ත්රස්තවාදයට එරෙහි සටනේදී නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගැනීම කළ යුතු බවත්, එසේ කිරීමෙන් ඇමෙරිකාව ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට හැකිවී ඇති බවත් ජනපති ඔබාමා පවසයි.
ජනපතිවරයා ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල කරන ප්‍රහාර සාධාරණීකරණය කළේ, වොෂින්ටන් නුවර ‘ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ’ පැවැති දේශනයකදීය.
‘2001 සැප්තැම්බර් 11 වැනිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ අපේ රටට ත්රස්තවාදීන්ගෙන් තවදුරටත් තර්ජන එල්ල වෙනවා. එම ත්‍රස්තවාදී තර්ජන මර්දනය කිරීමට නම්, ඩ්‍රෝන ප්‍රහාර අවශ්‍ය වෙනවා.’ යැයි ජනපති ඔබාමා පැහැදිලි කළේය.
ඩ්‍රෝන යානා යොදා ගනිමින් යේමනයේත්, ඇෆ්ගන් සහ පාකිස්තාන දේශසීමාබද ප්‍රදේශවලත්, සිදු කරන හමුදා මෙහෙයුම් හේතුවෙන් ඇමෙරිකාවට මානව හිමිකම් උල්ලංඝණය කරනවා යැයි චෝදනා එල්ල වී ඇත.
පාකිස්තානයේ සිදු කරන එවැනි මෙහෙයුම් මගින් පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංඝණය වන බවත්, එම ඩ්‍රෝන යානා එල්ල කරන ප්‍රහාරවලින් සිවිල් වැසියන් මිය යෑම හරහා ඇමෙරිකාව අමු අමුවේ මානව හිමිකම් කඩන බවත් එක්සත් ජාතීන්ගේ නියෝජිත බෙන් එමර්සන් මීට සති කිහිපයකට පෙර චෝදනා කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීමේ සහ ත්‍රස්ත මර්දන විශේෂ පර්යේෂණ කමිටුවේ ප්‍රධානියා බෙන් එමර්සන්ය. පසුගියදා ඔහු ඇතුළු කණ්ඩායමක් ඇමෙරිකානු ඩ්‍රෝන යානා නිසා පාකිස්තානයේ සිදුවන සිවිල් වැසියන් ඝාතනය වීම් පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්වීය.
ඇමෙරිකාව මානව හිමිකම් උල්ලංඝණය කරන බවත්, ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා හමුදා සෙබළුන් සහ සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන් පාකිස්තාන රජයට නොදන්වා එරට ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වී එල්ල කරන ප්‍රහාර පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංඝණය කිරීමත් බවත් බෙන් එමර්සන් සහ ඔහුගේ පරීක්ෂණ කණ්ඩායම එළිදැක්වූ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.
පාකිස්තාන රජය කළ ඉල්ලීමකට අනුව එම පරීක්ෂණ කණ්ඩායම පාකිස්තානයේ සිවිල් වැසියන් ඇමෙරිකා හමුදාවේ ඩ්‍රෝන යානා මිසයිල ප්‍රහාරවලින් මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරැඹුවේ ඉකුත් ජනවාරියේ සිටය. පරීක්ෂණ කටයුතු සිදුකළේ එමර්සන්ගේ නියෝජිත පිරිසකි.
ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවට අයත් ගෝති‍්‍රක ප්‍රදේශය අල් කයිඩා සහ තලේබාන් සටන්කාමීන්ගේ තෝතැන්නක් වී ඇත. ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා හමුදා එම සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම් වැඩි කළේ 2009 වසරේ දී ජනපති ඔබාමා බලයට පත් වීමෙන් පසුවය.
දෙවැනි ධුර කාලය සඳහා යළි තේරී පත් වුණු අවස්ථාවේදී ද ජනපති ඔබාමා කියා සිටියේ ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ ඩ්‍රෝන යානා යොදා ගනිමින් කරන මෙහෙයුම් තව තවත් වැඩි කරන බවය.
බෙන් එමර්සන් සහ ඔහුගේ පරීක්ෂණ කණ්ඩායම එළිදැක්වූ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වී ඇත්තේ ඇමෙරිකානු ඩ්‍රෝන යානා ප්‍රහාරවලින් මේ දක්වා සිවිල් වැසියන් 400 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පාකිස්තාන රජය තමන්ට දැනුම් දුන් බවය. කෙසේ නමුත් තමන් කළ පරීක්ෂණවලින් අනාවරණය වූයේ ඩ්‍රෝන යානා ප්‍රහාර 25 කින් පමණක් සිවිල් වැසියන් 200 දෙනකු ජීවිතක්ෂයට පත් ව ඇති බවය.
එමර්සන් පෞද්ගලිකව පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට පැමිණ පාකිස්තාන අගමැති ඇතුළු මැති ඇමැතිවරුන්, ආරක්ෂක සහ බුද්ධි අංශ ප්‍රධානීන් හමුවී සාකච්ඡා කළේය. එම හමුව රහසක් ලෙස පැවැති අතර ඒ බව මාධ්‍යවලට හෙළි කළේ ඉකුත් 16 වැනිදාය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඔබාමා ඩ්‍රෝන ප්‍රහාර සාධාරණීකරණය කරයි
සිල්වා-පැරිස් Sunday, 26 May 2013 03:52 AM
මාලා,කට තිබුනු පලියට කියවා තමන්ගේ මෝඩකම ප්‍රදර්ශණය නොකරන්න. ඔයා කියන කම් තමා ඔබාමා බලා සිටියේ.(නදී)
සෙනරත් Sunday, 26 May 2013 09:49 PM
අපිත් තමිල් නාඩුවේ ද්‍රෝන ප්‍රහාර පටන් ගමුද ?(නදී)
සංකල්ප Saturday, 25 May 2013 09:31 PM
අපි ලංකාවටත් ද්‍රෝනා එවනවා නෝනා. ප්‍රබා නැති කල එකේ වාඩුව ගන්න.ජෝන් අය්යා ළඟ ලිස්ට් එක. (අ)
දිසානායක Sunday, 26 May 2013 02:49 PM
මාලා එතකොට මැරෙන අහිංසක වැසියන්ට වන්දි ගෙවන්නේ ඔයාගේ තාත්තද?(නදී)
ලක්මාල් Sunday, 26 May 2013 03:45 PM
මාලා ඔබාමට ආවඩනවා (නි)
ප්‍රනාන්දු Monday, 27 May 2013 04:08 AM
මාලා මල්ලේ පොල්ද, ලෝක හොරාට කඩේ යන්නේ (නි)
දිලිප් Saturday, 25 May 2013 04:34 PM
ඒ අය කියන්නේ ඒක දෙවියන්ගේ කැමැත්ත කියලයි. ද්‍රෝනා වලින් දෙවියෝ ඒ අයට හොදින් සලකනවා.(නදී)
හේරත් Saturday, 25 May 2013 09:14 AM
යේස් සර්.... (නි)
සේරම් පැරිස් Saturday, 25 May 2013 10:52 PM
ඒ උනාට මේවා අපේ රටේ කලානම් ඔබාමා කියාවි අපි අහිංසකයෝ මරනවා කියල. මානුෂික අයිතිවාසිකම් නැති කරනවා කියල. අපේ රටෙත් තිබුනේ ත්‍රස්තවාදය සමග සටනක්. අයි අපිට විතරක් වෙන නීතියක්.(නදී)
වෙනුර Saturday, 25 May 2013 11:19 PM
මුළු ලෝකයටම පිළිකාවක් වෙලා තියෙන ත්‍රස්තවාදය හා අන්තවාදය මෙලොවින් තුරන් කර දමන්නට වෙර දරනා සියලුම රාජ්‍ය නායකයන්ට සහ විරුවන්ට අපගේ උපහාරයයි.(නදී)
නිල් Sunday, 26 May 2013 05:55 PM
කන්න ඕනෑ වුනහම කබර මසුත් තලගොයිමස් වෙනවලු. (නි)
මාලා Saturday, 25 May 2013 10:50 AM
හමුදා භටයන්ගේ ජිවිත හානිය අවම කරලා අන්තවාදීන්ගේ හානිය වැඩි කරන්න ද්‍රෝන ප්‍රහාර තම වඩාත් සාර්ථකම උපක්‍රමය. එක නවතන්න එපා.තව වැඩි කරන්න. (ස)