IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කැමැති මුදලකට කෑම කන කඩයක් චීනයේ

තමන්ට සුදුසුයැයි හැගෙන ගණනක් ගෙවා ආහාර ලබා ගත හැකි අවන්හලක් චීනයේ ෆස්හු ප්‍රදේශයේ ඇත.

මෙහි හිමිකරු වන්නේ ආයෝජකයෙකු වන ලියු පෙන්ග්ෆෙයි ය. බයිබලයේ සදහන් ජේසුස් වහන්සේ පන්දහසකට කෑම දුන් සිදුවීම තමන් මෙවැනි අවන්හලක් ආරම්භ කිරීමට මෙහෙයවූ බව ඔහු කියයි.

එම අවස්ථාව සිහිගැන්වීමට ඔහු තම අවන්හලට නම තබා ඇත්තේත් ‘පාන් රාත්තල් පහ හා මාලූ කූරි දෙකේ‘ අවන්හල ලෙසය.

මෙම අවන්හලට පැමිණෙන්නෙකුට ආහාර මෙනුවේ ඇති ඕනෑම කෑමක් ඇනුවුම් කර ඊට සාධාරණ යැයි තමන්ට හැගෙන ඕනෑම ගණනක් ගෙවා යා හැක.

නමුත් අවන්හලට පැමිණෙන ඇතැමුන් මුදල් කිසිත් නොගෙවාම ආහාර ගෙන පිටව යන බව ලියු පවසයි.මේ නිසාවෙන් තමන් මෙම ව්‍යාපාරය කරගෙන යන්නේ පාඩු පිට බව ඔහු කියයි.

නමුත් මෙතැනට පැමිණෙන අවංක පුද්ගලයිනුත් නැතුවාම නොවේ.අවන්හලට දිනපතාම පැමිණෙන බැංකු සේවකයෙකු වන ෆෙන්ග් වෙයි එවැන්නෙකි.දිනපතාම තම කුඩා පුතණුවන් සමග අවන්හලට පැමිණෙන ෆෙන්ග් රිසි සේ ආහාර ගෙන එම ආහාර ගෙවීමක්ද සිදුකරන්නෙකි.

‘මෙය ඉතා හොද සංකල්පයක්.සමහරු ඉන්නවා තමයි කාලා බීලා මුකුත් නොදීම යන අය.ඔවුන් අවංක පුද්ගලයින් ලෙස මා දකින්නේ නැහැ.මම මගේ පුතාවත් මෙතැනට රැගෙන එන්නේ ඔහුට අවංක කම ගැන කියාදීමට.තමන්ට නිකන්ම දෙයක් ලැඛෙන විට එයට කෘතගුණ සැළකීම යුතුකමක් බව පෙන්වාදීමට‘ යැයි ඔහු කියයි.

පාඩු ලැබුණත් අවන්හල දිගටම පවත්වාගෙන යාමට තමන් අදහස් කරගෙන සිටින බව හිමිකරු ලියු කියයි.ඉදිරියේදී කිසිත් නොදී පිටව යන පුද්ගලයින් කොටු කර ගැනීමටත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරගෙන සිටින බවත් ඔහු පවසයි.



අදහස් (0)

කැමැති මුදලකට කෑම කන කඩයක් චීනයේ

නලීන් Wednesday, 11 December 2013 08:41 PM

ඔව් අමිල, කාලා අරක්කු ටිකකුත් බීලා සල්ලි ටිකකුත් අරන් යන්න පුළුවන් ඒවා ලංකාවේ තියෙන්නේ. (නි)

:       0       0

අමිල Thursday, 12 December 2013 07:36 AM

ලංකාවෙත් ඔය වගේ පිනට කන්න දෙන තැනක් තියෙනවා (නි)

:       0       0

කුමාර Wednesday, 11 December 2013 09:09 PM

එතකොට එම ආපන ශාලාවේ මස්,හුනෝ මස්,මි මස්,ගෙඹි මස්, කැරපොතු මස්, ගැරඩි මස්, බලුමස්,පුසෝ මස්, ගැඩවිල් පනුවෝ,කටුසු මස් ආදි වශයෙන් මේ ලෝකේ ඉන්න සියලුම ප්‍රාන ජීවීන් ආහාර පිණිස තියලද? ඔව් ඉතින් එතකොට නිකන් කන්න දෙන්න මොකෝ බැරි. (නදී)

:       0       0

සුසන්ත ජයවික්‍රම Wednesday, 11 December 2013 05:27 PM

මේ වගේ අවන්හලක් මෙල්බර්න් වල තියෙනවා. ඒක ආරම්භ කලේ ශ්‍රී ලාංකිකයෙක්. ඒකේ නම "ලෙන්ටිල් වගේ ඕනේ දෙයක්" එකේ හැම ජාතියකම කෑම තියනවා. කෑම කාල තමුන්ට සුදුසු ගණනක් දීල යන්න පුලවන්.(නදී)

:       0       0

ශානි Wednesday, 11 December 2013 05:33 PM

නියමයිනේ (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 11 December 2013 06:55 PM

අපෙත් මීට වඩා හොද ඒවා තියෙනවා ඡන්ද කාලෙට (නි)

:       0       0

නරනප්පා Thursday, 12 December 2013 12:25 PM

ඕක ඉතින් අපිට අලුත් දෙයක්යෑ? අපේ බත්තරමුල්ලේ හෝටලේ නිකන් කන්න දීලා මාසේ පඩියත් දීලා පැන්ෂන් එකකුත් දෙන්නේ (නි)

:       0       0

අසෝකා Thursday, 12 December 2013 03:20 AM

කෙනෙක් යමක් කරන විට වැරදි විදියටම බලන්න පුරුදු වෙන්න එපා, කුමාර, මේ ගැන හුගක් බැරිනම් ටිකක් හරි සුභාවාදිව බලන්න පුරුදු වෙන්න. අපේ පුරුදු අපේ දරුවොත් කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 159 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 85 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 6817 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 86 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 402 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 728 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site