IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ග්වන්තනාමෝ බන්ධනාගාරය ඉක්මනින්ම වසා දමනවා


කියුබාවේ කෙළවරක පිහිටි ඇමෙරිකාවට අයත් ග්වන්තනාමෝ බේ සිර කඳවුර වසා දැමීමේ කටයුතු කඩිනම් කරන බවට ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා යළිත් වරක් පොරොන්දුවක් ලබා දුන්නේය.
තමන්ට සිදුවන කුරිරු වධ බන්ධනයන්ට එරෙහිව ග්වන්තනාමෝ බේ සිරකඳවුරේ රැඳෙවියන් මාස ගණනාවක් තිස්සේ උපවාසයක් අරඹා ඇත.
උපවාසයේ යෙදන රැඳෙවියන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය නිවේදනය කර ඇත. බන්ධනාගාර නියාමකවරුන් උපවාසයේ යෙදෙන තමන්ට වතුර පොදක් හෝ ලබා නොදෙන බව ද රැඳෙවියෝ පවසති.
ඇමෙරිකා රජය ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී, අත්අඩංගුවට ගන්නා සැකකරුවන් රඳවා තැබෙන්නේ මෙම ග්වන්තනාමෝ බේ සිරකඳවුරේය. වසර ගණනක් තිස්සේ එහි සිරගත කර සිටින ඇතැමුන් නිරන්තරයෙන් කුරිරු වධ බන්ධනයන්ට ලක් කෙරෙන බව පැවැසෙයි.
උපවාසයේ යෙදෙන එම රැුඳෙවියන් කියා සිටින්නේ තමන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන්නේ හෝ නඩු විභාග පවත්වන්නේ හෝ නැතිනම් තමන් වහා නිදහස් කරන ලෙසටය.
ග්වන්තනාමෝ බේ බන්ධනාගාරය පවතින්නේ ඇමෙරිකානු හමුදා පාලනය යටතේය. එහි නියාමකවරුන් වන්නේ හමුදා භටයන්ය.
2008 වසරේ ජනපතිවරණයට ඉදිරිපත් වෙද්දී, ග්වන්තනාමෝ බේ බන්ධනාගාරය වසා දමන බවට ඔබාමා ප‍්‍රතිඥා දුන්නේය.
දෙවැනි ධුර කාලය ආරම්භ කළත්, ඔබාමාට එම පොරොන්දුව ඉටු කිරීමට නොහැකි විය. ඊට හේතුව එම රැඳෙවියන් මුදා හැරීම ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීමය.



අදහස් (0)

ග්වන්තනාමෝ බන්ධනාගාරය ඉක්මනින්ම වසා දමනවා

සදරුවන් Friday, 03 May 2013 08:35 PM

ඇමෙරිකාවට කඩේ යන මුරුගන්,චූලා,කෝ? ඇමෙරිකාව ඔහොම ගිහිල්ල ගිහිල්ල කාගෙන් හරි කනවා කෑමක් හොදි නැති වෙන්න. වියට්නාමෙන් වගේ නෙමෙයි ඊටත් වඩා.(නදී)

:       0       0

ගාමිණී-සිරි Friday, 03 May 2013 09:42 PM

ත්‍රස්තවාදයට මුළු ලෝකයම විරුද්ධයි. නමුත් අනුන්ගේ රටවල ත්‍රස්තවාදී සැකකරුවන් නඩු විභාගය කින් තොරව සිරගතකර තැබීම මානව හිමිකම් වලට පටහැනි නොවේද?(නදී)

:       0       0

සදරුවන් Friday, 03 May 2013 11:51 PM

මහපොළොව සිඳිලා වියළිලා යාම පුදුමයක් නෙමෙයි. සතර අපායට වැටුන සත්වයෙක් එයින් ගොඩ එන්න ලැබුනොත් අන්න ඒකයි පුදුමේ. අනුන්ට හිංසා නොකරන්න. ප්‍රතිපල භයානකයි. (නි)

:       0       0

නසාර් Friday, 03 May 2013 05:27 PM

ලෝකෙම නායකයන් තනිකර කෙලින්නෙම පිස්සු.(නදී)

:       0       0

කමල් Friday, 03 May 2013 12:08 PM

මාර කථාවක්නේ. හමුදාව උතුරේ ඉන්නවා කියලා කෑ ගහනවා, මේ අයගේ බන්ධනාගාර පාලනය කරන්නෙත් හමුදාව. මෙන්න මානව හිමිකම් කඩනවෝ! මානව හිමිකම් සංවිධාන කරන්නේ අප වගේ රටවල් සමතලා කරන්න උදව් කිරීමට මිස මානව හිමිකම් රැකීමට නොවේ. (නි)

:       0       0

කුරුවිට Saturday, 04 May 2013 09:04 AM

කමල්, පූසාරියා කෝවිලේ පැහැරුවට කමක් නැහැ. (නි)

:       0       0

ජනක Friday, 03 May 2013 12:42 PM

ඕකේ ඉන්න අය එලියට දාලා සි අයි ඒ එකට එයාලා පස්සේ පන්නන වැඩේ බාරදෙන්න. ඉතුරු වුණොත් කොහේ හරි ආයෙත් පත්තු කරයි. (නි)

:       0       0

ලාල් Sunday, 05 May 2013 10:08 PM

මේ තම්බින්ට මොකද කරන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 330 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 441 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


ඔලිම්පික් ගිනි සිළුව ප්‍රංශය බලා එයි
2024 අප්‍රේල් මස 17 477 0

ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස


ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි
2024 අප්‍රේල් මස 17 4881 3

නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 4010 1

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 312 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 184 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1385 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site