රටේ සිදුවන දුෂණ වංචා නැවැත්වීමට නීති සකස් කිරීමට කොංග්රස් පක්ෂය ප්රමුඛ ඉන්දීය රජය අපොහොසත් වී ඇතැයි පවසමින් ගාන්ධි අනුගාමික අන්නා හසාරේ යළිත් වරක් නවදිල්ලි අගනුවර උපවාසයක් කිරීමට සැරැසෙයි. රටේ සිදුවන දුෂණ වංචා නැවැත්වීමට අගමැති මන්මෝහන් සිංගේ රජයට කිසිදු වුවමනාවක් නැතැයි කියමින් හසාරේ පෙරේදා (25) නවදිල්ලි නුවර දැවැන්ත විරෝධතා රැලියක් ද පැවැත්වීය. ඊට දහස් ගණනක් සහභාගී වූ බව නවදිල්ලි පොලිසිය පැවසීය. විරෝධතා රැලියට සහභාගීවූවන් අමතමින් හසාරේ කියා සිටියේ ලබන 29 වැනිදා සිට ඔහු රජයට එරෙහි යළිත් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවය. හසාරේ (79) මීට පෙර අවස්ථා කිහිපයකදීද උපවාස කරමින් ඉන්දීය අගමැති මන්මෝහන් සිං ප්රමුඛ රජයට බල කළේ රජයේ දුෂණ වංචා නැවැත්වීමට වහා පියවර ගන්නා ලෙසටය. ඉකුත් වසරේ අගෝස්තුවේ ඔහු දින 12 ක උපවාසයක නියැලූණු අතර එය අවසන් වූයේ ඉන්දීය අගමැති සිං මැදිහත්වී දුෂණ වංචා විරෝධී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පොරොන්දුවක් දීමෙනි. ‘ලොක්පාල්’ යනුවෙන් නම් කෙරුණු එම පනත් කෙටුම්පත ඉන්දීය රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් පසුවය. එහෙත් එරට විපක්ෂ කණ්ඩායම්වලින් සහ සිවිල් කි‍්‍රයාකාරීන්ගෙන් විරෝධයක් ඊට එල්ල වූ අතර උත්තර මන්තී‍්‍ර මණ්ඩලයේ ද අනුමැතිය ඊට හිමි නොවිණි. දුෂණ වංචා නැවැත්වීමේ අරමුණ ඇතිව පූර්ණ බලතල සහිත පාර්ලිමේන්තු කොමසාරිස්වරයකුගේ ප්‍රධානත්වයෙන් මණ්ඩලයක් පත් කිරීම ‘ලොක්පාල්’ පනත් කෙටුම්පතේ අරමුණ වේ. අධිකරණ ක්ෂේත්රයේ ඉහළම තනතුරක් දරන අයකු කොමසාරිස්වරයා ලෙස තෝරා ගැනීමටත් ඔහුගේ සහායට තවත් අධිකරණ ක්ෂේත්රයේ නිලධාරීන් දස දෙනකු තෝරා ගැනීමටත් නියමිතව ඇත. මණ්ඩලයේ තීන්දු අභිබවා යෑමට නොහැකි ආකාරයේ බලතල ද ඊට හිමි වේ. කිසියම් හෝ අකටයුත්තක්, දුෂණ වංචාවක් සිදුවේ නම් ඉන්දීය මධ්‍යම රජයේ ඇමැතිවරුන්ට, රජයේ ජ්‍යෙෂ්ට නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කිරීමට මෙම නව පනත් කෙටුම්පත යටතේ ඉන්දීය ජනතාවට අවසර ලැබේ. කෙටුම්පත පාර්ලිමේන්තුවට හඳුන්වා දුන් අවස්ථාවේ ඉන්දීය සිවිල් කි‍්‍රයාකාරීන් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඊට විරෝධය පළ කරමින් කියා සිටියේ කොමසාරිස්වරයාගේ තනතුර සඳහා කෙනකු තෝරා ගැනීමේ දී සැලකිල්ලට භාජන කරන්නන්ගේ ලැයිස්තුවට ප්‍රාන්ත අගමැතිවරුන් සහ රජයේ ජ්‍යෙෂ්ට නිලධාරීන් ද ඇතුළත් කළ යුතු බවය. පනත කෙටුම්පත් කිරීමේදී තමන්ගේ අදහස් විමසා බැලූ නමුත් පසුව එම අදහස් සැලකිල්ලට නොගෙන පනත කෙටුම්පත් කර ඇතැයි ඉන්දීය සිවිල් කි්රයාකීරීහු ද රජයට චෝදනා කරති. පනත කෙටුම්පත් කිරීමට සහාය දී ඇත්තේ ද හසාරේය. නමුත් හසාරේ චෝදනා කරන්නේ ඔහුගේ අනුදැනුමකින් තොරව එම පනත් කෙටුම්පත ඉතා දුර්වල අන්දමට සකස් කර ඇති බවය.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගාන්ධි අනුගාමික හසාරේ යළි උපවාසයකට සැරැසේ