IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගාන්ධි චිත්‍රපටයේ රූගත කිරිම් ලංකාවේ

මහත්මා ගාන්ධිතුමන් ඝාතනය කිරිම සහ එම සිද්ධිය පසුපස පැවති කුමන්ත්‍රණයේ සත්‍ය තොරතුරු සහ සිද්ධී මුල්කරගනිමින් නිෂ්පාදනය කෙරෙන අලුත්ම ජාත්‍යන්තර සිනමා පටයේ රුගත කිරීම් සම්පුර්ණයෙන්ම ශ්‍රී ලංකාවේදී කිරීමට යයි.

හොලිවුඩ්හි "ඉන්ඩියානා ජෝන්ස්" ඇතුළු දැවැන්ත නිෂ්පාදන රැගෙන රුගත කිරීම් ලංකාවට ගෙනා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ චිත්‍රපට නිෂ්පාදකවරයකු මෙන්ම අධ්‍යක්ෂකයකු වන චන්ද්‍ර රත්නම් මෙම නිෂ්පාදනයේ ශ්‍රී ලාංකික වැඩ කටයුතු භාරව කටයුතු කරයි.

"සූර්යග්‍රහණය" නම්වූ මෙම චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරු වන්නේ සම්මානනීය ඇල්ජිරියා සිනමාකරුවකු වන කරීම් ට්‍රයිඩියා සමඟ ඉන්දියා ජාතික පන්කජ් සේගල්ය.

ජාත්‍යන්තර නළු නිළියන් රැසක් චරිත මවන මෙහි සුපිරි බොලිවුඩ් නළුවන් වන ඕම් පුරි, නසීර් සහ නාරායන් මහදේවන් ප්‍රධාන චරිත සඳහා ගනු ලැබ සිටිති.

චන්ද්‍රරත්නම් සමඟ එහි සම නිෂ්පාදන කටයුතු සඳහා සම්බන්ධ වන්නේ ඩුබායිහි නුගෙන් මාධ්‍ය ආයතනයයි. මෙහි ප්‍රධාන චරිත මෙන්ම සුළු චරිත සඳහා පෙනී සිටීමට ශ්‍රී ලංකාවේ බොහෝ ශිල්පින් හට අවස්ථාව ලබාදීමට නිෂ්පාදකවරු බලාපොරොත්තු වෙති.

ඉන්දියා නිදහස් අරගලයේ එක් අභාග්‍යසම්පන්න පැතිකඩක්වූ පකිස්තානය වෙන් වු වකවානුවේ පැවති පැති වාතාවරණය පසුබිම් කොට චිත්‍රපටය නිපදවයි. මහත්මා ගාන්ධි ඝාතනය කිරීම සඳහා කිසියම් කණ්ඩායමක් සිදුකළ කුමන්ත්‍රණයක් නව දිල්ලියේ, බෝම්බයේ සහ පුනා නගරයේ ජ්‍යෙෂ්ඨ රහස් පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු සොයා ගනු ලැබීමත්, ඉන්පසුව ඔවුන් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළත් වටා සැබෑ තොරතුරු මුල්කොට මෙහි කතාව ගොඩනඟා ඇත.

ප්‍රවීණ කැමරා ශිල්පියකු වන අජායන් වින්සන්ට් කැමරා ශිල්පියාය. සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රශාන්ත් පිල්ලේය. 



අදහස් (0)

ගාන්ධි චිත්‍රපටයේ රූගත කිරිම් ලංකාවේ

හසන් Thursday, 11 February 2016 09:21 AM

හොඳ අදහසක් නොවේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 750 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 119 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 291 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1513 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 473 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site