IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොටි තහනම නොතකා ප්‍රංශ කොටියෝ තිලීපන් සමරති

ප‍්‍රංශයේ ක‍්‍රියාත්මක එල්ටිටිඊ දෙමළ බෙදුම්වාදි සංවිධානයට අනුබද්ධ ප‍්‍රංශ දෙමළ නම්  සංවිධානය යුද්ධයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සිහි කිරීමේ උත්සවයක් පැවැත්වීය. පැරීසියට නුදුරින් පිහිටි ආර්ජොන්තොයිල් නගර සභා බල ප‍්‍රදේශයට අයත් ශෙරීස් නම් උද්‍යානයේ කුඩා බිම් කොටසක් මිලට ගෙන එහි ස්මාරකයක් තනවා විශාල දමිළ ජනතාවකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

අසූව දශකයේ එල්ටිටිඊ සංවිධානය වෙනුවෙන් මියගිය තිලීපන්ගේ ඡායාරූපයක් ස්මාරකයේ ඇත්තේය. දෙමළ ඊලාම් ජනතාවගේ නිදහස වෙනුවෙන් බඩගින්නේ මියගිය තිලීපන් ද, යුද සමයේ නිදහස වෙනුවෙන් දිවි පිදු ශ්‍රී ලාංකිකයන් ද සිහිපත් කිරීම බව එම ඵලකයේ ප‍්‍රංශ භාෂාවෙන් සටහන්ව ඇත්තේය. ඔහුගේ 29 වැනි සිහිපත් කිරීමේ උත්සවය පසුගිය ඔක්තෝබර් 3 වැනි ඉරුදින ආර්ජොන්තොයිල් උද්‍යානයේදි සිදුවිය.

එම ප‍්‍රදේශයේ නගරාධිපති ප‍්‍රංශ දක්ෂිණාංශික පක්ෂයේ ජෝර්ජ් මොත්රන් හා එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සමාජවාදි පක්ෂයේ පිලිප් ඩුසේ මෙම උත්සවයේ ප‍්‍රධාන අමුත්තෝ වුහ.  එල්ටිටිඊ ප‍්‍රධාන ක‍්‍රියාකාරීහු බොහෝමයක් පැමිණ සිටියහ. උත්සව භූමිය කොටි ධජ වලින් සරසා තිබුණේය. ආරාධිත විශේෂ අමුත්තෝ එම ධජ යට දේශන පැවැත් වුහ. පසුගිය වසරේ මෙම උත්සවය මෙම ස්ථානයේ පැවැත් වුවද කොටි ධජ ප‍්‍රදර්ශනය නොකළේය. එනමුදු මෙවර එම ධජ වලින් උත්සව භූමිය සරසා තිබුණේය. ත‍්‍රස්තවාදි ලැයිස්තුවට ඇතුළත් තහනම් සංවිධානයක අනු ශාඛාවක් මෙලෙස හැසිරෙන්නේ කෙසේද යන්න බොහෝ දෙනාගේ විමතියට හේතුවකි. 

01 02 04 05 06 10



අදහස් (0)

කොටි තහනම නොතකා ප්‍රංශ කොටියෝ තිලීපන් සමරති

විමල් Friday, 07 October 2016 09:14 PM

ඕක තමයි අපි කලින්ම කිවුවේ (නි)

:       0       0

මහේෂ් පැරිස් Tuesday, 11 October 2016 04:33 AM

බණ්ඩාර අයියා රත්නපුරයේ වැඩේ අපි පැරීසියෙන් පටන් ගමුද ? (බ)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Wednesday, 05 October 2016 11:56 AM

ප්‍රන්සයේ තානාපති තුමා හා බුද්ධි නිලධාරියා හා විෂයට අදාළ නිලධාරින් මේ පිලිබදව අදාළ ආයතන සමග කටයුතු කලාද .? (ර)

:       0       0

සිල්වා පැරිස් Wednesday, 05 October 2016 11:59 AM

කොටි වැඩ අරබයි තානාපති කාර්යාලය මර නින්දේ... (ර)

:       0       0

පෙරේරා පැරිස් Wednesday, 05 October 2016 12:01 PM

බුද්ධි නිලදාරියා ගොරව ගොරවා නිදිද .? (ර)

:       0       0

සමන් Wednesday, 05 October 2016 12:03 PM

අනේ මහින්ද මහත්තයා හිටියනම්... (ර)

:       0       0

සුදර්ශන Wednesday, 05 October 2016 01:34 PM

මීටපෙර සිටි බුද්ධි නිලදාරියා මේ වගේ අවස්ථා වලදී කෙළින් කටයුතුකළා අපිට මතකයි. දැන් එයාට මොකද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

විදානේ Wednesday, 05 October 2016 01:36 PM

ඇත්තටම මේ සිද්ධවෙන දේවල් දැක්කහම අපි ගැනත් බයයි (නි)

:       0       0

නසීර් Thursday, 06 October 2016 06:51 AM

ජානක ... අැම්බසියක් ඇත ...ඇම්බසියක් ඇත්දෝ මන්දා ..(බ)

:       0       0

සුමිත් Wednesday, 05 October 2016 02:08 PM

මෙහෙ යහපාලනේ වගේම එහෙ ඒ අදාළ පාලනයත් නැගලා යනවා වගෙයි (නි)

:       0       0

විජේසිංහ පැරිස් Friday, 07 October 2016 09:41 AM

ඒගොල්ලෝ කොටි කොඩි සමග තිලීපන් සමරනවා වගේ අපේ අය තුවක්කු හිටවාගෙන පන්සල් වල රණවිරුවන් සමරන්නේ. මොකක්ද ඒ දෙකේ වෙනස? ලංකාව අපිට විතරයි අයිති කියන සිංහල පිරිසුත් පැරිසියේ ඉන්නවා. ලංකාවෙන් කෑල්ලක් ඕනෑ කියන දෙමළ පිරිසකුත් පැරිසියේ ඉන්නවා. හැබැයි දෙගොල්ලම බොහෝම සුළු පිරිසක් පමණයි (නි)

:       0       0

මුදියාන්සේ Thursday, 06 October 2016 07:04 AM

මියගිය අය සිහිකරන්න කාගෙන්වත් තහනමක් නැත.... තහනම් කල සංවිධානයක කොඩි භාවිතා කිරීම ප්‍රශ්යනක් එහි සම්පුර්ණ වගකීම තානාපති කාර්යාලය බුද්දි නිලධාරියා සතු කාර්යකි... ඇමතිවරු ආරක්ෂා කිරිමටවඩා රට මවුබිම සුරැකීම මහජන මුදලින් යැපෙන මේ අයගේ යුතුකම් අපි මතක් කලේ අමතක වී ඇතැයි අපිට‍ සිතේ. (ර)

:       0       0

රන්දික Thursday, 06 October 2016 07:09 AM

විග්නේශ්වරන්ගේ හඩ පැරිස් වලින් පටන්ගනිවීද..? (ර)

:       0       0

අන්සාර් Thursday, 06 October 2016 07:11 AM

මේ පිලිබදව තවමත් අදාළ ආයතන මුනිවත රකිවී. අවාසනාවක මහත. (ර)

:       0       0

සනත් Thursday, 06 October 2016 07:17 AM

අනේ මේ වෙලාවේ අපේ මහින්ද රාජපක්ෂ මහත්තයයි, ගෝඨාභය සර් හිටියානම්. (ර)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Thursday, 06 October 2016 11:31 PM

ප්‍රංශය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්. එහෙ නීතියට අනුව සැමරීමක් තහනම් කරන්න බැහැ (නි)

:       0       0

සත්‍යයා Friday, 07 October 2016 12:40 AM

යහපාලනයේ සංහිඳියාවත් මෙහේ රෙද්ද පල්ලෙන් බේරෙනවා. මේ වැඩ වලින් වෙන්නේ පැරදුන මිනිහා ආයෙත් අසු පිටට නගින එක. යුද්ධය වවාගෙන කාපු අයට නැවත බලයට එන්න පාර කපනවා. (නි)

:       0       0

බණ්ඩාර පැරිස් Monday, 10 October 2016 05:58 PM

මේවට උත්තර දෙන්න, මුහුණ දෙන්න, විසඳුම් සේයන්න ඔන්න අපි රත්නපුරෙන් පටන්ගත්තා (නි)

:       0       0

රත්නායක Wednesday, 05 October 2016 04:38 PM

තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ළඟදීම බලාපොරොත්තු වෙන්න පුලුවන් මෙහෙම යනකොට (නි)

:       0       0

සේමසිරි පැරිස් Friday, 07 October 2016 11:44 AM

මේවගේ දේවල් නිසා පොදු විපක්ෂයට කතාකරන්න දේවල් හදනවා. තානාපති කාර්යාලය බුද්ධි නිලධාරියා. මේගැන නිහඩයි .ආරක්ෂක අංශය ඉක්මන් පියවරකට යායුතුයි. (ර)

:       0       0

විජේතුංග පැරිස් Friday, 07 October 2016 11:49 AM

කුරේ පැරිස්, බුද්ධි නිළධාරියාට වැරදි තෙරතුරු දෙන වැඩකට නැති කෙනා කවුද ? දැනහන්න නම හෙළිකරන්න. (ර)

:       0       0

රන්දික Saturday, 08 October 2016 07:34 AM

මේවා කියවනකොට ජනතාවගේ අදහස් පිටවෙන්නේ අවු .30 ක් වින්ඳ දුකට. ජනතාව බයයි (නි)

:       0       0

රොහාන් Saturday, 08 October 2016 07:44 AM

මේවා වලට මහජනයා මැදිහත් වියයුතු නැත. ඒ සඳහා තමයි අපේ බදු මුදල් වලින් පඩි ගෙවලා තානාපති කාර්යාල විදෙස් බුද්ධි අංශ නඩත්තු කරන්නේ. මේ පිළිබදව කටයුතු කිරීම වර්තමාන රජයේ වගකීමකි (නි)

:       0       0

ක්ලෝඩ් පැරිසිය Sunday, 09 October 2016 08:18 AM

මේ ටිකත් හොඳට මතක තියාගන්න. පැරීසියේ අපේ අය උජාරුවට දෙමළ අයට නොයෙක් දේවල් කියනවා. හැබැයි එක්කෙනෙක්වත් එළියට බැහැලා ඔවුන්ට විරුධව වචනයක් කියන්නේ නැහැ. කිව්වොත් වෙන දේ පැරීසියේ අපේ අය හොඳට දන්නවා (නි)

:       0       0

කුමාර මහර Wednesday, 05 October 2016 05:50 PM

ලංකාවෙත් ඔය කියන සැමරුම් ජයටම සමරපු එකේ පිටරටවල් ගැන ආයේ බලන්න දෙයක් නැහැ. අපි අපේම වළ කපා ගත්තා (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 05 October 2016 06:00 PM

එම්බසියේ නිලධාරින් හා අනෙක් අය මොකද කළේ? ඉදිරියට මොනවද කරන්නේ? (නි)

:       0       0

නිමල් පැරිස් Wednesday, 05 October 2016 06:03 PM

අපේ එම්බසිය සුදු අලියෙක් වගෙයි (නි)

:       0       0

රාමනායක Wednesday, 05 October 2016 06:06 PM

ප්‍රංශයේ එම්බසිය නිදි වුණත් ලංකාදීපය අවදියෙන් (නි)

:       0       0

ජානක Wednesday, 05 October 2016 06:08 PM

අපේ තානාපති කාර්යාලයක් ප්‍රංශයේ තිබේද? (නි)

:       0       0

කෝනාර Wednesday, 05 October 2016 06:11 PM

අපේ රටෙත් මෙහෙම දේවල් නොවුණත් මීට සමාන දේවල් වුණානේ (නි)

:       0       0

කුලතුංග පැරිස් Friday, 07 October 2016 01:16 PM

කුරේ පැරිස්, සුදත් පැරිස්, ඔය කෙනා ගැන අපිත් දැනගන්න කැමතියි (නි)

:       0       0

රොහාන් Friday, 07 October 2016 01:21 PM

මෙහෙත් ඉතින් ඕවා නොවුණාම නෙමෙයිනේ (නි)

:       0       0

ටෙෂාන් Friday, 07 October 2016 01:25 PM

හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)

:       0       0

බණ්ඩාර පැරිස් Friday, 07 October 2016 01:32 PM

නිලධාරීන් මුනිවත රකිවී තානාපති සේවය, බුද්ධි අංශය මරනින්දේ. නියපොත්තෙන් කලයුතුදේ... අනේමන්දා... (ර)

:       0       0

දිමුත් Wednesday, 05 October 2016 07:02 AM

ප්‍රංශටට ත්‍රස්තාවාදි බෝම්බ ගැහුවම අපේ සමහරු මහ ලොකුටව ප්‍රංශ කොඩි දාගත්තා. අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් වචනයක් කියන්න කවුරුවත් නැහැ (නි)

:       0       0

සුසන්ත Wednesday, 05 October 2016 07:06 AM

ප්‍රංශය ත්‍රස්තවාදීන්ට උපකාර කරන රටක්. ඇමෙරිකාවත් යුරෝපීය රටවල් සියල්ලත් එසේමයි. අපේ රටේ පාලකවරු මේ රටවල් සමඟ ප්‍රවේශමෙන් ගනුදෙනු කළ යුතුයි (නි)

:       0       0

අංජලී Thursday, 06 October 2016 10:38 AM

මට තියෙන කණගාටුව තමයි මේ පුංචි රටෙන් කෑල්ලක් ඉල්ලන එක. ඇයි මේකේ ඔක්කොටම එකට ඉන්න බැරි? (ර)

:       0       0

අමල් පැරිස් Friday, 07 October 2016 01:54 PM

බුද්ධි නිලදාරියාට පැරිස් විස්තර ඔත්තු දෙන ඔත්තුකරු නිදිද .? (ර)

:       0       0

කුරේ පැරිස් Friday, 07 October 2016 06:24 AM

සුදත්... .බුද්ධි නිලධාරියා පැරිස් වල කටයුතු කරන්නේ වැඩකට නැති මිනිහෙක් එක්ක (බ)

:       0       0

පිරිස් පැරිස් Friday, 07 October 2016 06:31 AM

ඉස්සර එම්බසියේ හිටපු බුද්ධි නිලධාරීන් කරපු වැඩ එක්ක සසදන කොට දැන් ඉන්න කෙනා ගැන කනගාටුයි රටේ මහජන මුදල් (බ)

:       0       0

සරෝජා Friday, 07 October 2016 06:35 AM

මේ රටවල් ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙනවද. කොපමණ කෑවත් මදි වගේ. කවදාවත් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ.මෙයාල ත්‍රස්තවාදියෝ කියන්න හරි හමන් ලාංකිකයක්වත් ඔය රටේ හිටියේ නැද්ද? හරියට වැඩ වෙන්න ඇති. මව් බිමට හෙණ වැදුනත් කමක් නැහැ තමුන්ගේ පාඩුවේ ඉන්න. (බ)

:       0       0

උඩුගම්පොළ Sunday, 09 October 2016 10:47 AM

ලංකාව අපිට විතරයි අයිති කියන සිංහල පිරිසුත් ඉන්නවා. ලංකාවෙන් කෑල්ලක් ඕනෑ කියන දෙමළ පිරිසකුත් ඉන්නවා. හැබැයි දෙගොල්ලම බොහෝම සුළු පිරිසක් පමණයි (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 06 October 2016 11:45 AM

ත්‍රස්තවාදයට උල්පන්දම් දෙන එවුන් ත්‍රස්තවාදයෙන්ම විනාශවෙලා යාවි. ඒක තමයි ලෝකේ ස්භාවය. (ර)

:       0       0

මිලාන් Saturday, 08 October 2016 12:46 PM

මේවා කරන්න ඇයි ඉඩදෙන්නේ? (නි)

:       0       0

සුසන්ත Saturday, 08 October 2016 12:49 PM

මෙහෙමත් ඉතින් වැඩි වෙනසක් නැහැනේ (නි)

:       0       0

අනිල් කුලතුංග Wednesday, 05 October 2016 09:16 AM

ටොයියන්ට සතුටුයි ද දැන්? (ර)

:       0       0

චාමර Thursday, 06 October 2016 01:47 AM

මේ මිනිස්සු මළගිය නෑදෑයෝ සිහිකරනවා. එ්ක ඒගොල්ලන්ට කරගන්න දෙන්න. එ්කට වටිනාකමක් දුන්නොත් තමා ලංකාව කොටියාගේ වෙන්නේ. මේ මිනිස්සු ගිහිල්ල ප්‍රංශයෙනුත් කෑල්ලක් ඉල්ලන්න ගියා වුණත් එ්කට අපි කරදර වෙන්නේ ඇයි. (නි)

:       0       0

දසනායක Thursday, 06 October 2016 02:51 AM

එහේ සමරනකොට අපේ සමහරුන්ට මෙහේ මල් හතයි (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 06 October 2016 03:07 AM

මේ සිරි ලංකාවෙත් මෙවැනි දේවල් සිදුවෙද්දී පිට රටවල් ගැන කුමන කතාද? (නි)

:       0       0

සුදත් Thursday, 06 October 2016 02:20 PM

කොටි ජයටම වැඩ ශ්‍රී ලංකා තානාපති සේවයේ බුද්ධි අංශයේ නිලධාරියා කෝ .? (බ)

:       0       0

නිරෝෂනි පැරිස් Thursday, 06 October 2016 02:27 PM

කොටි කොඩි ඔසවයි එම්බසිය නිහඩයි ..(බ)

:       0       0

එරන්ද Thursday, 06 October 2016 03:19 AM

අනිල්, තහනමක් තියෙද්දිත් මේක කරන්නේ කුමනාකාරයේ කොට්ඨාශයක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 169 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 105 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 96 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site