IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ගූගල් බැලුනයක් යවයි

හීලියම් පිරවූ බැලූන යොදාගෙන අන්තර්ජාල සේවා ව්‍යාප්ත කිරීමේ තාක්ෂණයක් හදුන්වාදීමට ගූගල් සමාගම පර්යේෂණ කරමින් සිටී.

බැලූනවල රදවන සම්පේ‍්‍රෂක ආධාරයෙන් ලෝකයේ අතිදුෂ්කර ප‍්‍රදේශවලට පවා අන්තර්ජාල පහසුකම් ලබා දීම මේ ව්‍යාපෘතියේ අරමුණයි.සම්පේ‍්‍රෂකය සවිකරන ලද බැලූනය ඉහළ අහසට යවනු ලැබේ.පොළවේ ඇති තරංග ජනක හා එම සම්පේ‍්‍රෂකය රැහැන් රහිතව සම්බන්ධ වේ.අනතුරුව සම්පේ‍්‍රෂකය කි‍්‍රයාත්මක කළ විට එයින් විශාල ප‍්‍රදේශයක් ආවරණය වන පරිදි පොළවෙන් ලබා ගන්නා තරංග සම්පේ‍්‍රෂණය කරයි.

අන්තර්ජාල සේවා ලබාගැනීමට අවශ්‍ය වන්නෙක් වේ නම් සිදුකළ යුත්තේ මේ බැලූන සම්පේ‍්‍රෂකයෙන් නිකුත් වන තරංග ග‍්‍රහණය කර ගත හැකි අනාවරකයක් සිය නිවසේ වහලයේ සවිකර ගැනීමයි.එවිට සිත්සේ අන්තර්ජාලය පරිශීලනය කිරීමට හැකි වනු ඇතැයි පර්යේෂකයන් පවසයි.මේ බැලූන ගුවන්ගත කළ පසු පොළව හා කිසිදු අයුරකින් සම්බන්ධ නොවේ.එනිසා බැලූන නිදහසේ අහසේ පාවේ.බැලූනයෙන් බැලූනයටත් තරංග සම්පේ‍්‍රෂණය වන බැවින් අතිවිශාල ප‍්‍රදේශයක් එකවර ආවරණය කිරීමේ හැකියාව මේ තාක්ෂණයට තිබේ.

‘‘බැලූන අන්තර්ජාල සේවය‘‘ තවමත් පවතින්නේ පර්යේෂණ මට්ටමේය.මේ දිනවල අත්හදා බැලීමේ පියවරක් නවසීලන්තයේ කදුකර පළාත් වල කි‍්‍රයාත්මකය.

සාර්ථක වුවහොත් අන්තර්ජාල සේවා සැපැයීමට දුරකථන රැහැන්,ප‍්‍රකාශ තන්තු රැහැන් ඇදීම සදහා වැයකළ යුතු වන අති විශාල මුදල ඉතිරිකර ගත හැකි වනු ඇතැයි ගූගල් සමාගමේ අදහසයි.

තවද රැහැන් එළීම තබා ළගාවීම පවා දුෂ්කර ප‍්‍රදේශවල ජීවත් වන පුද්ගලයන්ටත් අන්තර්ජාලයෙන් ලෝකයා හා සම්බන්ධ වීමට අවකාශ ලැබෙනු ඇත.



අදහස් (0)

ගූගල් බැලුනයක් යවයි

බුද්ධික Tuesday, 18 June 2013 06:52 PM

ජීවන්. ඔබ කියනව "අපේ විශ්ව විද්‍යාල දරුවෝ නම් ඉතින් උද්ඝෝෂණ කරකර ඉන්නවා." කියලා, අපේ විශ්ව විද්‍යාලයේ තවම අපිට ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ 10 මෙගාබයිට්ස් විතරයි. අපි ඒකත් බොහොම අමාරුවෙන් ගත්තේ උද්ගොෂණය කරලා තමයි. ඉතින් අපිද වැරදිද?(නදී)

:       0       0

චන්දන Tuesday, 18 June 2013 07:25 PM

බැලූනය පොලවට කිසිසේත් සම්බන්ධයක් නැත්තේනම් එය පාවෙන්නෙ වායුගෝලය තුල බැවින් වායුගෝලයෙ වායු තරංග වල බලපෑමෙන් මේවාවේ රැදවුම් ස්ථාන වලින් පාවීයාහැකී නේද? මෙයට වඩා මෙම කටයුත්ත චන්ද්‍රිකා හරහා කරගත නොහැකිද? (අ)

:       0       0

මාලක Tuesday, 18 June 2013 11:48 AM

එහෙ ඒ පරයේෂණ කරන අතරේ මෙහෙ කට්ටිය දැන්ම ඉදන් මේකෙන් බද්දක් ගහන හැටි ගැන පර්යේෂණ පටන් අරන් ඇති. (නි)

:       0       0

සිතිර Tuesday, 18 June 2013 11:53 AM

මේකේ තියෙන්නේ චන්ද්‍රිකා තාක්ෂණයේ මූලධර්මයමයි වගේ. නමුත් හොඳ අදහසක්. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 18 June 2013 12:17 PM

සුද්දා කොහොමත් වැඩ කාරයානේ (නි)

:       0       0

සංජීව Tuesday, 18 June 2013 12:19 PM

අපේ විශ්ව විද්‍යාල වල ඉන්න මොළ වලට සල්ලි වලින් උදව් කළා නම් අපිටත් මේ වගේ දේවල් ගැන පර්යේෂණ කරන්න තිබුනා (නි)

:       0       0

ජීවන් Tuesday, 18 June 2013 04:10 PM

අපේ විශ්ව විද්‍යාල දරුවෝ නම් ඉතින් උද්ඝෝෂණ කරකර ඉන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 367 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 117 0


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 1382 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


ඉන්දියාවේ බෝට්ටු අනතුරක්
2024 අප්‍රේල් මස 16 48 0

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝට්ටු අනතුර සිදුවී ඇත්ත


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 2792 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 16 29 0

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1423 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1348 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site