IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ග්වන්තනාමෝ සිරකඳවුරේ රැඳෙවියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා හදිසියේ මියයයි

කියුබාවේ කෙළවරක පිහිටි ඇමෙරිකාවට අයත් ග්වන්තනාමෝ සිර කඳවුරේ රැඳෙවියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයකු අබිරහස් ලෙස මිය ගොස් ඇතැයි ඇමෙරිකා මාධ්‍ය අනාවරණය කරයි.

මියගොස් ඇත්තේ 38 හැවිරිදි නීතීඥ ඇන්ඩි හාට්ය. එය දිවි නසා ගැනීමක් යැයි  බන්ධනාගාර නියාමකවරු පවසති. ඒ ගැන වැඩි දුර පරීක්ෂණ පැවැත්වෙයි.
ඇන්ඩි හාට් ද ග්වන්තනාමෝ සිරකඳවුර පිහිටා ඇති ඇමෙරිකානු නාවික හමුදා කඳවුරේ නවාතැන්ගෙන සිට ඇත. මියයෑමට පෙර ඔහු ලියූ ලිපියක් තමාට හමුවූ බව බන්ධනාගාර නියාමකවරු වැඩි දුරටත් කියා සිටිති.

ග්වන්තනාමෝ බේ සිරකඳවුර පසුගිය දිනවල කාගේත් කතාබහට ලක් විය. ඒ, එහි රැඳෙවියන් පිරිසක් මාස ගණනක් තිස්සේ උපවාසයක් ආරම්භ කිරීම නිසාය.
කියුබාවේ ඇමෙරිකන් පාලනය යටතේ පවතින ග්වන්තනාමෝ බොක්කේ ඇති එරට නාවික හමුදා කඳවුරේ ග්වන්තනාමෝ සිරකඳවුර ඇරැුඹුවේ 2002 වසරේ ජනවාරි 11 වැනිදාය.

ඇමෙරිකා රජය ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී, අත්අඩංගුවට ගන්නා සැකකරුවන් රඳවා තැබෙන්නේ මෙම ග්වන්තනාමෝ බේ සිරකඳවුරේය. වසර ගණනක් තිස්සේ එහි සිරගත කර සිටින ඇතැමුන් නිරන්තරයෙන් කුරිරු වධ බන්ධනයන්ට ලක් කෙරෙන බව පැවැසෙයි. ග්වන්තනාමෝ බේ බන්ධනාගාරය පවතින්නේ ඇමෙරිකානු හමුදා පාලනය යටතේය. එහි නියාමකවරු හමුදා භටයෝය.

තමන්ට සිදුවන කුරිරු වධ බන්ධනයන්ට එරෙහිව ග්වන්තනාමෝ බේ සිරකඳවුරේ රැුඳෙවියන් මාස ගණනාවක් තිස්සේ උපවාසයක් අරඹා ඇත. උපවාසයේ යෙදන රැඳෙවියන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය නිවේදනය කර ඇත. බන්ධනාගාර නියාමකවරුන් උපවාසයේ යෙදෙන තමන්ට වතුර පොදක් හෝ ලබා නොදෙන බව ද වාර්තා වේ.

උපවාසයේ යෙදෙන එම රැඳෙවියන් කියා සිටින්නේ තමන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන්නේ හෝ නඩු විභාග පවත්වන්නේ හෝ නැතිනම් තමන් වහා නිදහස් කරන ලෙසටය.

2008 වසරේ ජනපතිවරණයට ඉදිරිපත් වෙද්දී, ග්වන්තනාමෝ බේ බන්ධනාගාරය වසා දමන බවට ඔබාමා ප‍්‍රතිඥා දුන්නේය.

දෙවැනි ධුර කාලය ආරම්භ කළත්, ඔබාමාට එම පොරොන්දුව ඉටු කිරීමට නොහැකි විය. ඊට හේතුව එම රැඳෙවියන් මුදා හැරීම ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීමය.



අදහස් (0)

ග්වන්තනාමෝ සිරකඳවුරේ රැඳෙවියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා හදිසියේ මියයයි

නිසාර් Tuesday, 07 May 2013 10:16 PM

සඳරුවන්, සිද්ධාර්ත කුමාරයා හින්දි ජාතිකයෙක්. මුරුගනුත් හින්දු ජාතිකයෙක්. ඔයාලට වඩා එයාට අයිතියක් තියෙනවා බෞද්ධ දර්ශනය ගැන කතාකරන්න. (නි)

:       0       0

සදරුවන් Tuesday, 07 May 2013 11:52 PM

නිසාර්,සිද්ධාර්ථ කුමාරයාගේ ජාතිය ශාක්‍ය වංශය. බුදු වීමෙන් පසු බුද්ධ වංශය. ඒකයි කියන්නේ කිසිදු වූ සත්‍යයක් අසත්‍යයකට හසු නොකළ සත්‍යයම වදාළ (ශාක්‍යසිංහාභිජාත) ලොව්තුරා බුදු පියාණන් වහන්සේ කියලා.නිසාර්, දන්නේ නැති දේවල් කතා නොකර ඉන්න. (නි)

:       0       0

සදරුවන් Tuesday, 07 May 2013 03:47 PM

මුරුගන්, චුලා, මහේෂ්වරන්, හැම රටකම වගේ සිවිල් යුද්ද මිනිස් සංහාර ඇතිවෙලා තියෙනවා .උදාහරණ,අපේ රටත් සුද්දෝ අල්ලාගෙන සිංහලයෝ තේ වතු වලයි පාරවල් වලයි වැඩ කරන්නේ නැති නිසා ඉන්දියාවෙන් මිනිස්සු ගෙනාවා. අන්තිමේට සුද්දෝ අපේ රට දාල ගියා. නමුත් අර ගෙනාපු කම්කරුවෝ ගෙනිච්චේ නෑ. අන්තිමේට එයාල රටෙන් බාගයක් ඉල්ලනවා. මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට ගෙනාවේ නිර්මල බුදු දහම විතරයි. එත් දැන් ලංකාව?(නදී)

:       0       0

මහේෂ්වරන් Tuesday, 07 May 2013 04:28 PM

සඳරුවන් පුතේ. සුද්දෝ ඉන්දියානු කම්කරුවෝ, ෆිජි, කැරිබියන්, දකුණු අප්‍රිකාවට, කෙන්යා , උගන්ඩා,සැමෝව,සිංගප්පුරු,මැලේසියා වගේ හැම රටකටම ගෙනිච්චා. නමුත් ඒ කිසි රටක ප්‍රශ්නයක් නැහැ. මෙහෙ මහා ජාතිය වර්ගවාදී නිසා තමයි ප්‍රශ්නේ.(නදී)

:       0       0

සදරුවන් Wednesday, 08 May 2013 12:57 AM

නිසාර්,බෙලි කපන ෂරියා නීතිය වගේ නෙමෙයි, බුද්ධ ධර්මය වෙනස්. (නි)

:       0       0

සදරුවන් Wednesday, 08 May 2013 01:02 AM

නිසාර්,හින්දු කියන්නේ ශිව. ශිව කාලි දෙවියෝ අදහලා, සතුන්ගේ බෙලි කපලා, ලේ ගොටු තබලා, අමනුෂ්‍ය බලය ඉස්මතු කරලා පුද පූජා කරන ආගමක්. (නි)

:       0       0

නිසාර් Tuesday, 07 May 2013 04:37 PM

සඳරුවන්. මේ අඹ ගහත් ඒ අඹ ගහත් හැර තවත් අඹ ගස් තිබේද?. නිකන් ඉන්නේ නැතිව ඔබටත් ඕනි නම් අඹ ගෙඩියක් කඩාගෙන යන්න කිව්වලු දේවානම් පියතිස්ස රජු.(නදී)

:       0       0

පද්මා Wednesday, 08 May 2013 01:16 AM

මට පෙනෙන විදියට මේ සදරුවන් කියන කෙනා සේනාවේ ලනු කාලා වගේ. (නි)

:       0       0

දාසානායක Tuesday, 07 May 2013 04:41 PM

මුරුගන් බොරු විතරක් කියන්න එපා. ඔයත් ආවේ ඉන්දියාවේ ඉදල තේ වතු වල වැඩ කරන්න බව මතක තියා ගන්න. කොහොම උනත් මේක ඔබලගේ කුමන්ත්‍රණයක් වෙන්න පුලුවන්.(නදී)

:       0       0

සමන් Tuesday, 07 May 2013 11:44 AM

කිවයුතු දේ කෙලින් කිවයුතුය. මේ රට බිහි වෙච්ච දේසපාලන කණ්ඩායම් සහ තවත් පක්ෂ කරේ අපිව ගොනාට අන්දවල මිනිස්සු මරපු එක. අපේ රටේ මිනිස්සු උන්ගේ කීමට කරපු ගොන් වැඩ ගැන අපි හොදට දන්නවා. අපට අපේ පාඩුවේ ඉන්න දීපල්ලා. උබලගේ ඔය ජාතිබේද ආගම් බේද උබලගේ හිතේ තියාගනිල්ලා අපිට ඒවගෙන් වැඩක් නැ . මම දන්නේ මෙය පමණි අපි ඔක්කොම මිනිස්සු!(නදී)

:       0       0

මුරුගන් Tuesday, 07 May 2013 05:23 PM

සුද්දොයි අපියි නාවා නම් ඔයාලට තේත් නැහැ. තුන්වෙනි ආර්ථිකෙන් බිලියන 3 ආදායමකුත් නැහැ. (නි)

:       0       0

සදරුවන් Tuesday, 07 May 2013 05:23 PM

නිසාර්, මුදලට රට ජාතිය පාවා දෙන අය හිටියත් අපි වගේ සිංහල බෞද්දයෝ එකා පිට එකා මැරී වැටුනත් අවුරුදු 5000 ක් යන තුරු බුදු දහම මාතෘභූමියෙන් යටපත් කල නොහැක. කිසිදු වූ සත්‍යයක් අසත්‍යයකට හසු නොකළ බුද්ධ ධර්මය රකිනවා.(නදී)

:       0       0

සදරුවන් Tuesday, 07 May 2013 12:45 AM

ලෝකයේ මිනිසත්කම රඳා පවතින්න නම් ලොව පුරා අන්තවාදය පතුරන සෞදි අරාබියත්, ලොව පුරා මිනිස් සංහාරය කරන ඇමෙරිකාවත් මිහි තලයෙන් තුරන් විය යුතුයි. (නි)

:       0       0

සදරුවන් Wednesday, 08 May 2013 02:28 PM

පද්මා,ඔයාලා දන්නේ සුජාත දියණි,අභීත දියණි ගැනයි බොළඳ දේවල් ගැනයි විතරයි. බුද්ධිමතුන්ට ලනු දෙන්නත් බැහැ ලනු කන්නෙත් නැහැ. (නි)

:       0       0

සිල්වා-පැරිස් Wednesday, 08 May 2013 04:01 PM

මහේෂ්වරන්, මුරුගන් මේ තීරුවට ලියනා නුබලාගේ පරගැති අදහස් හැම එකකින්ම පෙනීයන්නේ අප රට දෙකඩ කිරීටම සුද්දාට කඩේයාම පමනයි. මෝඩයිනි ලංකාවට ප්‍රථම හරිනම් බබලා එකතුවී තමිල්නාඩුව විශාල ඉන්දියාවෙන් වෙන් නොකර ලංකාව දෙකඩ කිරීම හීනයකි. තවද සුද්දෝ දමිළ කම්කරුවන් ගෙනගිය අන් රටවල් ඉන්දියාවට බොහෝ දුරවීමත් යාබද නොවීමත් එයට හේතුවයි. තව විවිධ හේතු නැතුවා නොවෙයි. ඔබලා හරියට ලිදේ මැඩියෝ වගේ. එමනිසා  ඒවා කීමේ තේරුමක්ද නැත.(නදී)

:       0       0

වීරසිංහ Tuesday, 07 May 2013 08:26 AM

මේවා සි අයි ඒ එකේ වැඩ.(නදී)

:       0       0

චූලා Tuesday, 07 May 2013 08:26 AM

සුළුතර කිහිප දෙනෙකුගේ මානව හිමිකම් කඩා හෝ බහුතරයේ ජිවත්ම්වීමේ මානවහිමිකම රකිත්වා(නදී)

:       0       0

මුරුගන් Tuesday, 07 May 2013 08:28 AM

සි අයි ඒ එකට ඔතන ඉන්න අල්කයිඩා එකේ ඔක්කොගෙම ජිවිත වල වගකීම බාරදෙන්න. හදිසි අනතුරු, හදිසි හර්දයාබාද, අගාත හරහා සිරකරුවන් ගෙන් වන අවදානම තුරන්කර දමන්න.(නදී)

:       0       0

මහේෂ්වරන් Tuesday, 07 May 2013 08:29 AM

ආ සදරුවන්, එතකොට 71,83,88,89 ලංකාවේ වෙච්ච මිනිස් සංහාර.(නදී)

:       0       0

මුරුගන් Tuesday, 07 May 2013 08:33 AM

සදරුවන්, යුද්දෙන් පස්සේ ලංකාවෙත් 5000 සැක කටයුතු ලෙස මිය ගිහින් කියලා මන් දැක්කා ලිපියක පල වෙලා තියනවා, කියෙව්වද. (නදී)

:       0       0

අමිල Tuesday, 07 May 2013 08:53 AM

ලිපියත් සැක සහිතයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 162 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 85 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 6896 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 86 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 402 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 728 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site