IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කාශ්මීරයේ යළි ගැටුම්



(ශ්‍රීනගර්හිදීය (ඒ.එෆ්.පී)
 
 
ඉන්දීය කාශ්මීරයේදී හමුදා රථයකට ගැටී තරුණයකු මියයෑමත් සමඟ කාශ්මීරය නැවතත් උණුසුම් වී තිබේ.
 
ජීවිතක්ෂයට පත්වූ තරුණයාගේ අවමංගල්‍යය සෙනසුරාදා (2) පැවැති අතර ඊට සහභාගී වූ දහස් ගණනක් විරෝධතාවල නිරත වූහ. 
 
එම පිරිස් පළවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ මිරිස් ඉහින අත් බෝම්බ යොදා ගැනීමට පොලිසිය කටයුතු කළේය. 
 
විරෝධතාකරුවන්  පොලිසිය වෙත ගල් ප්‍රහාර රැසක් එල්ල කර තිබෙන විරෝධතා හේතුවෙන් ඉන්දීය කාශ්මීරයේ ප්‍රධාන නගරය වන ශ්‍රී නගර්හි ද බෙදීමක් ඇති වී තිබේ. 
 
ශ්‍රී නගර් හි ඇති වූ මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් විරෝධතාකරුවන් සිවිදෙනකු තුවාල ලැබූ බව පොලිසිය සහ සිද්ධිය ඇසින් දුටුවෝ කීහ. 
 
මහ පල්ලිය ආසන්නයේදී ආරක්ෂක අංශවලට අයත් රථයක ගැටීමෙන් 21 හැවිරිදි කයිසෙර් බාත් ජීවිතක්ෂයට පත්වූයේ සිකුරාදා (1) ය. 
 
ඒත් සමඟ පොලියසිය ප්‍රචණ්ඩත්වය වපුරන බවට චෝදනා කරමින් ශ්‍රී නගර් වැසියෝ විරෝධතාවල යෙදුණාහ. විරෝධතා සෙනසුරාදා දිනයේදීත් පැවැති අතර පිරිස් පොලිසිය වෙත් ගල් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ එය ගැටුමක් දක්වා උත්සන්න විය. 
 
(055)



අදහස් (1)

කාශ්මීරයේ යළි ගැටුම්

ධනුෂ්ක Monday, 04 June 2018 03:39 AM

එංගලන්තය දෙවන ලෝක යුධ සමයේ බර්ලීන් නගරයට කාල බෝම්බ දහස් ගානක් හෙලා තියනවලු වුවමනා වෙලාවට පුපුරවන්න. තාම එ්ව පොලව යට තියනවලු. මේ ළඟදිත් එකක් හම්බුනා. එමෙන්ම ඔවුන් තම යටත් විජිතවලත් නිදහස ලබා දෙන විට ජාතිවාදය. අාගම්වාදය, දේශසීමා අර්බුදය නැමැති කාල බෝම්බ අටවලා ගිහිල්ලා තියෙන්නේ කාලෙන් කාලෙට පුපුරන්න. වෙන මුකුත් නිසා නෙමේ අනාගතයේ තමන්ට තරඟකරුවන් අඩු කර ගැනීමටත්, නව යටත්විජිතවාදය තහවුරු කිරීමටත්. අපිත් එ් බෝම්බ තාමත් කරේ තියන් යනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 620 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 110 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 265 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 152 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1504 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 452 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site