ලිබියා නායක මුවම්මාර් ගඩාෆිට පක්ෂපාතී නගරයක් ලෙස සැලකෙන ටි‍්‍රපොලි අගනුවරට කිලෝ මීටර් 140 ක් දුරින් පිහිටි ‘බානී වාලීඞ්’ අත්පත් කර ගැනීමේ මහ සටන ඊයේ (05) ආරම්භ විය. කැරැලිකරුවන්ට සහාය පළ කරමින් නේටෝ ගුවන් හමුදාව බානී වාලීඞ් නගරයට බෝම්බ හෙලීම ආරම්භ කළේය. ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර ඇතුළු ප‍්‍රධාන නගර රැසක් අත්පත් කර ගැනීමට ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් සමත්ව සිටියත් නගර හතරක බලය තවමත් ඇත්තේ ගඩාෆි හමුදා අතේය. එම නගර හතරින් දෙකක් වන්නේ බානී වාලිඞ් සහ ගඩාෆිගේ උපන් ගම ලෙස සැලකෙන සර්තේය. කැරැලිකරුවන් මේ වනවිට බානී වාලිඞ් මෙන්ම සාර්තේ නගරය ද වට කර ඇති අතර එම නගරවලින් පිටවන සියලූම මාර්ග අවහිර කර තිබේ. කැරැලිකරුවෝ බානී වාලිඞ් නගරය වට කිරීමෙන් පසු නගරයේ ගෝති‍්‍රක නායකයන් සමඟ ද සාකච්ඡා කළහ. එහිදී ගෝති‍්‍රක නායකයන් කිහිප දෙනකු කැරැලිකරුවන්ට පක්ෂව කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇත. බානී වාලීඞ් නගරයේ බහුතරය වර්ෆාලා නමැති ගෝති‍්‍රක ජනයාය. ඔවුහු ගඩාෆි හිතවාදීහුය. එම නිසා බානී වාලිඞ් නගර වැසියන් අතරේ ද බෙදීමක් හට ගෙන තිබෙන බව කැරැලිකරුවන්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් බානී වාලිඞ් නගරයට ගිය නියෝජිත මොහොමඞ් අබ්දෙල් අසීස් පවසයි. සාමකාමී අයුරින් බානී වාලිඞ් නගරය අත්පත්කර ගැනීමේ කටයුත්ත විසඳා ගැනීමට හැකිව තිබුණු අතර ගඩාෆි පාක්ෂිකයන් ඊට විරෝධය එල්ල කිරීමෙන් පසු ඊයේ (5)සිට නගරයට පහර දීම ආරම්භ කළ බව ලිබියා අන්තර්වාර පාලක මණ්ඩලය නිවේදනය කළේය.
ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි
ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්
පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගඩාෆිට පක්ෂ බානී වාලිඩ් නගරය අල්ලා ගැනීමේ මහ සටන ඇරඹේ