කාබුල්හිදීය (ඒ.එෆ්.පී)
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර විශාල පිපිරීමක් සිදු ව ඇතැයි එරට බලධාරීහු පවසති.
“කාබුල් නුවර ෂාර් ඊ නාව් ප්‍රදේශයේ පිපිරීමක් සිදුවෙලා. ඒ බව තහවුරු කරන්න මට පුළුවන්. අපි දැන් ඒ ගැන සොයා බලමින් ඉන්නේ” යැයි නගර පොලිසියේ ප්‍රකාශකයකු වන ෆර්දවාස් ෆ්‍රාමූර්ස් ප්‍රංශ පුවත් සේවයට පැවැසීය. යුද්ධයෙන් ඉරී තැළී ගියත් ඇෆ්ගන් වැසියන් රාමදාන් උපවාස ආරම්භ කර තිබියදී මෙම පිපිරීම සිදුවිය.
පිපිරීම සිදුව ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘කෙයාර් ඉන්ටර්නැෂනල්” කාර්යාල ආසන්නයේ යැයි වාර්තාවේ.
“මොනවගේ පිපිරීම්ද කියලා තවම අපිට තොරතුරු වාර්තා වෙලා නැහැ. එහෙත් වෙඩි ශබ්ද ඇහෙනවා” යැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක නස්රාත් රහිමි මහතා පැවැසීය. වසර 18ක් මුළුල්ලේ පවතින ඇෆ්ගන් යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකානු සහ තලේබාන් නියෝජිතයන් කටාරයේදී සාම සාකච්ඡාවල නිරත වී සිටින අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල විය.
තලේබාන් සහ ඇමෙරිකානු නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී දැවැන්ත සාම සමුළුවක් කාබුල් නුවරදී පසුගිය සතියේදී පැවැත්විණි. එහිදි රාමදාන් උපවාස සමය ආරම්භයේ සිට සටන් විරාමයක් ආරම්භ කරමු යැයි ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානී යෝජනාවක් ඉදිරිපත් කළ ද කැරැලිකරුවෝ එම යෝජනාව ප්‍රතික්ෂේප කළහ.
සටන් නවත්වන්නැයි කරන ලද ඉල්ලීම්වලට තලේබාන් සංවිධානය පසුගිය වසරේදී දැඩි ප්‍රතිචාර දැක්වූ අතර එලෙස ඉල්ලීම් තිබියදීද ප්‍රහාර එල්ල කළේය. සාකච්ඡා මේසයේදී තමන්ට වාසිදායක තත්ත්වයක් උදා කරගැනීම සඳහා ද තලේබාන් සංවිධානය ප්‍රහාර එල්ල කළ බවට චෝදනා එල්ල වී තිබේ
පසුගිය වසරේ රාමදාන් උපවාස සමය අවසන් වූ අවස්ථාවේදී තලේබාන් සංවිධානය දින තුනක සටන් විරාම කාලයක් නිවේදනය කළේය. කෙසේ නමුත් එම රාමදාන් මාසය ආරම්භයේදී ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානී දින අටක තාවකාලික සාම කාලයක් ප්‍රකාශයට පත් කළේය.
වසර 2001 දී සිදු වූ ඇමෙරිකානු ආක්‍රමණයෙන් පසුව ඇෆ්ගනිස්තානය තුළ නිල වශයෙන් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කළ පළමු අවස්ථාව එය විය. ඒ හේතුවෙන් කිසිදු දිනක නොවූ අයුරින් ඇෆ්ගනිස්තානය තුළ සංහිඳියාව ඇතිවන ලක්ෂණ පෙන්නුම් කළේය.
(055)
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කාබුල් නුවර පිපිරීමක්