වර්ෂ1953 දී එක්සත් ජාතීන්ගේ ආවරණය යටතේ සටන් කළ එක්සත් ජනපද හමුදාව සහ චීනයේ සහාය ලත් කිම් ඉල්සුන්ගේ හමුදාව අතර සටන් අවසන් වූයේ සාම ගිවිසුමකින් නොව සටන් විරාමයකිනි. එනම් නිල වශයෙන් එම රටවල් දෙක තවමත් සටන අවසන් කර නැත. මේ තත්ත්වය වඩාත් අවධානයට ලක් වන්නේ දකුණු කොරියාවේ හා එක්සත් ජනපද හමුදා මේ සතියේ සඳුදා සිට ආරම්භ කළ යුද අභ්‍යාසයත් සමග කොරියානු අර්ධද්වීපයේ හටගෙන ඇති උණුසුම්කාරී තත්ත්වය නිසාය. න්‍යෂ්ටික බලයෙන් කි‍්‍රයා කරන සබ්මැරීන යොදා කෙරෙන මෙම යුද අභ්‍යාසය තමන්ට එරෙහි සටනකට කෙරෙන පෙරහුරුවක් ලෙස හඳුන්වන උතුරු කොරියාව එවැනි ප්‍රහාරයකින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට උපරිමයෙන් සූදානම්වන බව ප්‍රකාශ කරයි. මේ සතියේදී උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් ප්‍රකාශයක් කරමින් තම හමුදාවට මඟ පෙන්වීම් රාශියක් නිකුත් කළ බව කීවේය. ඉන් අදහස් වන්නේ තම න්‍යෂ්ටික අවි බලය ශක්තිමත් කිරීම සඳහා තවත් න්‍යෂ්ටික පිපිරවීමක් විය හැකි යැයි බොහෝ වාර්තාවල සඳහන්වේ.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් |
මීට පෙර 2006 දී සහ 2009 දී උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් දෙකක් සිදු කළේ එක්සත් ජනපදයේ ඉල්ලීම මත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සම්බාධක පැනවීමත් සමගය. මෙම සම්බාධක අනුව උතුරු කොරියාවට න්‍යෂ්ටික අත්හදා බැලීම් හෝ ප්‍රහාරක රොකට් අත්හදා බැලීම් තහනම් කෙරිණ. ඉන්පසුව තුන්වැනි වරටත් සම්බාධක තවත් දැඩි වූයේ පසුගිය දෙසැම්බර් මාසයේදී උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කිරීමත් සමගය. මෙම රොකට්ටුව ගුවන් ගත කළේ සන්නිවේදන චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීම සඳහා යැයි පවසන උතුරු කොරියාව එවැනි සාමකාමී කටයුතු සඳහා රොකට්ටු යොදා ගැනීමට තමන්ට සම්පූර්ණ අයිතියක් ඇතැයි අවධාරණය කරයි. එහෙත් දකුණු කොරියාව සහ එහි මිත්‍ර රටවල් වන එක්සත් ජනපදය හා ජපානය එය දුරදිග මිසයිල අත්හදා බැලීමක් බව කියති. ඒ අනුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ චීනය ඇතුළු සියලූ සාමාජික රටවල් නව සම්බාධක පැනවීමට සහාය දුන්හ. උතුරු කොරියාවේ රොකට් අත්හදා බැලීමට ප්‍රතිචාර වශයෙන් පසුගිය සතියේදී දකුණු කොරියාවද රොකට්ටුවක් ගුවන් ගත කළද ඊට අන්තර් ජාතික විරෝධයක් පළ වූයේ නැත.
ඉන් අනතුරුව එක්සත් ජනපදය හා දකුණු කොරියාව මෙම සතියේ සඳුදා සිට දින තුනක යුද අභ්‍යාසයක් ඇරැුඹීමට උතුරු කොරියාව ප්‍රතිචාර දැක්වූයේ තුන්වැනි න්‍යෂ්ටික අත්හදා බැලිීමක් කරන බව පැවසීමෙනි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව එක්සත් ජනපදය සිය චන්ද්‍රිකාවලින් ලබාගත් තොරතුරුවලින් තහවුරු කර ගෙන ඇත. එමෙන්ම න්‍යෂ්ටික අත්හදා බැලීමක් කරන්නේ නම් එය භූකම්පන තරංග ආශ්රයෙන් තහවුරු කර ගැනීමටද එක්සත් ජනපදය සූදානම්ය. මේ සතියේ සඳුදා රාජ්‍ය ලේකම් තනතුරේ වැඩ භාරගත් ජෝන් කෙරි දකුණු කොරියානු විදේශ ඇමැතිවරයා සමග දුරකථන සාකච්ඡාවක යෙදෙමින් උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සම්බාධක නොතකා න්‍යෂ්ටික අත්හදා බැලීමක් කළහොත් ඉතා දැඩි කි‍්‍රයාමාර්ග ගැනීමට එක්සත් ජනපදය පසුබට නොවන බවට සහතික වූයේය. මෙතෙක් පැනවූ සම්බාධක කිසිවකින් උතුරු කොරියාව දුර්වල කිරීමට හෝ යටපත් කිරීමට නොහැකිවූ නිසා දැඩි කි‍්‍රයාමාර්ගය අවි බලය යොදා ගැනීමට වඩා අඩු දෙයක් විය නොහැකිය. 1953 සටන් විරාමයේ සිට එක්සත් ජනපදය හමුදා භටයන් 28500ක් දකුණු කොරියාවේ රඳවා ඇත.
දකුණු කොරියාවේ මිසයිල ප්‍රදර්ශනය කළ අවස්ථාවක් |
එක්සත් ජනපදය වැනි සුපිරි බලවතකුගේ ප්‍රහාරයකට මුහුණදීමට හා ප්‍රති ප්‍රහාරයක් එල්ල කිරීමට උතුරු කොරියාවට හැකියාවක් පවතීද යන්න ගැන කිසිවෙකු තුළ අධි තක්සේරුවක් විය නොහැකි නමුත් න්‍යෂ්ටික අවිද යොදා ගන්නා ගැටුමකදී විය හැකි හානිය කලාපයේ බොහෝ රටවලට බලපාන බවට සැකයක් නැත. තමන්ගේ ශක්තිය ගැන තක්සේරුවක් කර ගන්නා උතුරු කොරියාවද උපරිම හානියක් සිදු කිරීමට පසුබට වන්නේ යැයි කිව නොහැකිය. චීනය වැනි රටක් ඊට කුමන ප්‍රතිචාරයක් දක්වන්නේද යන්නත් වැදගත් සාධකයක් විය හැකිය. එවැනි පසුබිමක් තුළ අවි ගැටුමකට යෑම අවසාන විසඳුමක් නොවන නමුත් මෙම ගැටලූව වෙනත් මාර්ගයකින් විසඳා ගැනීමට විශේෂයෙන් එක්සත් ජනපදයට අවශ්‍යතාවක් පවතීද යන්න සැක සහිතය. චීනය අයිතිවාසිකම් ඉදිරිපත් කරන සියා ඕයු දුපත ගැන ජපානය සමග ඇති අර්බුදයේදීත් දකුණු චීන මුහුදේ ස්ප්රැට්ලි දුපත් සම්බන්ධ අර්බුදයේදීත් එක්සත් ජනපදයේ වඩාත් ප්රමුඛ කර ගත්තේ සිය දේශපාලන හා හමුදාමය අවශ්‍යතාවන්ය. එය කොරියානු ගැටුමකදීද වෙනස් විය නොහැකිය. එම නිසා කොරියාවේ නැගෙනහිර මුහුදේ කෙරෙන හමුදා අභ්‍යාස සැබෑ මෙහෙයුමක්වීමේ අනතුර සුළුකොට තැකිය යුතු නොවේ.
දකුණු කොරියාව සහ ඇමරිකාව ඒකාබද්ධ යුද අභ්‍යාසය |
දකුණු කොරියානු ජනාධිපති |
දකුණු කොරියාවේ රොකට් අත්හදා බැලීමක් |
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොරියන් යුද්ධය සටන් විරාමයෙන් ඔබ්බට
පී.ඒ.චන්ද්‍රදාස Friday, 08 February 2013 01:18 PM
යුද්ධයකින් දෙපාර්ශවයේ ශක්තිය උරගා බලනවාට වඩා සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසදා ලොව සාමය උදෙසා සහාය දීම වඩාත් උචිතය. (නි)
අරලියා Sunday, 10 February 2013 03:03 PM
මාර පත්තර මහත්තයෙක්නේ. (නි)
තිලින Friday, 08 February 2013 03:06 PM
දෙවෙනි රූපය නම් උතුරු කොරියාව වගේ (ස)
සම්පත් Saturday, 09 February 2013 05:15 PM
අර මියයිල් ටික උතුරැ කොරියාවේ.. අයියෝ අනේ තාම රටක කොඩියක්වත් අදුරගන්න බැරිද?(නු)