IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොටියාට කඩේ ගිය කැනඩා ලක් මන්ත්‍රීනිට ලෙඩේ

කැනඩා පාර්ලිමේන්තුවට අභිනවයෙන් පත්වූ පළමු දෙමළ සභිකයා වන නව ප‍්‍රජාතාන්ති‍්‍රක පක්ෂයේ මන්ති‍්‍රනී රාධිකා සිත්ස්බයේසන් තම පළමු කතාවේදීම කොටි මහ විරු දිනය ඉතා සුවිශේෂ දිනයක් බව සඳහන් කිරීම අරබයා අදහස් පළ කර ඇති කැනඩා පොදු ආරක්ෂක කටයුතු සම්බන්ධ ඇමති ස්ටීවන් බ්ලැන්ලි, නව මන්තී‍්‍රනී රාධිකා ත‍්‍රස්තවාදී සබදතා ඇති සංවිධානය වලින් ඡුන්ද දිනා ගැනීමට වෑයම් කිරීම අත්හළ යුතුව ඇතැයි පවසා තිබේ.

රාධිකා සිත්ස්බයේසන් ශී‍්‍ර ලංකාවේ උපන්නියක වන අතර ස්කාර්බොරෝ - රෝග් රිවර් ප‍්‍රදේශය නියෝජනය කරමින් නව ප‍්‍රජාතාන්ති‍්‍රක පක්ෂය යටතේ කැනඩා පාර්ලිමෙන්තුවට පත්ව සිටින්නීය.

කොටි මහවිරු දිනය යනු විවිධ භීෂණකාරී කි‍්‍රයාවල නියුතුවූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සැමරීමටත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප‍්‍රතිරූපය තවත් පුම්බා ගැනීමටත් පැවැත්වුනක් බව සඳහන් කර ඇති ඇමතිවරයා එල්.ටී.ටී.ඊ ය තහනම් කර ඇති කැනඩාවේ,විශේෂයෙන් කැනඩා පාර්ලිමෙන්තුවේ එම සංවිධානය සමරන්නට යෙදුණු දිනයක් ගැන ප‍්‍රශංසා මුඛයෙන් අදහස් පළ කිරීම කිසිසේත්ම සිදුනොවිය යුතුව තිබුණක් බව කියා ඇත.

තමන් මන්තී‍්‍රනි රාධිකාගේ ප‍්‍රකාශයෙන් දැඩි කම්පාවටත්,පිළිතුලටත් පත්වූ බව ඔහු පවසා තිබේ.

ඇය එතැනින් නොනැවතී කොටි මහවිරු දිනය කැනඩාවේ වසරක් පාසා සැමරෙන කැනඩා විරුවන්ගේ දිනයට සමාන කරමින් අදහස් පළ කිරීම ඇය එක් කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටින්නියක් බව හොඳීින්ම පෙන්වන්නක් යැයිද සඳහන් කර ඇති ඔහු ඇයගේ එම අදහස් වලට තමන් දැඩි විරෝධය දක්වන බවද කියා තිබේ.

ඇය තම ප‍්‍රකාශය සම්බන්ධයෙන් සමස්ථ කැනඩා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිය යුතුව ඇතැයි ඔහුගේ අදහසයි.

ඇමතිවරයාගේ චෝදනා වලට පිළිතුරු ලෙස ඊමේල් පණිවුඩයක් යවා තිබෙන මන්තී‍්‍රව රිය එහි සඳහන් කර තිබෙන්නේ තමන් එක් කණ්ඩායමක් වෙනුවෙන් පෙනී නොසිටි බවයි.යුද්ධය නිසා පවුලේ සාමාජිකයින් අහිමිවී,හිතවතුන් අහිමිවී දුක්විදින සමස්ථ දෙමළ ප‍්‍රජාව හා සාමය ඇතිකිරීමට ඇපකැප වී කටයුතු කරන පුද්ගලයින් නියෝජනය කරමින්  තමන් එය සඳහන් කළා මිස එයින් තමන්ට ලැබෙන වාසියක් නොමැති බව ඇය තම පණිවුඩයේ දක්වා ඇත.

ඇයගේ ප‍්‍රතිචාරය එබදු වුවත් කොටි මහවිරු දිනය යෙදී තිබුණු පසුගියදා කැනඩාවේ තරුණ දෙමළ සංගමයට අයත් ෆේස්බුක් පිටුව කොටි ධජය වටා එක්රැුස්ව සිිටින කාකි ඇදුමින් සැරසී අවිගත් පුද්ගලයින් පිරිසකගේ ඡායාරූපයකින් සැරසී තිබුණි.



අදහස් (0)

කොටියාට කඩේ ගිය කැනඩා ලක් මන්ත්‍රීනිට ලෙඩේ

ශිරන්ති Tuesday, 02 December 2014 03:04 AM

කැනඩාවේ කට්ටියත් අපේ කට්ටිය වගේමනේ. පාර්ලිමේන්තුවට යවන්නේ නුසුදුස්සෝ. (නදී)

:       0       0

උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Monday, 01 December 2014 11:23 AM

කැනඩාවේ සිටින සියයට අනුවක් පමණ දමිළයන් කොටි සංවිධානයේ හෝ එයට සහයෝගය දක්වන අය , ඔවුන්ගේ චන්දයෙන් පත් උන මෙම මන්තී‍්‍රනී රාධිකා ඔවුන්ගේ අවදානය සහ ආදරය ගෙනිමට කල ක්‍රියාවක් . මෙයට විරුද්ද දමිළයන් සුළු කොටසක් කැනඩාවේ සිටිනවා , ස්කාර්බරෝ හරියට යාපනය හෝ චෙන්නායි වාගේ (බ)

:       0       0

අරුණ යටිගම්මන Tuesday, 02 December 2014 03:48 AM

ලංකාවේ පාර්ලිමේන්තුවෙත් කොටි ඉන්නේ ඕක මොකක්ද ? (නදී)

:       0       0

සඳුනි Tuesday, 02 December 2014 09:20 AM

අරුණ..දුශාන්..මෙහෙ පාර්ලිමේන්තුවේ කොටි සාමාජිකයන් හෝ ඔවුන්ගේ අතකොලු සිටිනබව ඇත්ත.හැබැයි ඔවුන් නමට හෝ බෙදුම්වාදයට විරුද්ධ වූ අපේ ව්‍යවස්ථාව පිළිගත් අය.නමුත් කැනඩා මන්ත්‍රීවරිය ඍජුවම කොටි මතය දරන්නියක්.යමෙකු කොටි සංවිධානයෙන් වෙන්වී බෙදුම්වාදයට එරෙහි වෙනවානම් ඔහුට මේ රටේ කැමති ආකාරයකින් කටයුතු කිරීමේ නිදහස තියෙනවා. (අ)

:       0       0

දුගත් Tuesday, 02 December 2014 04:15 AM

අරුණගේ කටේ මසුරන් දමන්න ඕනේ. මෙහෙ වාසියට කොටින්ව පාර්ලිමේන්තුවට ගේනවා. මෙහෙ ඉන්නවා නම් අැයි අපි එහෙ ඉන්නවට විරද්ධ වෙන්නේ. (නදී)

:       0       0

ඉන්ද්‍රා Monday, 01 December 2014 02:05 PM

මේ අය‍ට තැන දීමෙන් වෙන්නේ ඒ රටවලත් එල්. ටී. ටී සංවිදාන බිහිවීමයි. පස්සේ කනවෝ කියනවා. (නදී)

:       0       0

කුමාරි Monday, 01 December 2014 03:44 PM

ඉන්ද්‍රා, එය එසේම වේවා කියාමමපතනවා. (අ)

:       0       0

පෙරේරා Monday, 01 December 2014 04:39 PM

ඔය මොන කතා කිව්වත් දෙමළ රජයන් ලංකාවේ අතීතයේත් හීනයක්ම වුණා වගේ අනාගතයේත් උන්ට හීනයක්ම පමණි.එක උන්ට තේරෙන්නේ නැති එක උන්ගේ පවක්.(ම) .

:       0       0

අමන්දා Tuesday, 02 December 2014 07:34 PM

සදුනි , පුදුම කඩේ යාමක්නේ ඔයා යන්නේ! (නි)

:       0       0

කුමාරි Tuesday, 02 December 2014 10:50 PM

ඔය රටේ ගොඩක් ඉන්නේ ලංකාවේ පුරවැසියන් නොවේ. ඒ නිසා ඕවා එච්චර ගණන් ගන්න එපා කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

නුවන් Monday, 01 December 2014 11:44 PM

ඔව් අනේ. හදාගන්නකෝ ඔය ඊලම කැනඩාවේ. හොඳ රටක්නේ. එහේ හදා ගන්න. අපට නිදහසේ ඉන්න දීලා. (හේ)

:       0       0

හසිත් Tuesday, 02 December 2014 12:09 PM

නමට විතරක් වැඩ කරන උදවිය පාර්ලිමේන්තුවට හරි යාවිද සඳුනි ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 190 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 89 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 7555 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 89 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 404 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 728 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site