩා සියයට 1.1 ක අඩුවීමකි.
චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කලබලකාරී ගුවන් තොටුපොළ අතර දෙවැනි ස්ථානයට පත්ව ඇත. තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ බ්‍රිතාන්‍යෙය් හීත්රෝ ගුවන් තොටුපොළයි.
ජාත්‍යන්තර සමීක්ෂණ පෙන්වා දෙන්නේ ලෝව ගුවනින් යන්නන්ගේ ප්‍රමාණය පසුගිය 2013 වර්ෂයේ දී සීඝ්රයෙන් වැඩි වී ඇති බවයි. 2013 දී කෝටි 630කි. එය 2012 වර්ෂයට වඩා සියයට 4.6ක වර්ධනයකි.
ඇට්ලන්ටා ගුවන් තොටුපොළ ලෝකයේ ගුවන් යානා ගුවන්ගත වීම් හා ගොඩබැස්සවීම් අතරින් ඉදිරියෙන් සිටියි. ඒ පසුගිය වර්ෂයේ එවැනි වාර 911,000ක් සම්පූර්ණ කරමිනි.
වැඩිම භාණ්ඩ ප්‍රවාහන ගුවන් තොටුපොළ බවට පත්ව ඇත්තේ චීනයේ හොං කොං ගුවන් තොටුපොළයි. පසුගිය වසරේ දී මේ ගුවන් තොටුපොළින් බාණ්ඩ මෙට්‍රික් ටොන් ලක්ෂ 42ක් භාණ්ඩ ප්රවාහණය කැර ඇත. භාණ්ඩ ප්‍රවාහන ගුවන් තොටුපොළවල් අතර දෙවැනි ස්ථානයට ඇමෙරිකාවේ මෙම්ෆීස් ගුවන් තොටුපොළත් තුන්වැනි ස්ථානයට චීනයේ ෂැංහයි ගුවන් තොටුපොළත් පත්ව ඇත.
ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිළිබඳ දත්ත රැගත් මාණ්ඩලික වාර්තාවක මේ සම්බන්ධ තොරතුරු ප්‍රකාශයට පත්කැර තිබේ.
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගුවන් ගමනින් ඇමෙරිකාව පෙරමුණේ
සෑම් Tuesday, 23 September 2014 07:13 AM
මස්තාන්, මේක නම් අමුතු අදහසක් නොවේ. ඇත්ත අදහසක්. අපේ රටේ තමා ලෝකයේ අඩුම මගීන් සංඛ්‍යාවක් සහ ගුවන් ගමන් සංඛ්‍යාවක් ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තියෙන්නේ. (නි)
මස්තාන් Monday, 22 September 2014 10:49 PM
සමහර වෙලාවට මේකේ සමහරු අමුතු අදහස් දානවා. (නි)
ශීලා Tuesday, 23 September 2014 08:37 AM
අැට්ලන්ටාවත් බෙයිජින්වලින් වත් අපට වැඩක් නැහැ මත්තල කීයද කියන්න. කටුනායක කීයද. ලංකාවේ බිස්නස් වල තත්වේ බලාගන්ට පුළුවන් මත්තලයි කටුනායකයි ගැන කිවොත්. (නදී)