IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කටාර් එමීර්වරයා පුතාට පුටුව දෙයි

කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෂෙයික් හමීඞ් බින් කලීෆා අල්තානි මහතා සිය බලතල පුතුට පැවරීමට තීරණය කර ඇත.
කටාර් එමීර්වරයා දෝහා අගනුවරදී එරට රජයේ උසස් නිලධාරින් පිරිසක් හමුවූ අවස්ථාවේදී මේ බව අනාවරණය කර ඇතැයි ප‍්‍රංශ සේවය වාර්තා කරයි.
තමන්ගේ බලතල උරුමක්කාරයකුට පැවැරීමේ සුදුසු කාලය දැන් එළැඹ ඇති බව ෂෙයික් හමීඞ් බින් කලීෆා අල්තානි එමීර්වරයා එම කටාර් බලධාරින් හමුවේ ප‍්‍රකාශ කර තිබේ.
තිස් තුන් වියේ පසුවන තම පුත් ෂෙයික් හමීම් මේ වන විට දේශපාලන කටයුතු පිළිබඳ නිපුණත්වයේ පසුවන අයකු බවත් එම පුළුල් දැනුම මෙම බලතල බාර ගැනීමට සුදුසුකම් වී ඇතැයි ද කටාර් එමීර්වරයා ප‍්‍රකාශ කර ඇත.
1995 දී කටාරයේ බලයට පත් එමීර් ෂෙයික් හමීඞ් බින් කලීෆා අල්තානි මහතා අන්තර්ජාතික වශයෙන් සියලූම රටවල් හා එක්ව දේශපාලන සහයෝගිතාවය පවත්වාගෙන ලෝක නායකයකු ලෙස පැසසුමට ලක්ව සිටී.
ඒ අනුව නව කටාර් එමීර්වරයා ලෙස ෂෙයික් තමීම් මහතා අද හෙට පත්වනු ඇතැයි ද වාර්තා වේ.



අදහස් (0)

කටාර් එමීර්වරයා පුතාට පුටුව දෙයි

ඉන්දික බහ්රින් සිට Wednesday, 26 June 2013 10:56 AM

ෂුවර් එකටම තාත්තා කළ දේ පුතා කලොත් කියලා බය වෙන්න ඇති (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 26 June 2013 07:48 PM

අනාගත බලාපොරොත්තු සිත දරා සිටින ශ්‍රීලාංකිකයන් මෙන් අනෙකුත් ජාතීන්ට යහපතින් යහපත සිදුවන්නට මෙතුමා තවත් දක්ෂ පාලකයෙක් වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි. "ෂෙයික් හමීඞ් බින් කලීෆා අල්තානි" නොව "ශේඛ් හමඩ් බින් ඛලීෆා අල්තානි" ලෙස වෙනස් විය යුතුයි (අ)

:       0       0

ඉන්දික Wednesday, 26 June 2013 11:56 AM

හොද නායකයෙක් කටාර් රාජ්ජය ලොව පුරා ගෙන ගිය සියලු දෙනාටම සාදාරනව සලකපු ලොව අග්‍ර ඝනයේ නායකයෙක්. අපේ රටේ යන්න කිවත් නොයන ජන නායකයන්ට හොද ආදර්ශයක්.(නදී)

:       0       0

ධම්ම Wednesday, 26 June 2013 04:43 PM

අපේ රටේත් එහෙම පවරන්න පුලූවන් නම් ... (නි)

:       0       0

නලින් Wednesday, 26 June 2013 04:44 PM

ඔහු විශිෂ්ට නායකයෙක්. ඒ බව මේ රටේ ඉන්න අපි හොඳින් දන්නවා. ලෝකයේ පෝසත්ම රට බවට මේ රට පත් කලේ ඔහු විසිනි. ඔහුගේ පුතත් එම තත්වයටම ඒවි (නි)

:       0       0

බුද්ධික Thursday, 27 June 2013 12:31 AM

ලොකු දියුණුවක් අරන් දුන්න නායකයෙක් තම හමඩ් ෂේක්.පොඩි රටක් වුනාට ලෝකෙට ලොකු නමක් අරන් ගියා.අපේ අයටත් ආදර්ශයක්. වෙන දේශපාලන නායකයෝ වගේ යද්දී පිටරට ගිණුම් වල සල්ලි පුරෝගෙන ගියේ නැහැ. පුතත් හොදට උගන්නලා අගමැතිකමේ කාලයක් තියලයි ගියේ.කටාර් වල හොදම අවදිය තමයි ෂේක් හමඩ් ගේ කාලය.පුතාටත් ඊටත් වැඩිය හොදක් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 272 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 116 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 8533 15

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 98 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 411 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 729 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site