IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


කොඩිවිනේ කපන්න කෙල්ල බල්ලාට දෙයි

18 හැවිරිදි දැරියක බල්ලකුට විවාහ කර දීමට නැගෙනහිර දිග ඉන්දියාවේ අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි ගම්මානයක වැසියෝ කටයුතු කළහ.

දැරියට බන්ධනයක් සිදුකර ඇතැයිද ඇය පිරිමියෙකු හා විවාහ වන්නේ නම් එය ගමට මෙන්ම ඇයගේ පවුලටත් අවාසනාව ගෙන එනු ඇතැයිද ගමේ යකදුරා පැවසූ හෙයින් මෙසේ ඇයව බල්ලකුට විවාහ කර දුන් බව ඔවුහු පැවසූහ.

කෙසේ නමුත් බන්ධනයේ බල බිදුණු පසු ඇයට නිසි පරිදි විවාහයක් සිදුකර ගත හැකි යැයිද යකදුරා පැවසූ බව ඇයගේ පියා සඳහන් කළේය.

මුන්ග්ලි මුන්ඩා නම් වූ මෙම දැරිය හා ඇයගේ ‘‘මනාලයා‘‘ වූ ෂේරු සාම්ප්‍රදායික ඇදුමින් පැළදුමින් සැරසී සිටිනු දැකගත හැකිවුනි.

මනාලයා තැති ගැන්මට පත්ව සිටින සෙයක් පෙනුනි.නමුත් ක්‍රමයෙන් ඔහු සන්සුන් විය.

උත්සවයේ අවසානභාගය වන විට මේ සිව්පා මනාලයා සිටියේ නිදාගෙනය.

මුන්ග්ලි මුන්ඩාට තවත් වසර කිහිපයක් යන තෙක් ෂේරුව හොදින් බලා කියාගෙන සිටීමට සිදුවනු ඇත.

ඕනෑම ගැහැණු ළමයෙකු මෙන් තමන්ගේද සිහිනය කවදා හෝ හොද ස්වාමිපුරුෂයෙකු ලබාගැනීම බව පවසන ඇය තමන්ට කර ඇති බන්ධනයේ බල බිදුණු විගසම ගැලපෙන පුරුෂයෙකු තෝරාගෙන විවාහ දිවියට එළැඹීමට අදිටන් කරගෙන සිටින්නීය.

1409742711244_wps_50_JHARKHAND_INDIA_AUGUST_30 1409743120433_wps_51_JHARKHAND_INDIA_AUGUST_30 1409743171949_wps_53_JHARKHAND_INDIA_AUGUST_30 1409743527186_wps_54_JHARKHAND_INDIA_AUGUST_30



අදහස් (0)

කොඩිවිනේ කපන්න කෙල්ල බල්ලාට දෙයි

කපිල Friday, 05 September 2014 06:56 AM

ඉන්දියාවේ ඉන්නේ මෙහෙම මිනිස්සු තමයි. (ස)

:       0       0

නලීන් Thursday, 04 September 2014 02:57 PM

මටත් පෙනෙන්නේ ගමේම ඇහැට කනට පෙනෙන කෙල්ලෙකුට ඉන්නේ මේ ළමයා විතරයි වගේ. ඊර්ෂ්‍යායාවට කරපු වැඩක්ද කෙහේද? (නි)

:       0       0

සෙන්සා Friday, 05 September 2014 07:01 AM

නිර්මල බුදු දහම ප්‍රතික්ෂේප කරපු රටක්.ආටෝපයට හා හණමිටියට යටවුණ රටක්.ලෝකය ඉතා සුන්දර හෝ කෘෘර බවත්, අන්තයන් මිස මධ්‍යස්ථ ලෝකයක් නොදකින නොදැමුණු මිනිසුන්ගෙන් පිරි රටක්. එහෙව් රටක මේවා සුලු දේවල්. අප අනාගත පරපුර මේ රැල්ලෙන් බෙිරා ගැනීම අප රටෙි වගකීමයි. (ස)

:       0       0

අප්පුහාමි Friday, 05 September 2014 07:30 AM

අනේ මේ දරුවා ඉපදිලා ඉන්නේ වැරදි රටක. මේ කියන රටෙන් වැඩි හරියක් මෙහෙම තමයි . (ස)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 04 September 2014 03:34 PM

යකදුරාගෙන් කෙල්ලට ප්‍රවේශම් වෙන්න වේවි වගේ. මේක යකදුරාගේ උගුලක් නිසැකවම. (නදී)

:       0       0

කසුන් Friday, 05 September 2014 07:33 AM

මම ඉන්දියාවේ ගියොත් ගමට හෙන ගැහැව්වත් කමක් නෑ කියල, කෙල්ලව පන්නන් එනවා. (ස)

:       0       0

රුවන්තිකා Thursday, 04 September 2014 03:41 PM

අනිල් හරි. වටේ ඉන්න කව්රුත් මේ ගැහැණු ළමයා තරම් ඇහැට කනට පේන්නේ නැහැ. කෙල්ලගේ ජීවිතේ අපරාදේ (නදී)

:       0       0

නිලූ Friday, 05 September 2014 08:27 AM

අනේ ඇත්තට මේ අයට පිස්සුද? (නි)

:       0       0

නිලුපුලී Friday, 05 September 2014 08:27 AM

අම්මලා තාත්තලා ඔක්කොම එකයි බලනකොට (නි)

:       0       0

කුරුප්පු Friday, 05 September 2014 11:27 PM

කාටද ආඩම්බර? (නි)

:       0       0

අජිත් Thursday, 04 September 2014 04:36 PM

අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

තිලිනක Friday, 05 September 2014 08:30 AM

අනේ මෙහෙමත් විකාර වැඩ? (නි)

:       0       0

අනිල් Friday, 05 September 2014 08:48 AM

අනේ! මම ඒ බල්ලා වුණා නම්.... (නි)

:       0       0

යසින්ත Friday, 05 September 2014 09:09 AM

ඉන්දියාවේ මිනිස්සු මෙච්චර මෝඩද? (නි)

:       0       0

රූපවතී Thursday, 04 September 2014 06:30 PM

මෙහෙමත් මිනිස්සු ඉන්න රටක්! මොවුන් හඳටත් ගියා නේද? හඳ පෑයුවා සේ සමාන ඒ තරුණියගේ සිරියාව සහ ලස්සන... (නි)

:       0       0

තබිත් Friday, 05 September 2014 09:51 AM

ලස්සන යුවතියක් .මේ තරම් ජිවිතයක් අවතක්සේරු කරනවද ? කෝ කාන්ත විමුක්ති සංවිධානා ? (අ)

:       0       0

බන්දුල රත්නායක Thursday, 04 September 2014 08:08 PM

අනේ මෙහෙමත් මිනිස්සු තවමත් ඉන්නවනේ! (නි)

:       0       0

විරාජ් Thursday, 04 September 2014 08:23 PM

චමින්ද, අපේ රටෙත් එහෙම අය ඇති. (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 04 September 2014 08:29 PM

දකුණු ආසියාවේ සුපිරි බලවතාගේ රට (නි)

:       0       0

ඩෑම් Friday, 05 September 2014 11:56 AM

අනේ! අපිත් බල්ලට නොවටිනා ගාණට වැටිලා දැන් (නි)

:       0       0

පුෂ්පසිරි අල්විස් Saturday, 06 September 2014 06:21 PM

යුරෝපයේ නම් මෙය සාමාන්‍ය දෙයක්. (නි)

:       0       0

හසන්ත Saturday, 06 September 2014 07:19 PM

අයියෝ පවු! (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 04 September 2014 08:42 PM

තේරුම් ගන්න අමාරු මේ වගේ රටවල් අපේ පුංචි රටේ පාලනයටත් ඇඟිලි ගහන එකයි. අපේ රට පුංචි වුණත් සංස්කෘතිය දියුණු නිසා ඊර්ෂ්‍යාවට වෙන්න ඇති. (නි)

:       0       0

ජනිත් Thursday, 04 September 2014 09:12 PM

ඉන්දියාවේ ඉන්න සමහර අයට වඩා මේ සතුන් හොඳයි එක අතකට (නි)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Friday, 05 September 2014 01:57 AM

මේ විසි එක්වෙනි සියවසේ මිනිස්සුද. (නදී)

:       0       0

හිරා Friday, 05 September 2014 02:33 AM

ඉන්දියාවේ ඉන්නේ ගොන් තඩි (නදී) .

:       0       0

සිරි‍සේන Thursday, 04 September 2014 12:46 PM

අනේ අම්මපා මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 04 September 2014 12:49 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ලක්ෂ්මී රම්‍යා Saturday, 06 September 2014 06:52 AM

මෝඩ මිනිස්සුන්ගේ මෝඩ අදහස් (නදී)

:       0       0

දයා අළහකෝන් Thursday, 04 September 2014 12:51 PM

බල්ලා නිදාගෙන ඉන්නේ මොකද දන්නෙ නැහැ. අනේ මෙහෙමත් විකාර වැඩ? (නි)

:       0       0

චමින්ද Thursday, 04 September 2014 12:52 PM

මෙහෙමත් ලෝකයක්? (නි)

:       0       0

චමින්ද Thursday, 04 September 2014 12:55 PM

සමහර බටහිර රටවල, නිලනොලත් ලෙස සුනඛයන් සමඟ විවාහ වූ කාන්තාවන් සිටින බව මා අසා තිබෙනවා (නි)

:       0       0

චින්තක සුපුන් දසනායක Thursday, 04 September 2014 01:19 PM

මෙහෙමත් හරක් ඉන්න රටක්. (නදී)

:       0       0

මේනක Friday, 05 September 2014 03:57 AM

අනේ කාලේ වනේ වාසේ! (නි)

:       0       0

අනිල් Thursday, 04 September 2014 01:33 PM

ඇහට කනට පේන නිසා කෙල්ලව අමාරුවේ දාලා ඉරිසියාවට කරපු වැඩක් (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 04 September 2014 01:36 PM

මෙහෙමත් මිනිස්සු තාමත් ලෝකේ ඉන්න එක ගැන කණගාටුයි. ඉන්දියාවේ දියුණුව පේනවා. (නදී)

:       0       0

ප්‍රබෝධා Friday, 05 September 2014 04:03 AM

මේ වගේ මෝඩ වැඩ කරන මිනිස්සු තාමත් ඉන්න එකනේ පුදුමේ. (නි)

:       0       0

බටු ගෙදර Thursday, 04 September 2014 01:50 PM

ළඟදීම අපේ රටටත් (නදී)

:       0       0

රසිකා පුෂ්පකුමාර Thursday, 04 September 2014 01:59 PM

බල්ලට ගිය කසාද. මෙහෙමත් මෝඩ මිනිස්සු (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 05 September 2014 05:01 AM

අපේ රටෙ නම් ගම්පහින් ඡන්දෙත් ඉල්ලලා පාර්ලිමේන්තුවටත් යන්න පුළුවන්. (අ)

:       0       0

ධනුක Thursday, 04 September 2014 02:17 PM

දැන් බල්ලා හදිස්සියේ මළොත් එහෙම මේ දැරිවියට සති පුජා කරන්නත් වේවි ද මන්දා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 98 0


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 1279 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


ඉන්දියාවේ බෝට්ටු අනතුරක්
2024 අප්‍රේල් මස 16 41 0

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝට්ටු අනතුර සිදුවී ඇත්ත


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 2586 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 16 26 0

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පව


ඉරානයට පහර දෙන්න සුදුසු අවස්ථාව එනකල් ඉන්නවා
2024 අප්‍රේල් මස 15 3635 1

ඉරානයට පහරදීමට සුදුසු අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටින බව ඊශ්‍රායලය ඊයේ (15) පැවැසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1421 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1347 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site