ඔත්තුකරුවකු යැයි පාකිස්තාන අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ජාතික ගොවියකු ඊයේ (2) ඔහු රඳවා සිටි ලාහෝර් බන්ධනාගාරයේදීම මිය යෑමත් සමඟ ඉන්දියාවත් පාකිස්තානයත් අතර අලූත් අර්බුදයක් නිර්මාණය වී ඇත.
සරාබ්ජිත් සිං නමැති එම ගොවියා පාකිස්තාන රජයේ අත්අඩංගුවට පත් වූයේ 1991 වසරේ දීය. ඒ ඔහු පාකිස්තානයට ගිය අවස්ථාවකදීය.
ඔත්තු බැලූ බවටත් බෝම්බ ප‍්‍රහාර හතරක් සම්බන්ධයෙනුත් ඔහුට චෝදනා එල්ල වූ අතර පාකිස්තාන අධිකරණයක් ඔහුට මරණ දඬුවම නියම කළේය.
බන්ධනාගාරයේ සිටිද්දී තවත් සිරකරුවන් දෙදෙනකු පෙරේදා (1) සරාබ්ජිත් සිංට දරුණු ලෙස පහර දී ඇත. සිං මියගියේ එම ප‍්‍රහාරයෙනි.
සිං තුවාල ලැබූ අවස්ථාවේ ඉන්දීය රජයත්, සිංගේ පවුලේ අයත් පාකිස්තාන රජයෙන් ඉල්ලීමක් කළේ ප‍්‍රතිකාර සඳහා සිං යළි සියරට එවන ලෙසටය. නමුත් පාකිස්තාන රජය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඔත්තු බැලූවැයි චෝදනා ලැබ පාකිස්තානයේ සිරකරුවකු වූ ඉන්දීය ගොවියා මරුට