පාකිස්තානයේ කරච්චි නුවර වෙළෙඳපොළක ඊයේ (19) බෝම්බ දෙකක් පුපුරා ගිය අතර පුද්ගලයෝ 6 දෙනෙක් ඊට බිලිවූහ. විසි පස්දෙනෙක් තුවාල ලැබූහ. මියගිය පිරිස අතර නව හැවිරිදි කුඩා දැරියක ද සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි. බෝම්බ පුපුරා ගියේ හයිදේරි නමැති වෙළෙඳපොළේය. පළමු බෝම්බය පුපුරා මිනිත්තු තුනකින් දෙවැන්න පුපුරා ගොස් ඇතැයි කරච්චි නුවර පොලිසිය පවසයි. බෝම්බ පුපුරා යද්දී හයිදේරි වෙළෙඳපොළ ජනතාවගෙන් පිරී තිබුණු බවද කරච්චි පොලිස්පති ඉක්බාල් මෙහ්මූද් පවසයි. එක් බෝම්බයක් කසළ බඳුනක ද අනෙක රථ ගාලකද අටවා තිබූ බව පොලිස්පති වැඩි දුරටත් කියා සිටී. ප‍්‍රහාර ගැන පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතී. බෝම්බ ප‍්‍රහාරවලින් වෙළෙඳසල් සහ මෝටර් රථ කිහිපයකට බරපතළ හානි සිදුවී ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් කරා ගෙන ගිය බවත් ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ. ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාර ගෙන නැත. එය තලේබාන් හෝ වෙනත් ඉස්ලාමීය සටන්කාමී සංවිධානයක් හෝ එල්ල කළ ප‍්‍රහාරයක් යැයි පොලිසිය විශ්වාස නොකරයි. කරච්චි නුවර ආගමික සහ දේශපාලන ගැටුම් බහුලය. ඊයේ සිදුවුණු එම බෝම්බ ප‍්‍රහාර සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන්ගේ ආගමික ගැටුමක් විය හැකි යැයි පොලිසිය අනුමාන කරයි.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කරච්චියේ වෙළෙඳ පොළක බෝම්බ 2 ක් පිපිරී 6 ක් මරුට
නසාර් Thursday, 20 September 2012 04:59 PM
අවසාන මොහොත මාගේ ලෝක විනාශය දෑස මානේ.... (නි)
අලික් Thursday, 20 September 2012 10:24 AM
මධූ මේක කියෙව්වේ නැද්ද , මට අද මධූගේ අදහස් කියවන්නත් ආසයි.(ස)
මධූ Thursday, 20 September 2012 11:48 AM
දවස ගානෙම කට්ටියට ලොතරැයි ඇදෙනවා...(ස)