සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීමට අනුමැතිය ලබා දෙන්නැයි සිරියානු කැරැලිකරුවන්ට සහාය දක්වන විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඊයේ (2) ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.
ඔවුන් එම ඉල්ලීම කළේ, කොංග්රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව සිරියාවට පහර දීමක් නොකරන බව ජනපති ඔබාමා පැවැසීමත් සමඟය.
සිරියානු අර්බුදය ගැන කොංග්රස් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමටත් සිරියාවට පහර දෙනවා ද නැද්ද යන්න විවාදයට ගැනීමටත් නියමිත බව ජනපති ඔබාමා එම අවස්ථාවේදී වැඩිදුරටත් කියා සිටියේය.
ජනපති ඔබාමාගේ අණ පරිදි සිරියා රජයට එරෙහිව හමුදා ප්‍රහාරයකට මේ වනවිට සියල්ල සූදානම්ය. ප්‍රහාරය ආරම්භ කිරීමට නම් කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වෙයි.
සිරියානු රජයට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගන්නවා නම්, සිවිල් ජීවිත හානි අවම කිරීමට කටයුතු කරමින්, සිරියානු රජයේ සහ හමුදාවේ මර්මස්ථාන හඳුනාගෙන ඒවාට පමණක් පහර දෙන බව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත. ඔබාමා ඉකුත් 31 වැනිදා එරට ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවී සිරියාවට පහර දීමක් කළ යුතු ආකාරය ගැන සාකච්ඡුාවක් ද පැවැත්වීය.
සිරියාවට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීම සඳහා කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ජනපති ඔබාමා සූදානමින් සිටින්නේ, ඇමෙරිකාවේ ප්‍රධාන නගර කිහිපයකම ඔබාමාට විරෝධය පළ කරමින් විරෝධතා රැලි පැවැත්වෙද්දීය.
බහුතරයක් ඇමෙරිකානුවන්ගේ අදහස වී ඇත්තේ, ඇමෙරිකාව සිරියානු අර්බුදයට මැදිහත් නොවිය යුතු බවය. ඇමෙරිකා නගරවල විරෝධතා පැවැත්වුණේ සිරියා රජයට එරෙහිව හමුදාමය මැදිහත් වීම් එපා යැයි පවසමිනි. ඇමෙරිකානු කොංග්රස් මණ්ඩලයේ ඇතැමුන්ගෙන් ද විරෝධයක් එල්ල වී ඇත.
ඇමෙරිකාව සිරියාවට පහරදීමක් කරන්නේ නම්, තමන් ඇමෙරිකාවට සහාය දෙන බව ප්රංශයත් ඊශ්‍රායලයත් පවසා ඇත. ජනපති ඔබාමා, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සමඟ සිරියාවට පහර දෙන ආකාරය ගැන ඊයේ (2) විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීය. සාකච්ඡාව පැවැත්වුණේ දුරකතනය ඔස්සේය. සිරියාවට පහර දීම සම්බන්ධයෙන් ප්‍රංශ ජනපති ෆ්රන්සුවා ඕලන්ද්ගේ රජය ලබන 4 වැනිදා එරට පාර්ලිමේන්තුවට යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඔබාමාට කොංග්රස් අනුමැතිය දෙන්න: සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඉල්ලති
දුම්මලසූරිය. Tuesday, 03 September 2013 11:15 AM
සිරියා විපක්ෂයක් අපේ රටේ විපක්ෂය වගේමයි....තමන්ගේ පුද්ගලික වාසි තකා තමන්ගේම මාතෘභූමිය විනාශ කරන්න කියලා පිටරැටියන්ට ආරාධනා කරනවා.......කණගාටුයි......ඉතාම කණගාටුයි......ඔය මිනිස්සුන්ට තමන් කරන අනුවනකමේ පලවිපාක ලැබෙද්දී තේරෙයි කරපු ගොන්කම්....නමුත් ....එදාට ඔවුන් පරක්කු වැඩි...... (ස)