IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගඳ සුවඳත් හලෝවෙන් බෙදයි

ජංගම දුරකථන ඔස්සේ ‘‘ගඳ සුවඳත්‘‘ හුවමාරු කර ගත හැකි උපාංගයක් හදුන්වාදීමට ජපාන සමාගමක් සමත්ව තිබේ.

මේ උපාංගය ජංගම දුරකථනය හා සම්බන්ධ කිරීමෙන් පසු ජංගම දුරකථනයේ පිහිටුවන ලද මෘදුකාංගයක් ආධාරයෙන් තමන්ට කැමැති පරිදි හැසිරවිය හැකවේ.

උදාහරණයක් වශයෙන් සිය පෙම්වතියගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන විට රෝස මල් සුවඳක්ද තමන් සමග හිත්නොහොදින් සිටින අයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන විට කුණු බිත්තර ගදක්ද ආදී ලෙස ගඳ සුවඳ නිකුත් වන පරිදි මේ උපාංගයේ කි‍්‍රයාකාරීත්වය මෙහෙයවිය හැකයි.

වෙනත් ජංගම දුරකථනයක මෙවන් උපාංගයක් සවි කර ඇත්නම් එහි කි‍්‍රයාකාරීත්වයද පාලනය කිරීමේ හැකියාව මේ මෘදුකාංගයට ඇත.කෙටි පණිවුඩ හුවමාරු කරගන්නවාක් මෙන් විවිධ ‘‘ගන්ධයන්‘‘ එකිනෙකා අතර හුවමාරු කර ගැනීමේ හැකියාවද මෙයින් ලැබේ.

කුඩා කුටීරයක් සම වන මේ උපාංගයේ කුඩා ප‍්‍රමාණයේ පංකා කිහිපයක් හා විවිධ ගඳ සුවඳ  ලබාදෙන රසායන ද්‍රව්‍යයන් ඇත. ජංගම දුරකථනයේ මෘදුකාංගය ඔස්සේ ක‍්‍රියාත්මක වීමට පණිවුඩය ලැබුණු කල උපාංගයේ අන්තර්ගත ඉලෙක්ට්‍රොනික පරිපථය අදාළ ගඳ සුවඳ ලබා දෙන රසායන ද්‍රව්‍යයන් කි‍්‍රයාකාරී කරවයි.එවිට උපදින සුවද හෝ වේවා ගඳ හෝ වේවා පංකා කි‍්‍රයාකාරී වී කුටීරයෙන් පිටතට විහිදැවෙයි..

ජංගම දුරකථනයෙන් චිත‍්‍රපට නරඹන විටදී පවා ඒ ඒ රූප රාමු වලට ගැලපෙන පරිදි ගන්ධයන් නිකුත් වන ලෙස මේ උපාංගයේ කි‍්‍රයාකාරීත්වය සීරුමාරු කළ හැකි බවද නිශ්පාදකයෝ කියති.

 



අදහස් (0)

ගඳ සුවඳත් හලෝවෙන් බෙදයි

දයා අලහාකෝන් Sunday, 19 May 2013 06:13 PM

අනේ ඔයා වැසිකිලියේ ඉදගෙන නේද කතාකරන්නේ.(නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 19 May 2013 02:18 PM

ඉදිරියෙදි තව තව මොන මොනවා මේ හරහා ගෙන්නවා ගනීද දන්නේ නැහැ නේද? (නදී)

:       0       0

සෑම් Sunday, 19 May 2013 02:26 PM

ලංකාවට ආවට පස්සේ ගද වේවිද? (නදී)

:       0       0

ප්‍රභාෂ් Sunday, 19 May 2013 02:26 PM

දත් මැද්දෙ නැති වුණහම එන ගද ආවොත් ඉවරයි (නි)

:       0       0

සරත් Sunday, 19 May 2013 02:27 PM

මාරයි නේ

:       0       0

රංජනී Sunday, 19 May 2013 02:34 PM

ප්‍රේම කරන අයට හොදයි. ටිකක් මිල වේවි නමුත් ලගින් ඉදන් විදින ගද,සුවද වගේ කොහේද?(නදී)

:       0       0

උපාලි Sunday, 19 May 2013 02:38 PM

රුප, ශබ්ද, ගඳ සුවඳ, රස, ස්පර්ශය කියන ඒවානේ අපේ පන්චේන්ද්රියයන්ට අරමුණු වෙන්නේ. රුප ශබ්ද දෙක මෙච්චර කල් අපට ලැබුනා. දැන් ගඳ සුවඳත් දෙන්නයි යන්නෙ. රසත් දෙන්න පටන් ගත්තාම ටී.වී. එකේ පෙන්වන ආහාර වෙළඳ දැන්වීම් හොඳට රස විඳින්න ලැබෙයි. හැබැයි, ස්පර්ශය දෙන්න ගිය දාට තමයි පිස්සු හැදෙන්නෙ. (නදී)

:       0       0

සදරුවන් Sunday, 19 May 2013 03:02 PM

සේනාවට කුණු බිත්තර ගහන්ඩ ලේසියි දැන්.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 19 May 2013 03:31 PM

උදේ නැගිටලා දත් මදින්නේ නැතුව කතා කලොත් පෙම් සබඳතා නම් ගොඩක් බිඳ වැටෙයි.(නදී)

:       0       0

මර්සි ලංකා Sunday, 19 May 2013 11:19 PM

හදිසියකටවත් වැසිකිලියේ ඉඳන් කතා කරලා ඉවරයි. මේක නම් හොඳ දෙයක් නෙමේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 159 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 101 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 116 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 38 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 875 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1439 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site