IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කරච්චි නුවර බෝම්බ පිපිරී 20 ක් මරුට: 66 කට තුවාල

පාකිස්තානයේ කරච්චි නුවර අසීසාබාද් ප‍්‍රදේශයේ මුටාඩියා අල් කුවාමී පක්ෂ කාර්යාලය අසල පෙරේදා (4) අධිබලැති බෝම්බ දෙකක්  පුපුරා යෑමෙන් කුඩා දරුවන් දෙදෙනකු ද ඇතුළුව 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන්ගේ ගණණ 66 කි.
පළමු බෝම්බය පිපිරී තත්ත්පර කිහිපයක් යද්දී දෙවැනි බෝම්බය පුපුරා ඇත. පොලිසිය පවසන්නේ එය කාල බෝම්බ කියාය.
ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. එය තරීක් ඊ තලේබාන් සටන්කාමීන්ගේ ප‍්‍රහාරයක් යැයි අනුමාන කරේ.
ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට මුටාඩියා අල් කුවාමී පක්ෂය ද ඉදිරිපත් වෙයි.
එම පක්ෂය සහ තවත් පක්ෂ දෙකක් ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරුවන බවට තලේබාන්වරුන් අනතුරු අඟවා ඇත.
තලේබාන් සටන්කාමීන්ගේ ඉලක්කය වී ඇති අනෙක් පක්ෂ දෙක වන්නේ අවාමි ජාතික පක්ෂය සහ පාකිස්තාන ජනතා පක්ෂයයි.  පෙරේදා සිදුවුණු බෝම්බ පිපිරුමෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිප දෙනෙකු ද මියගොස් ඇතැයි පාකිස්තාන පුවත් සේවා පවසයි. 
මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ඇරැඹීමෙන් පසු ඉකුත් අපේ‍්‍රල් 11 වැනිදා සිට මේ දක්වා බලූකිස්තාන ප‍්‍රාන්තයෙත් සෙසු ප‍්‍රාන්ත සහ ප‍්‍රධාන නගරවලත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා රැසක් වාර්තා විය. ඉකුත් 27 වැනිදා ද කරච්චි නුවර ද බෝම්බ පිපිරීමක් සිදුවිය. එම බෝම්බ ප‍්‍රහාරය එල්ල වූයේ මැතිවරණ රැුලියක් ඉලක්ක කර ගනිමිනි. එයින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන්ගේ ගණන 30 කි.



අදහස් (0)

කරච්චි නුවර බෝම්බ පිපිරී 20 ක් මරුට: 66 කට තුවාල

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 728 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 116 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 283 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1510 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 468 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1528 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site