IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොටියාත් දිවියාත් රුසියා කෑම මේසේ

ඉතා දුර්ලභ මෙන්ම මිල අධික ආහාර ලබාදෙන්නේයැයි කටමැත දොඩමින් සිටි අවන්හලකින් ආහාර සදහා පිළියෙල කර තිබූ කොටි මස් හා දිවි මස් තොගයක් සොයාගැනීමට රුසියාවේ මොස්කව් නුවර පොලිසිය පසුගියදා සමත් විය.

කොටියන් හා දිවියන් අන්තරායට ලක්ව තිබෙන සත්ත්ව විශේෂයන් යැයි එරට නම් කෙරී තිබෙන අතර එම සතුන්ව මරා දැමීම බරපතල දඩුවම් ලැබිය හැකි වරදකි.

මෙම සතුන්ගේ මස් අනුභව කිරීමෙන් ජීවිතයේ දෛනික කටයුතු වල යෙදීමට අමතර ශක්තියක් ලබාගත හැකියැයි ඇතැම් රුසියා ජාතිකයින් අතර විශ්වාසයක් පවතින බව සඳහන්ය.

අවන්හලට පැමිණ ඇත්තේ ඉතාම ධනවත් පුද්ගලයින් බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව ඇත.

අවන්හලේ හිමිකරු ලෙස සැළකෙන වියට්නාම ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොටියන් හා දිවියන් මසට මරා දැමිමට අමතරව එම සතුන්ගේ සිරුරු කොටස් විවිධ ඖෂධ නිපදවීම සදහා ආසියාතික රටවලට අපනයන කර ඇතැයි හෙළිව තිබෙන හෝඩුවාවකට අනුව ඒ සම්බන්ධයෙන්ද පොලිස් පරීක්ෂණ කි‍්‍රයාත්මකය.

 

25525C5E00000578-2940058-image-a-11_1423079659822 25525C6800000578-2940058-image-a-9_1423079467359-(1) 25525C7000000578-2940058-image-m-6_1423079425717

 

 

 

 



අදහස් (0)

කොටියාත් දිවියාත් රුසියා කෑම මේසේ

ඉසුරන්දි Monday, 09 February 2015 01:00 PM

හපොයි හරින්ද්‍රගේ හිතීමේ තරමක මහත (නදී)

:       0       0

රංජිත් සිල්වා Friday, 13 February 2015 08:05 AM

මිනිස් ජීර්ණ පධතිය මාංශ දිරවීමට නොව ශාක සඳහා ය. මරණ ලද සියලුම සතුන්ගේ ශරීර කොටස් ආහාරයට ගෙන සැනසී සිටේම මිනිස් කමට නිගාවකි. කුකුලාටත් මාලුවාටත් මෙය අදාලය. නිරෝගී වෙන්න මස් වලින් වලකින්න. සුභ අනාගතයක්. (නදී)

:       0       0

කුමාර Tuesday, 10 February 2015 04:33 AM

හරින්ද්‍ර, කුකුල්ලු වදවීගෙන යන සත්තු වර්ගයක් නේ ..(හේ)

:       0       0

ශිරන්ති Thursday, 12 February 2015 03:52 AM

හරින්ද්‍ර,මාගලි ෆොන්සේකා, ඔබ දෙපළ හරියටම හරි. ප්‍රාණඝාතය,සතා ලොකු පොඩි කියලා වෙනස් වෙන්නේ නැහැ. (නි)

:       0       0

දුමින්ද Monday, 09 February 2015 07:26 AM

අහෝ මිනිස්කමට ගිය කලක් (බ)

:       0       0

හරීන්ද්‍ර Monday, 09 February 2015 07:45 AM

දුමින්ද, ඇයි කොටියොයි දිවියොයි විතරද පන තියන සත්තු. කුකුල්ලු මරනවා කිව්වොත් මේ වගේ දේවල් කියන්නේ නැහැ නේද.(නදී)

:       0       0

මගලී ෆොන්සේකා Tuesday, 10 February 2015 06:29 AM

ඔව් ඔව් හරින්ද්‍ර හරි සේරම සත්තු මරණ එක වැරදි එහෙමනම් .මොකද අපේ අය හරක් මරන්න එපා කියනවා පවු කියනවා එතකොට එළුවෝ උරෝ කුකුල්ලු මොන මස්ද නොකන්නේ ?ඒවාට පවු නැද්ද ?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 73 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 167 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 131 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1423 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 431 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 696 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site