IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඔස්ට්‍රේලියාවේ කුණාටුවෙන් ලාංකිකයෙක් අවසන් ගමන් යයි

ඕස්ට්‍රේලියාවේ ‘තන්ඩර්ස්ටෝම් ඇත්ස්මා’ තත්ත්වයෙන් මියගිය අට දෙනා අතර ශ්‍රී ලාංකිකයකු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මියගිය ශ්‍රී ලාංකිකයා පනස් අට හැවිරිදි රංජිත් පීරිස් නැමත්තකු වන අතර ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී එසේ ජීවිතක්ෂයට පත්ව ඇත. 

ඕස්ට්‍රේලියාවට පසුගිය සතියේ බලපෑ කුණාටු තත්ත්වයෙන් පසු කාලගුණ තත්ත්වය වෙනස් වී ඇති අතර එයින් ද ඕස්ට්‍රේලියා  වැසියන් පීඩාවට පත්ව ඇතැයි වාර්තා විය.

මේ තත්ත්වයෙන් වැඩි බලපෑමක් සිදු ව තිබුණේ ඕස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වූ මෙල්බර්න් නුවරටත් වික්ටෝරියා ප්‍රාන්තයටත් යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

කුණාටු තත්ත්වයත් ඉන් පසු ඇති වූ කාලගුණ වෙනස්වීම් සම්බන්ධයෙන් එරට බලධාරීන් ජනතාව දැනුම්වත් කර නැතැයි ද එරට මාධ්‍ය පවසයි.

 කුණාටු තත්ත්වයෙන් පසු ජනතාවට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වු නිසා  දහස් ගණන් රෝහල්ගත වී ප්‍රතිකාර ලැබූ අතර එම සංඛ්‍යාව 8,500ක් පමණ වු බව බලධාරීහු කියති.

ඇති වූ හදිසි තත්ත්වය නිසා ඕස්ට්‍රේලියා ලධාරීන්ට සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට සිදු විය. 

“මගේ තාත්තට සිහිය නැති වුණා. විනාඩි හතළිස් පහක් විතර ඔහු සිහිය නැතිව හිටියා. ඔහුට හුස්ම ගන්න බැරි වුණා” යැයි රංජිත් මහතාගේ පුතා පවසයි.

තන්ඩස්ටෝම් ඇස්මා නැමැති ඇදුම රෝගී තත්ත්වය ඇතිවනුයේ ඉහළ පරාග හා ඉහළ ආර්ද්‍රතාවක් ඇති අවස්ථාවකදීය. කුණාටුවෙන් පසු ඇති වන වර්ෂාව ද, සුළඟේ පාව යන පරාග කොටස් ද ඊට හේතු වේ. මෙම පරාග කොටස් පෙනහලුවලට ඇතුළු වී හුස්ම ගැනීමේ අපහසුතා ඇති කරයි. 

විදෙස් මාධ්‍ය ඇසුරිනි



අදහස් (0)

ඔස්ට්‍රේලියාවේ කුණාටුවෙන් ලාංකිකයෙක් අවසන් ගමන් යයි

අබරන් Saturday, 03 December 2016 05:52 AM

මනෝජ් සහ සෑම් දෙදෙනාම හරි.....ඔය දෙදෙනාම ඔය වාසනාවන්ත රටේ යහතින් ජීවත් වනවා ඇති සිතමි....මගේ නෑදෑ සොයුරෙක් කලකදී ඔස්ට්‍රේලියාවට ගොස් එය ජීවත් වීමට නුසුදුසු රටක් යයි පැවසුවා...එහෙත් පසුව ඔහුගේ පුතාට පුරවැසිභාවය ලැබුනාට පසුව එහි ගොස් මෙවැනි වාසනාවන්ත රටවල ජීවත් වීමට භාග්‍යය ලැබීම පෙර කල පිනක් යයි පැවසුවා.. අපේ රටවල මෙවැනි ව්‍යවසන නොමැති යයි අමතක වීමද එක්තරා විදියකට භාග්‍යයක්.. (ර)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 03 December 2016 07:09 AM

යුරෝපයේ වසන්ත කාලය එළඹෙනවිට මල් පිපෙන්න පටන්ගෙන විවිධ පරාග වර්ග වාතයට මුසුවෙනවා. එක පරාග වර්ගයකට හෝ වර්ග කීපයකට අසාත්මිකතා දක්වන අය බොහෝ සිටිනවා. ලස්සනම ඍතුවේ ඔවුන් ඉන්නේ ඇස් රතු කරගෙන, ඇස් වල කඳුළු කබ පිසදමමින් සහ අසීමාන්තිකව කිවිසුම් අරිමින්ය.

:       0       0

කුමාර් Saturday, 03 December 2016 07:29 AM

කණාටුදායක පුවතක් (නි)

:       0       0

අනුර Sunday, 04 December 2016 12:01 PM

මේක රටේ ප්‍රශ්නයක් වත් වාසනාවත් නොවෙයි එක එක රට වල ඇති දේශ ගුණය සහ වායුගෝලයේ ඇති ජල වාෂ්ප අනුව වායුගෝලයේ තිබෙන කුඩා අංශු ක්‍රියා කරන ආකාරයි. ඕස්ට්‍රේලියාවේ උතුරට වෙන්න තියෙන ඩාවින් , කෙයාන්ස් වගේ නගරවල මෙහෙම නෑ (බ)

:       0       0

කේ.ක්‍රිස් Saturday, 03 December 2016 09:21 AM

ලංකාවෙන් එද්දී නිරෝගීව සිටි සමහර අය මේ තත්වයට පත්වෙනවා.අර කිවුවත් වාගේ මෙවැනි අයට ළමයෙක් අරන් පාක් එකකටවත් යන්න බැහැ. මල් වල රේණු, පරාග කොටස් සුළඟේ පාවී යන කාලයට ඇස් රතුකරගෙන,හොටු සුරමින්, කිවිසුම් ඇරිල්ලේ ඉවරයක් නැහැ. බොහෝදුරට බෙහෙත් වලින් පාලනය කරගෙන දෛනික කටයුතුවල නිරත වෙනවා. (නි)

:       0       0

මනෝජ් Saturday, 03 December 2016 12:55 AM

මගේ රට මට වාසනාවන්.

:       0       0

සෑම් Saturday, 03 December 2016 01:43 AM

මනෝජ්, ඔබ කියන දේ හරි. ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට එන කිසිම කෙනෙකු ඇදුම රෝගයෙන් පෙළෙන්නේ නැහැඔ. නමුත් ඕස්ට්‍රේලියාවේ වසර තුන හතරක් ඉන්නකොට ලංකාවේදී අපේ ඇඟේ තිබුන ප්‍රතිශක්තිය හීනවෙලා ටික ටික පීනස, ඇදුම, අසාත්මිකතාවය ඇතිවෙනවා. ලංකාවේදී දුහුවිල්ල, දුම සහ අනිකුත් අපිරිසිදු තත්වයන් යටතේ ඉතාම නිරෝගීව සිටියවුන් මෙහේ ඇවිත් ටික කලකින් අල්ලපු ගෙදර තණකොළ කප්පාදු කරනකොටත් ඉවරයක් නැතුව කිවිසුම් අරිනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 125 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 85 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 75 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 24 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 287 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 131 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site