දකුණු කාශ්මීරයේ ඉන්දීය ආරක්ෂක අංශ සහ සටන්කාමීන් කණ්ඩායමක් අතර ඇති වූ ගැටුමකින් සටන්කාමීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
ආරක්ෂක අද අලුයම (12) කරන ලද මෙහෙයුමක් අතරවාරයේදී එම සටන්කාමීන් දෙදෙනා මියගිය බව නිලධාරියෙක් පැවැසීය. දකුණු කාශ්මීරයේ හෙන්ද් සතිඕරා ගම්මානයේ දී එම ගැටුම් ඇති වී තිබේ.
“සටන්කාමීන් සැඟවී සිටින ස්ථාන සොයා ආරක්ෂක අංශ මෙහෙයුම් ක්‍රියාත්මක කළා. එම අවස්ථාවේදී සටන්කාමීන් ආරක්ෂක අංශ වෙත වෙඩි තැබුවා. සටන්කාමීන් දෙතුන් දෙනෙක් ගම්මානයේ සැඟවී සිටින බව තොරතුරු ලැබුණා. ගැටුම්වලින් සටන්කාමීන් දෙදෙනෙකු මියගිය බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ බව විශ්වාසයි. එහෙත් තවමත් ඔවුන්ගේ සිරුරු ලැබුණේ නැහැ” යැයි එම නිලධාරියා කීවේය.
ආරක්ෂක අංශවලට හසු වූ බව කියන සටන්කාමීන් දෙදෙනා නික්ලෝරාහි බෂාරත් අහ්මද් සහ කාසිපෝරාහි තරීක් අහ්මද් නමැත්තන් බව ආරක්ෂක අංශ විශ්වාස කරන බව ද වාර්තා විය. ඔවුන් දෙදෙනාම ලක්ෂාර් ඊ තලීබා සංවිධානයට අයත් යැයි ද කියැවේ. අහ්මද් නමැත්තා සටන්කාමීන් හා එකතුවීමට පෙර විශේෂ පොලිස් නිලධාරියකු ලෙස කටයුතු කර ඇති අතර අප්‍රේල් 26 වැනිදා ඔහු සිය රාජකාරී රයිෆලය ද සමඟ අතුරුදන් වී ඇතැයි ද වාර්තා විය.
මියගිය හෝ අත්අඩංගුවට පත්වූ සටන්කාමීන් පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රසිද්ධියට පත් කර නැත. පූර්ව ආරක්ෂක පියවර ලෙස ප්‍රදේශයේ අන්තර්ජාල සේවා නවතා දැමීමට ද බලධාරීන් පියවර ගෙන ඇත.
(ද හින්දු ඇසුරිනි)
055
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කාශ්මීරයේ ගැටුමකින් සටන්කාමීහු දෙදෙනෙක් මරුට