IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කුකුළු ගොවියෝ බිත්තර පොඩි කරති

බිත්තර නිෂ්පාදන වියදම් ඉහළ ගියද මිලෙහි වෙනසක් කිරීමට රජය අවසර නොදීම නිසාවෙන් කෝපයට පත් ප‍්‍රංශ කුකුළු ගොවිපළ හිමියන් ‘‘බිත්තර විනාශ කිරීමේ‘ව්‍යාපාරයක්‘ ඇරැඹුහ.

ගතවූ දින කිහිපයේදී ඔවුහු බිත්තර ලක්ෂ 3 ක් පමණ විනාශ  කළහ. සුපිරි වෙළදසල්,රජයේ කාර්යාල වැනි ස්ථාන අසළ බිත්තර දහස් ගණනින් පොළවේ ගසා විනාශ කර තිබෙන අතර එම ස්ථානයන්හි වැඩකටයුතුද මේ නිසා අඩපණවී ගොස් තිබේ.අවට පරිසරයද පිළිකුල් හා අපි‍්‍රයකර ස්වභාවයක් ගන්නා බව ප‍්‍රංශ වැසියන් කියයි.

බිත්තර හිගයක් ඇති කර රජය බිත්තර මිල ඉහළ දැමීමේ තැනට තල්ලූ කිරීම මෙම ගොවිපල හිමියන්ගේ අරමුණයි.විනාශ කර දැමෙන බිත්තර සංවර්ධනය වෙමින් පවතින රටවලට නොමිලයේම ලබාදීමට තමන් කැමති බවත්

තමන්ට අවශ්‍ය වන්නේ ප‍්‍රංශයේ බිත්තර හිගයක් ඇති කිරීම පමණක් බවත්  ගොවිපල හිමියන් කියයි.

විසදුම් නොළැබුණහොත් ඉරිදා දිනය වන තුරු දිනකට ලක්ෂය බැගින් බිත්තර විනාශ කර අනතුරුව වඩා බරපතල කි‍්‍රයාමාර්ගයන් කි‍්‍රයාවට නංවන බව ඔවුන් පවසයි.

නිශ්පාදන වියදම් ඉහළ යාමට හේතුවී ඇතැයි පැවැසෙන්නේ යුරෝපා සංගමය සම්මත කරගෙන ඇති යෝජනාවකි.එයට අනුව බිත්තර ලන කිකිළියන් හට විශේෂ ආහාර පාන හා ඉඩකඩ ඇති කූඩු සැපයීමට යුරෝපයේ කුකුලූ ගොවිපල හිමියන්ට සිදුවේ.නමුත් ගැටලූව වී ඇත්තේ කිකිළියන්ට සුවපහසුව සැළැසීමට යාමේදී තමන්ට වැඩිපුර වියදම් වන මුදල අයකර ගැනීමට පියවරක් ලබාදීම බළධාරීන්ට අමතකව ගොස් තිබීම බව මේ ගොවිපල හිමියන් කියා සිටී.



අදහස් (0)

කුකුළු ගොවියෝ බිත්තර පොඩි කරති

හේරත් Sunday, 11 August 2013 12:11 PM

අපේ වගේම එහෙත් පිස්සෝ ඉන්නවනේ. දැන් ඉතින් ගොවියන්ගේ ප්‍රශ්නයට උත්ටර ලැබුනද?(නදී)

:       0       0

චන්දා Sunday, 11 August 2013 12:13 PM

අලුත්ම ආනයනය ලංකාවට, ලන්කාදීපෙට ස්තුතියි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 73 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 165 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 128 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1419 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 430 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 690 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site