IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගැබිණි මව කිලෝ මීටරයක් පිහිනයි

මාස නමයක ගැබි‍ණි මවක් ඉන්දියාවේ ක්‍රිෂ්ණා ගඟ හරහා කිලෝ මීටරයක පමණ දුරක් පිහිනා උපදින්නට සිටින දරුවාට ආරක්ෂිත ස්ථානයක් සොයාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

යෙලෙව්වා නමැති මේ තරුණිය 22 හැවිරිදිය. බැංගලෝරයේ සිට කිලෝ මීටර 400ක් ඈතින් යඩ්ගාර් දිස්ත්‍රික්කයේ ක්‍රිෂ්ණා ගඟ මැද පිහිටි දූපතක ඇය ජීවත් වූවාය. ඇයට තමන් සිටින දූපතේ සිට ගොඩබිමට යා හැකි එකම මාර්ගය පහුරක් පමණි. මෝසම් වැසිවලින් ප්‍රච‍ණ්ඩ වූ ගඟේ පහුරකින් යා නොහැක. 

තම ගමේ දරු ප්‍රසූතිය සඳහා සුදුසු රෝහලක් නොතිබූ නිසා දරුවා වෙනුවෙන් එගොඩට පීනා ගිය බව ඇය පවසයි. 

‘‘ මට මගේ දරුවා ආරක්ෂා සහිතව ලැබීමට වුවමනා වුණා. ගමේ වෛද්‍ය මධ්‍යස්ථානයක් නොතිබූ නිසා දරුවා ගෙදරදී බිහිකරන්න වේයැයි බිය වුණා. මෝසම් වැස්ස සමග ගඟ ප්‍රචණ්ඩ වන නිසා මට පහුරකින් එගොඩට යා නොහැකි වනවා. ඒ නිසා මා පිහිනා ගොඩට ආවා. “

ගම්වාසීන් සහ වෛද්‍යවරුන් පවසන්නේ ඇගේ පිහිණීම විශ්මය ජනක බවයි. ඇය ගඟ හරහා පිහිනා ඇත්තේ ගඟේ ජල මට්ටම අඩි 12 සිට අඩි 14 දක්වා වැඩි වී තිබිය දී ය. ගඟ එවැනි තත්ත්වයක තිබිය දී පිහිනීමට පළපුරුදු අයකු පවා මෙලෙස පිහිනා නොයන බව ගැමියෝ කියති. 

‘‘දරුවා සම්බන්ධයෙන් තිබූ අධිෂ්‍ඨානය මගේ බය දුරු කළා. මගේ සහෝදරයන් සහ පියා මට උදව් කළා. ඔවුන් වේලුණු කුහර සහිත වට්ටක්කා ගෙඩි සහ ලබු ගෙඩි එකට ගැට ගසා ඒවා මගේ බඩ වඩා එල්ලුවා. දිය මත පාවීමේ දී එය මට විශාල රුකුලක් වුණා. මගේ සොහොයුරා ඉදිරියෙනුත් පියා පිටුපසිනුත් මට ආරක්ෂාව දෙමින් පිහිනුවා. කෙසේ වෙතත් මේ ගමනට පැයක පමණ කාලයක් ගතවුණා. ‘‘

ගඟ දිගේ පිහිනා ආ ඇය දැන් රෝහල අසළ ම ඥාති නිවසක සුවෙන් පසුවෙයි. 

රෝහලේ වෛද‍්‍ය  වීනා මෙසේ කියයි. 

‘‘ මා මේ රෝහලේ වසර හතක් සේවය කළා. වරින් වර ඇතැම් අය පිහිනා ගොඩට පැමිණ රෝහලට එනවා. නමුත් ගඟ හරහා පිහිනූ කාන්තාක් දුටු ප‍ළමු අවස්ථාවයි. ඇගේ විශේෂත්වය වන්නේ ඇය මාස නමයක ගැබිණියක් වීමයි. “

ඇය ඉතා නිරෝගී සුවයෙන් පසුනවන බව වෛද්‍යවරු කියති. 

_76743708_image - Copy



අදහස් (0)

ගැබිණි මව කිලෝ මීටරයක් පිහිනයි

ගාමිණී Wednesday, 06 August 2014 11:15 AM

විශ්වාස කරන්නත් අමාරුයි (නි)

:       0       0

අශෝක Thursday, 07 August 2014 12:01 AM

මෙයින් ගතයුතු වැදගත්ම දේ තමයි මේ දුප්පත් දූපත් වැසියන්ට ග‍ඟෙන් එගොඩ මෙගොඩ යෑමට සුදුසු බෝට්ටුවක් ලබාදීම. ඉන්දියාවේ කෝටිපතියන් මෙය දැක සුදුසු බෝට්ටුවක් මොවුන්ට ලබාදේවායි මම ප්‍රාර්ථනා කරනවා. වීර කාන්තාවට නිරෝගීමත්ව දරු පැටියෙකු බිහිකිරීමට තෙරුවන් සරණ ලැබේවා! (නි)

:       0       0

චානා Wednesday, 06 August 2014 11:47 AM

ලංකාවේ මම හිතන්නේ මහියංගනයේ කාන්තාවක් තමන්ගේ ස්වාමියා කිබුලෙක් දහගෙන යනකොට ගගේ පිහිනල කිබුලත් එක්ක සටන් කරලා තමන්ගේ ස්වාමියා බේරාගෙන තිබුන.මට මතක තියෙනවා (දී)

:       0       0

මොනිකා චමෝදි Wednesday, 06 August 2014 12:22 PM

ඔබ ඇත්තටම වීර මාතාවක්.ඒ වගේම කුස තුළදීම දරුවන් මරණ ඉපදුන පසුව දරුවන් මරණ හැම අම්මෙකුටම ඔබ ආදර්ශයක් වේවා ! නිරෝගී දරු සම්පතක් ලැබේවා!ඔයාගේ තාත්තාට අයියාට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

විශ්ව Wednesday, 06 August 2014 06:44 AM

දිරිය මාතා (දී)

:       0       0

චින්තක Tuesday, 05 August 2014 06:13 PM

මවකගේ මවු සෙනෙහසේ තරම. (දී)

:       0       0

ප්‍රියදර්ශන බණ්ඩාර Wednesday, 06 August 2014 01:54 PM

නිරෝගී දරු සම්පතක් ලැබේවා (අ)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 05 August 2014 08:02 PM

මෙන්න නියම ගැහැණු (නි)

:       0       0

නාලක ගීකියනගේ Wednesday, 06 August 2014 07:55 AM

නොමිනිසුන් මැද දිවිගෙවන දහසකුත් මව්වරුනට ඔබ උපහාරයක් වේවා...!!! නිරෝගී දරුසම්පතක් ලැබේවා..!!! (දී)

:       0       0

සරත්ගේ තාත්ත Wednesday, 06 August 2014 02:30 PM

"සරත් 2014-08-06 10:47:47 ලංකාවේ ඇත්තටම මෙහෙම වීර ක්‍රියාවක් අහන්නවත් ලැබෙන්නේ නැහැ" ලංකාව මෙහෙම පහත් කරල කතා කරන්න එපා. උඩ බලාගෙන කෙළ ගහන්නෙ නැතුව ඉන්න. (දී)

:       0       0

ප්‍රේමසිරි Wednesday, 06 August 2014 03:01 PM

බොහොම හොඳයි (අ)

:       0       0

රූපවතී Wednesday, 06 August 2014 04:13 AM

මට මේ සඳහා ලිවීමට වචන ගලපා ගන්න බැරිතරමට හිත සංවේදියි. දෑසින් කදුළු ගලාගෙන ගියා ඇය පිහිනු ගඟට සමානව ..? මොකද මමද කුඩා දියණියක සිටින මවක් නිසා. ඇය කල ක්‍රියාව ගැන හිතට ලියාගන්න බැරි තරම් මොකක්දෝ වේදනාවක් ඇති උනා ..!! ඇයට නිරෝගිමත් වාසනාවන්ත දරුවෙකු මෙලොවට බිහි කරන්න ශක්තිය ලැබේවා ..! (ස)

:       0       0

රසික පුෂ්ප කුමාර Wednesday, 06 August 2014 10:19 AM

ධිර්ගායු වේවා මෑණියනි ඔබට (දී)

:       0       0

මනෝජ් Wednesday, 06 August 2014 04:31 AM

ජය ලලිතා තමිල්නාඩුවේ නළු නිලියෝ ලංකාවේ දේවල් ඔලුවේ දාගන්නේ නැතුව ඉන්දියාවේ දුප්පත් අයට අවම පහසුකම් වත් ලබාදීමට කටයුතු කරන එක තමයි කල යුත්තේ. උතුරේ වැසියන්ට දැන් හැම පහසුකමක් ම ආණ්ඩුවෙන් ලබා දෙනවා. (ස)

:       0       0

විනි Wednesday, 06 August 2014 10:39 AM

වීර මවක් ,මවු සෙනෙහෙ අරුමය (දී)

:       0       0

චාන්දනී Wednesday, 06 August 2014 04:40 AM

මැයට මගේ උත්තමාචාරය හිමි වෙනවා ඉතාම නිර්භීත කාන්තාවක් (දිල්)

:       0       0

සෙනෙවි Wednesday, 06 August 2014 10:46 AM

නිරෝගී දරු සම්පතක් ලැබේවා (දී)

:       0       0

සරත් Wednesday, 06 August 2014 10:47 AM

ලංකාවේ ඇත්තටම මෙහෙම වීර ක්‍රියාවක් අහන්නවත් ලැබෙන්නේ නැහැ (දී)

:       0       0

සමන් Wednesday, 06 August 2014 07:50 PM

නීරෝගිමත් දරු සම්පතක් ලැබේවා! අම්මේ, ඔබට බුදු සරණයි! (නි)

:       0       0

දනුෂ්ක Wednesday, 06 August 2014 10:53 AM

ඇත්තටම මගේ ඇස් වල මෙ වෙලාවෙත් කදුලු තියනවා මෙක කියවලා හොදින් දරුවා බිහි කරලා හොද වැදගත් දරුවේක් කරන්න පින් ගොඩක් ලැ බේවා.... (දී)

:       0       0

දිලූ Wednesday, 06 August 2014 10:54 AM

සුභපැතුම් (දී)

:       0       0

කුමාරි Wednesday, 06 August 2014 05:14 AM

රූපා ඔයා හරියටම හරි ඇය වීර කාන්තාවකි ඒ වගේම අැයගේ තාත්තට සහ අයියටත් දීර්ඝායුෂ පතමි. (අ) .....

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 779 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 119 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 294 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1514 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 474 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site