IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ගෝලීය උෂ්ණත්වය ගැන පාප්තුමන්ගේ අවධානය

එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේදී කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් ශක්තිමත් පියවර ගන්නා ලෙස ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමෝ ලෝක නායකයන්ට අවධාරණය කරති.

වතිකානයට රැස් වූ ආණ්ඩුකාරවරුන් හා නගරාධිපතිවරුන් අමතමින් පාප්වහන්සේ මේ බව සඳහන් කළහ. ඔවුහු දේශගුණික විපර්යාස මැඞීම සඳහා වන ප‍්‍රඥප්තියකට ද අත්සන් කළහ. මිනිසුන්ගේ කි‍්‍රයාකාරකම් නිසා ඉහළ යන ගෝලීය උෂ්ණත්වයත්, පරිසරයට සිදුවන හානියත් අවම කිරීමට ඇති අවසන් අවස්ථාව මෙය බවත් පාප්තුමෝ එහිදි ප‍්‍රකාශ කළහ.

ගෝලීය උෂ්ණත්වය වැඩිවීම, නූතන වහල් බව පාප්තුමෝ සම්බන්ධ වූ සම්මේලනයේ තේමාව  විය. දරිද්‍රතාවටත් බලෙන් සිදුවන අනවසර සංක‍්‍රමණයටත් හේතුවී ඇත්තේ ගෝලීය උෂ්ණත්වය බව මෙහිදි කළ කරන ලද කරුණු දැක්වීමකදී අනාවරණය විය.

දෙසැම්බර්යේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට මේ සම්බන්ධයෙන් බලපෑම් කිරීමට වතිකානයට ලැබෙන අවසන් අවස්ථාව මෙය විය. පැරිසියේදී පැවැත්වෙන දේශගුණික සමුළුවේදී ගෝලීය උෂ්ණත්වය මැඩීම සඳහා එකඟතාවකට පැමිණීමට නියමිතය.

සමුළුවේදී ගෝලීය උෂ්ණත්වය වැඩිවීමත් අනවසර සංක‍්‍රමණයත් අතර ඇති සබඳතාව පිළිබඳ කරුණු දක්වනු ඇතැයි ද තමා ට පැරිසියේ පැවැත්වෙන සමුළුව සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් ඇතැයි ද පාප්තුමෝ එහිදි පැවැසූහ. එක්සත් ජාතීන් මේ සම්බන්ධයෙන් දැඩි හා ශක්තිමත් පියවර ගත යුතු යැයිද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

 

 

 

 



අදහස් (0)

ගෝලීය උෂ්ණත්වය ගැන පාප්තුමන්ගේ අවධානය

සම්පත් ඒකනායක Thursday, 23 July 2015 02:07 PM

සියල්ල මවල අන්තිමට ගෝලීය උණුසුම අඩුකරන්න එක්සත් ජාතීන්ගේ පිහිට පතනවා (බ)

:       0       0

නිපුණ Thursday, 23 July 2015 02:08 PM

ගාමිණී, ආගමික මතවාද ප්‍රශ්න කිරීම නිරික්ෂණය කියන්නේ දෙකකක්. ඔබ අමෙරිකාවේ පැත්තේ අවොත් බලාගන්න පුළුවන් කොහොමද ආගමික මත දෙවියන්ව මිනිස්සු විද්‍යාව ප්‍රශ්න කරන හැටි (බ)

:       0       0

ශ්‍රියානි Monday, 27 July 2015 01:08 PM

සමාවෙන්න නොදන්නා නිසයි අහන්නේ. මට තියන ප්‍රශ්නය දෙවියන් වහන්සේ ලොව වැවුයේ කොහි සිටද යන්නය (නදී)

:       0       0

සහන` Thursday, 23 July 2015 10:10 AM

පහන්, ආගම විහිලුවට ගන්න එපා. (ර)

:       0       0

ලක්මාලි පෙරේරා Friday, 24 July 2015 07:59 AM

පාප් වහන්සේට තේරෙන ටික අපේ සිංහලයාට නොතේරෙන එකයි දුක ...අනවසර සංක්‍රමනිකයන්ගේ සංඛ්‍යාව රටේ මූලික ජන කොට්ඨාසය අභිබවා යෑමට ආසන්නයි....ඒත් අපේ නිවටුන් හීන දකිනවා... බුදුදුහම ලෝකයේ විද්වතුන් සත්‍යයක් කොට පිළිගෙන හමාරය ...දෙවියන් වහන්සේ දේශනා කළ දෙයක් මතද...පාප්වහන්සේගේ...මතයක් මතද...ගෝලීය උෂ්නත්වය ඉහල යෑමට අනවසර සංක්‍රමනිකයන් හේතුපාදක වන්නේ යන්න ප්‍රහේලිකාවක් මසිත උපදී.......විද්‍යාත්මකය හේතුඑළය අභිබවා සංක්‍රමනිකයන් විසින් ලෝකයට කරන මේ අනිටු විපාකය පිලිබඳ ...මුළුමහත් ලෝකයම අවදියෙන් සිටිය යුතුය ....(බ)

:       0       0

පහන් Thursday, 23 July 2015 10:42 AM

හේතුඵල දහමක් ඉගෙන ගත්තු මට ඔය සර්ව බලධාරී දෙවියන් තේරෙන්නේ නැහැ .බුදුහාමුදරුවෝ කලනුරුපව මිනිසා ඇතිවුයේ කෙසේද සහ ලෝකය බිහිවුයේ කෙසේද චක්‍රාවාට අනන්ත ප්‍රමාණයක් ඇති බව ,විවිධ ජීවින් විශ්වයේ ජිවත්වන බව ඝහ වස්තු ගින්නෙන් දැවියන බව කොටින්ම පෘතුවි ගෝලය ගින්නෙන් දැවියන බව ඇතුළු කාරණා රාශියක් නවීන විද්‍යාව ට පෙර බුදුහාමුදුරුවෝ අග්ගඤ්ඤ සූත්‍රයේ කියලා තියනවා .ඉතින් මම කලාම සුත්‍රයත් කියවලා තියනවා .ඔන්න තේරෙන අයට තේරේවි .බුදුදහම තම තමන්ගේ නැණ පමණින් වටහා ගතයුතු දහමක් . (ර)

:       0       0

පහන් Thursday, 23 July 2015 03:37 PM

බුදුදහම නම් ප්‍රශ්න කරන්න කරන්න බැබලෙනවා වැඩිය ඕනේ නැහැ ශාස්තෘවරයාණන්වත් ප්‍රශ්න කරන්න පුළුවන් බුදුන්ගේ කාලෙත් එහෙමලු .(ම)

:       0       0

දුමින්ද Thursday, 23 July 2015 10:52 AM

රුක් සිටුවීම නව-වන උයන් සැදීම දිවා රෑ පින් සිදුවන දේ වේ. (ර)

:       0       0

රෝහණ Monday, 27 July 2015 10:23 AM

දෙවියන් වහන්සේ ලෝකය මවල එහි පාලනය මිනිසාට බාර කලා. මිනිසා ස්වභාවධර්මයට අභියෝග කරමින් නොහික්මුණ ලෙස පාලනය කලොත් දෙවියන් වහන්සේ ඒ අයට බරපතල ප්‍රතිවිපාක ලබාදෙනවා. ස්වභාව ධර්මය රැකගන්න උත්සහ කරන්න. (ර)

:       0       0

ලෙෂාන් Thursday, 23 July 2015 11:01 AM

ස්වර්වබලධාරී දෙවියන් වහන්සේට යාඥා කරලා බැරිවෙයිද මුකුත් කරගන්න ඕකට ? (බ)

:       0       0

පහන් Friday, 24 July 2015 01:57 PM

ලක්මාලි ගිය ඉස්කෝලේ මොකද්ද දන්නේ නැහැ නේ ?දරුවෙක්ව හරි ඒකට යවන්න ඕනේ . (අ)

:       0       0

රෝහණ Tuesday, 28 July 2015 09:07 AM

හිරන්ත, ඔයාටත් දෙවියෝ මතක් වෙන වෙලාවක් එ්වි. එතකන් ඉවසන්න. (නදී)

:       0       0

හිරන්ත Tuesday, 28 July 2015 02:25 AM

අනේ රෝහණ, අද නවීන ලෝකයේ දෙවියෝ ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ඔයා තාම ගල් යුගේ ජීවත් වෙන්නේ.(නදී)

:       0       0

මංගල Thursday, 23 July 2015 11:48 AM

පහනෝ මගේ මිතුරේ ඔබතුමා හරි දෙවියන් වහන්සේ ලෝකය මැව්වනම් එක රැකබලා ගන්න ඕනේ .දරුවෝ හැදුවට වැඩක් නැහැ රැකබලා ගන්න ඕනේ. (ස)

:       0       0

සිසිර Thursday, 23 July 2015 11:51 AM

වෙනත් ආගම් වලට ගරහන්නේ පිස්සෝ (බ)

:       0       0

අතුල Saturday, 25 July 2015 04:09 AM

මෙතන ප්‍රතිචාර වල ආගමීක ඝට්ටනයක් පේනවා. ආගම්වල අභ්‍යන්තර කරුණු විමසිම එ්වාට අපහාස කිරිමක් ගැරහිමක් වෙන්නෙ කොහොමද? එ් කියන්නෙ කාලයත් සමග එ්ව බොරු වෙලා (නදී)

:       0       0

අතුල Friday, 24 July 2015 02:35 PM

උෂ්ණත්වය නිසා අනවසර සංක්‍රමන ප්‍රවනතාවයක් දන්න තරමින් ලෝකයේ නැ. ප්‍රවෘතියෙ හැටියට පාප් වහන්සේ කරන්න යන්නෙ හොද දෙයක් කියමු කො. (අ)

:       0       0

නීල් Thursday, 23 July 2015 04:56 PM

පහන්, නියම බෞද්ධයෙක් කියලා වැටහෙනවා. ලංකා ,ලේෂාන්, නුවනි, ඊට නොදෙවෙනි බව නම් පේනවා. මාතෘකාව එකක් කියවන්නේ තව එකක් (නි)

:       0       0

ගාමිණී Thursday, 23 July 2015 12:49 PM

විවිධ ආගම්, විවිධ මිනිසුන් නුරුස්සන එකම ජාතිකයෝ ඉන්නේ ලංකාවේ . එයට හේතුව නුගත් කම (බ)

:       0       0

සිරිමල් Saturday, 25 July 2015 05:53 AM

වැදගත් හැම පුද්ගලයෙක්ම පරිසරය ගැන හිතන එක අගය කරන්න ආගම ප්‍රශ්ණයක් කරගන්න එපා. (නදී)

:       0       0

සනිල් Friday, 24 July 2015 06:11 AM

දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවූ සේක, උන්වහන්සේ මෙ සියල්ලම මවා මිනිසාට භාරදුන්නේය. මිනිසුන්ගේ කි‍්‍රයාකාරකම් නිසා ඉහළ යන ගෝලීය උෂ්ණත්වයත්, පරිසරයට සිදුවන හානියත් අවම කිරීම ගැන පාප්තුමෝ එහිදි ප‍්‍රකාශ කළේය.. එතුමා එලෙස කි‍්‍රයාකරන්නේ කතෝලික අපව පමණක් මුදවා ගන්න නොව, සමස්ත මුලු ලෝක ප්‍රජාවම මුදවා ගනු පිණිසයි. බෞද්ධ මගේ මිතුරනි ඔබේ නිවටකම පුදර්ශණය කරන්න එක හොඳ මදි නේද ..... අනෙකුත් ආගම් වලටද ගරැ කරන්න එවිට ඹබටද එය පෙරලා පැමිණේවි... ජේසු පිහිටයි. (ම)

:       0       0

පහන් Thursday, 23 July 2015 05:37 AM

ඉතින් ලෝකය මවපු දෙවියන් වහන්සේට පුළුවන්නේ ඕක පාලනය කරන්න (බ)

:       0       0

බටුවත්ත Thursday, 23 July 2015 01:36 PM

බයිබලයේ ලෝකය ගැන ඉතාමනාවට පැහැදිලිවෙනවා එක කියවන්න දන්නා කට්ටිය ටිකක් අල්පය් !!! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 238 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 561 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4082 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 426 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2592 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 76 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site