IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඕස්ට්‍රේලියාවෙත් ත්‍රස්තවාදියෝ

ඕස්ටේ‍්‍රලියාවේ සිඩ්නි හා බි‍්‍රස්බේන් නගර වල පසුගියදා අලුයම් සමයෙහි සිදුකළ හදිසි වැටළීම් කිහිපයකින් අන්තවාදී කණ්ඩායම් හා සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයින් 15 දෙනෙකු,මුදල් තොගයක් හා ගිනි අවි සමග අත්අඩංගුවට ගත් බව  ඕස්ටේ‍්‍රලියා ආරක්ෂක අංශ කියයි.

මෙම මෙහෙයුම  ඕස්ටේ‍්‍රලියා ඉතිහාසයේ ප‍්‍රථම මහා පරිමාණ වැටළීම ලෙස සැළකේ.

අත්අඩංගුවට ගත් අන්තවාදී අයිඑස්අයිඑස් සංවිධානය හා සම්බන්ධකම් ඇත්තවුන් බව සදහන්ය.

ඕස්ටේ‍්‍රලියා ජාතිකයින් 60 ක් පමණ අයිඑස්අයිඑස් ත‍්‍රස්ත සංවිධානයට බැදී ඉරාකයේ හා සිරියාවේ අන්තවාදී කි‍්‍රයා වල නියැළී සිටින අතර එම  ඕස්ටේ‍්‍රලියා ජාතිකයින් සංවිධානයට බදවා ගත්තේයැයි සැළකෙන පුද්ගලයාද අත්අඩංගුවට ගත් අය අතර සිටින බව ආරක්ෂක අංශ පවසයි.

කණ්ඩායමේ මහ මොළකරු යැයි හඳුනාගෙන ඇති පුද්ගලයා  ඕස්ටේ‍්‍රලියාවේ ජනතාව බියපත් කිරීමේ අරමුණින් සිඞ්නි නුවර වීදියකදී ප‍්‍රසිද්ධියේ පුද්ගලයෙකු හිස ගසා මරණයට පත්කිරීමට සැළසුම් කර තිබී ඇතැයිද පැවසේ.

මේ සදහා යොදාගැනීමට සිටි අතිවිශාල කඩුවක්ද තම භාරයට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

මෙවන් වැටළීම් දිගටම සිදුකරන බව  ඕස්ටේ‍්‍රලියා බළධාරීන් කියයි.

අගමැති ටෝනි ඇබොට්ද ප‍්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ  ඕස්ටේ‍්‍රලියාවේ අන්තවාදීන්ට හිස එසවීමට ඉඩ නොදෙන බවයි.මෙනිසාම රටේ අවදානම් තත්ත්වය සාමාන්‍ය මට්ටමේ සිට අතිශය අවදානම් මට්ටම දක්වා ඉහළ දමා තිබෙන බව ඔහු වැඩිදුරටත් කියා ඇත.

ඒ අනුව ගුවන්තොටුපල,පොදු ස්ථාන ආදීයෙහි ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇති අතර අවැසි විටෙකදී සෝදිසි මෙහෙයුම් සිදුකිරීමට,සැකකටයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හා ආරක්ෂක අංශ වලට බලය තිබේ.

මෙම වැටළීම් ආරම්භ කිරීමට මුල් වූයේ පසුගිය සමයේ තුර්කියට හා වෙනත් අරාබි රටවලට කෝටි ගණන් මුදල් අයථා ලෙස යවා හසුවූ  ඕස්ටේ‍්‍රලියා ජාතිකයෙක් සම්බන්ධ සිදුවීමකිනි.ඔහුට තමන් මුදල් යැවූයේ කාහටදැයි තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකිවූ අතර එනිසා ඔහුගේ ව්‍යාපාරයන් මුද්‍රා තැබීමටත් ඔහුව සිරගත කිරීමටත් අධිකරණය නියෝග කළේය.

මෙයත් සමග අන්තවාදීන් සොයා වැටළීම් ආරම්භ කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර දැනුම්දීමකින් තොරව සිදුකෙරෙන හදිසි වැටළීම් ඒවායින් මුල් තැන ගෙන ඇත.

1410985142257_wps_1_10661791_1015244985305618 1410987334443_wps_7_Capture5_JPG 1410987407757_wps_9_Capture2_JPG 1410989195898_wps_27_Arrests_made_in_Sydney_co 1410995597673_wps_42_Supplied_image_of_police_ 1411011678415_wps_61_Omarjan_Azari_22_keywords



අදහස් (0)

ඕස්ට්‍රේලියාවෙත් ත්‍රස්තවාදියෝ

අමිත Friday, 19 September 2014 09:49 AM

අන්තවාදී හා බෙදුම්වාදී ත්‍රස්තවාදයට මුළු ලොවම එරෙහිවිය යුතු අතර එවැන්නන්ට අනුබල දීමෙන්ද වැළකී සිටිය යුතුයි. (නි)

:       0       0

අපොන්සු Saturday, 20 September 2014 05:18 AM

ආයුධ පෙන්නන්න එක්කගෙන යා යුතුයි. (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 20 September 2014 05:27 AM

බළලුන් ලවා කොස් ඇට බාන මේ වගේ බලවත් රටවලට හොද පාඩම් මේවා.මේ හැමෝම අපිටනේ ඇගිල්ල දික් කලේ ත්‍රස්වාදින්ව නැති කරලා දාද්දි. (අ)

:       0       0

රමේෂ් Saturday, 20 September 2014 05:46 AM

තාම අපේ රටෙන් ආපු ටොම් පචකාර සරණාගතයෝ අහු වුනේ නැහැ. එදාට තමයි නීතියට අනුව විසා අරන් ආපු කට්ටියත් එක්ක ඔක්කොම ලංකාවෙන් ආපු අයව ආපහු පටවලා එවන්නේ. (නදී)

:       0       0

රණතුංග Saturday, 20 September 2014 07:15 AM

මේ ආරක්ෂක නිලධාරීන්ගේ ඇදුම් පැළදුම්,ඇදුමේ වර්ණය,ඇගලා සිටින උපකරණ, උස මහත, අමුතුම ගාම්භීරත්වයක්, ඔවුන්ගේ පෙන්නුම් කරනවා.(නදී)

:       0       0

ප්‍රියන්ත Friday, 19 September 2014 01:54 PM

ඕස්ට්‍රේලියාවේ බුද්ධි අංශය ඉතා ප්‍රබලයි. මේ මිනිසුන් ඇෆ්ගනිස්ථාන් වැනි රටවලින් මෙහෙට පැමිණි සරණාගතයින්. ටෝනි ඇබට් කොන්ද පණ ඇති හොඳ නායකයෙක්. ලංකාවත් අවදියන් සිටියොත් හොඳයි. (නි)

:       0       0

ධනුක Friday, 19 September 2014 02:25 PM

මේවාට අදහස් ලියනවා තියා කට අරින එකත් භයානකයි. (ස)

:       0       0

ඩී.වී.ප්‍රදීප් Friday, 19 September 2014 03:39 PM

අප රටටත් අවශ්‍යය රට, ජාතිය ගැන හිතන මෙවැනි බුද්ධිමත් රජයක් සහ පාලකයෙක් (ස)

:       0       0

අතුල Friday, 19 September 2014 04:07 PM

ප්‍රමාද වුණොත් අපේ රටටත් ඔය ටිකම වෙනවා (නි)

:       0       0

ශීලා Saturday, 20 September 2014 09:37 AM

ඔය අල්ල ගත්ත අයව ග්වන්ටනාමෝ පැත්තේ ටුවර් එකක් ඇරලා දස වද දෙන්න පාන් කියා ගන්න බැරි වෙනකන්. (නදී)

:       0       0

කමල් Friday, 19 September 2014 04:34 PM

කොටි සංවිධානය ලාංකික ජනතාවට බෝම්බ තබා, ගම්වලට පැන ඝාතනය කර ජන ජීවිතය අවුල් කල ආකාරය ඕස්ට්‍රෙලියානුවන්ට කියලා දෙන්න. මේය අවස්ථාවක් කර ගැනීමට තානාපති අංශ නිදි නැතිව ක්‍රියා කල යුතුයි. ඒ වාගේම ලංකාවේදී වද හිංසාවට ලක් වන බව පවසා ඔස්ටේලියාවට පැමිණීමට බලාපොරොත්තු වන්නන් ලගම ඇති ඉන්දියාවට නොයා භයානක ගමනකිනක් පසු ඕස්ට්‍රෙලියාවටම එන්නේ මන්දැයි තේරැම් ගන්නා ලෙසත් එරට ජනතාවට පැහැදිලි කර දිය යුතුයි (නදී)

:       0       0

නුවන් Friday, 19 September 2014 05:12 PM

අපේ රටෙත් හැංඟී හැංඟී වෙස් බ‍දින අයි.එස්.අයි.එස් අන්තවාදීන් වෙලාව ආවම එලියට ඒවි (නදී)

:       0       0

අකිල Friday, 19 September 2014 06:46 PM

අයියෝ! ඒකත් එහෙමද? (නි)

:       0       0

කසුන් Friday, 19 September 2014 08:02 PM

පේනවා නේද මෙයාලා ලෝකෙටම විනකරන හැටි. අපේ සමහරුන්ට මේවා බලලාවත් හැදෙන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද? (නි)

:       0       0

අමිල Friday, 19 September 2014 08:24 PM

ඇයි ධනුක බයද? (නි)

:       0       0

චමින්ද Friday, 19 September 2014 09:48 PM

සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ මාස ගණන්,සමහර විට අවුරුදු ගණන් මෙවැනි පුද්ගලයන් ගැන ඇස ගසාගෙන සිටීමෙන් අනතුරුවයි, මෙවැනි වැටලීම් කරනු ලබන්නේ. ආරක්ෂක අංශ සෑම සැකකටයුතු ස්ථානයකටම එකම, නියම කරගත් වෙලාවකටම කඩාපනින බැවින්, කිසිවෙකුට පළායාමක් ගැන නම් සිතීමටවත් බැහැ. සමහර අවස්ථා වලදී එකවිට කඩාපනින මුළු නිලධාරී ප්‍රමාණය පන්සීයකට වඩා වැඩිවේ. (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 19 September 2014 07:32 AM

මේ වගේ සාමකාමී රට වලුත් ත්‍රස්ත ග්‍රහණයට හසුකර ගැනීමට ගන්නා උත්සාහය මුළු ලොවම හෙලා දකී. (නදී)

:       0       0

ඇසළ Friday, 19 September 2014 07:44 AM

ඔය පටන් ගැම්ම විතරයි. පහු වෙනකොට අයි.එස්.අයි.එස් විතරක් නෙමෙයි බෝට්ටුවලින් බැහැපු අයට ඊලමකුත් දෙන්න වෙයි. (නදී)

:       0       0

චමින්ද Friday, 19 September 2014 07:53 AM

අත්අඩංගුවට ගත් අය අතර,ඇෆ්ගනිස්තානයෙන් බෝට්ටු වලින් පැමිණි සරණාගත වීසා අයදුම් කොට, ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි වීසා ලබා ගත් ඇෆ්ගන් ජාතිකයන් දෙදෙනෙකුද සිටිනවා.ඕකට තමයි කියන්නේ නයි ගෙන්න ගෙන, පස්සේ කැවෝ කැවෝ කියනවා කියලා. (ස)

:       0       0

චන්දන Saturday, 20 September 2014 01:47 AM

ඕස්ට්‍රේලියාව එක්ක සෙල්ලම් බැහැ. නීතිය හරියටම ක්‍රියාත්මක කරන, වරදට දඬුවම් දෙන රටක්. ආයෙත් ඒකේ ලොකු පොඩි බේදයක් නැහැ. ඒ වගේම තමයි තමන්ගේ පුරවැසියෙකුට කරදයක් අසාධාරනයක් වුණොත් ඒ වෙනුවෙනුත් නොපැකිළව ඉදිරිපත් වෙනවා. (නි)

:       0       0

නිලංග Saturday, 20 September 2014 02:11 AM

මේ සඳහා ඕස්ට්‍රේලියාවේ සන්නිවේදනය ඉතා ඉහළ මට්ටමක තිබෙන්නේ. මේ පිළිබඳව ඔවුන් සූම පුරවැසියෙකුම දැනුවත් කරනවා. එහෙම නැතුව අර රහස් මේ රහස් කිය කියා බෝම්බය පිපිරෙනතුරු බලාඉන්නේ නැහැ. පන්සල් වලට පවා ආරක්ෂක අංශයෙන් පසුගියදා දැනුවත් කිරීම් එවා තිබුනා බැතිමතුන්ට දන්වන ලෙස ඉල්ලා. (නි)

:       0       0

චමත්-ලංකාව Saturday, 20 September 2014 02:22 AM

මේ අත්අඩංගුවට පත්වූ දෙදෙනෙක්, මීට අවුරුදු කීපයකට පෙර ඇෆ්ගනිස්තානයේ සිට බෝට්ටු වලින් පැමිණ සරණාගත වීසා ලබා ගත් අය බව මාද්‍ය පවසා සිටියා. (නදී)

:       0       0

නිශේන් Saturday, 20 September 2014 02:28 AM

චමත් බෝට්ටු වලින් විත් සරණාගත වීසා ගත් කට්ටිය ගැන කතා කරන්න ගියොත් අපේ ලේ කෝපවෙනවා. කරන තරමක් මෙහෙ නොපනත් වැඩ කරන්නේ ඔය කට්ටිය තමයි. (නි)

:       0       0

ගාමිණී Saturday, 20 September 2014 02:55 AM

නියමයි ඕස්ට්‍රේලියා! (නි)

:       0       0

ලංකා චමත් Saturday, 20 September 2014 11:54 AM

ඔවු ශිලා එහෙ තමයි අරින්න තියෙන්නේ.මොකද හේතුව, ඔස්ට්‍රේලියාවේදී නම් එවැනි සාත්තුවක් මේ හැත්තට ලැබේවි කියලා නම් හිතන්න අමාරුයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 251 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 107 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 8230 15

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 96 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 409 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 729 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site