IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


එබෝලා ලෝකයට ම තර්ජනයක්

එබෝලා ලෝකයට තර්ජනයක් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. බටහිර අප්‍රිකානු රටවල් හතරකින් දැනට එබෝලා රෝගීන් 1800ක් වාර්තා වී ඇති අතර ඉන් 961ක් මරණයට පත්වූහ. මියගිය අය අතර වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ලඩයේ 80ක් සිටිති.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එබෝලා පැතිරීම පාලනය කළ නොහැකි බවයි. පසුගිය දින දෙකේ දී 29 දෙනෙක් මේ රෝගයෙන් මියගිය බවත් එම සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මහජන සෞඛ්‍ය පිලිබඳ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කැර ඇත.

එම සංවිධානයට අනුව පසුගිය සඳුදා සිට බදාදා දක්වා 68 දෙනෙක් මේ රෝගයට ගොදුරුවූහ. ඉන් මියගිය සංඛ්‍යාව 29කි. වැඩිම රෝගින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ලයිබීරියාවෙනි.

මේ රෝගය මැඩපැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියි. බ්‍රිතාන්‍යය ද මේ රෝගය මර්ධනයට දෙනු ලබන ආධාර ප්‍රමාණය පවුම් මිලියන 2-5 දක්වා වැඩිකැර ඇත.

සෑම රාජ්‍ය නායකයෙක් ම වහාම මේ සම්බන්ධයෙන් හදිසි තත්වය ප්‍රකාශයට පත්කළ යුතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

මෙම රෝගයට ප්‍රතිකාර නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එසේ වුව ද පසුගිය දා රෝගය වැළඳුණු ඇමෙරිකා ජාතික වෛද්‍යවරු දෙදෙනකුට තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින එන්නතක් ලබාදීමෙන් ඔවුන් දෙදෙනා ම සුව වූහ. නොමැත.

රෝගය බෝවන්නේ රුධිරය හෝ එම රෝගින්ගේ  ශරීරවලින් නිකුත්වන වෙනත් ශ්‍රාවයන් ගැටීම මගිනි. එබෝලා රෝගය 1976 දි සොයා ගැණිනි.WHO 1 WHO 2 WHO 3 WHO 4 WHO 5



අදහස් (0)

එබෝලා ලෝකයට ම තර්ජනයක්

ශිලා Saturday, 09 August 2014 06:42 PM

ලංකාවටනම් එන්න තියා හිතන්නවත් එපා (දී)

:       0       0

සහන් Saturday, 09 August 2014 06:56 PM

මේක වසංගත තත්වයක් (දී)

:       0       0

තුෂාර Saturday, 09 August 2014 07:20 AM

මෙම රෝගයේ ලක්ෂණ දන්නා කෙනෙක් ඉනවානම් කියන්න (දී)

:       0       0

සහන Saturday, 09 August 2014 06:58 PM

කැස්ස සහ හෙම්බිරිස්සාව මේ රෝගයේ රෝගලක්ෂණ නොවේ! (දී)

:       0       0

නීල් Saturday, 09 August 2014 07:51 PM

https://www.youtube.com/watch?v=Cm6Vka-SIOE (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 09 August 2014 09:10 AM

ලෝක ජනගහනය පාලනය වෙයි ඉතින් (දී)

:       0       0

ජනක සෙනවිරත්න Monday, 11 August 2014 12:43 PM

පුළුවන් තරම් ඉක්මනට හොයා ගන්න (දිල්)

:       0       0

නුවන් Saturday, 09 August 2014 10:44 PM

මේ ලින්ක් එකෙන් ගිහින් විස්තර බලාගන්න පුළුවන්. http://en.wikipedia.org/wiki/Ebola (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 16 August 2014 10:47 AM

පිට රටවල ඉන්න අපේ අයව ඉක්මනට ගෙන්නවන්න එපා.ඒ අයගේ සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කරලා බලන්න වෙයි (දිල්)

:       0       0

හසන්ත Sunday, 10 August 2014 07:41 AM

අම්මෝ! ම‍ට නම් අහනකොටත් බයයි (නි)

:       0       0

චමින්ද Saturday, 09 August 2014 11:16 PM

සහන්, රන්ජිත් සමරතුංග, ඔබ දෙපලට ස්තුතියි අප සියලු දෙනා දැනුවත් කිරීම පිළිබඳව. (නි)

:       0       0

තාරක මනවර්ධන Sunday, 10 August 2014 07:47 AM

සහන්ට සහ රන්ජිත්ට ස්තූතියි (නි)

:       0       0

සහන් Sunday, 10 August 2014 05:29 PM

පිටරට සිට ලංකාවට පැමිණෙන පුද්ගලයින් දැඩි පරීක්ෂාවට යොමුකළ යුතුය. (නි)

:       0       0

නදීෂා Monday, 11 August 2014 06:22 AM

මේ වෛරස් එකෙන් ලෝකයා බේරා ගන්න ක්‍රමයක් නැද්ද (දී)

:       0       0

ඒමන් දිසානායක Sunday, 10 August 2014 05:54 PM

මේ ලෙඩේ ලෝකෙන් තුරන් වෙලා යන්න ඕනේ (නදී)

:       0       0

සරත් Sunday, 10 August 2014 06:09 PM

කිසිවෙකුට කරදරයක් නොවේවා! (නි)

:       0       0

රන්ජිත් සමරතුංග Saturday, 09 August 2014 11:33 AM

රෝගලෂණ අත්වලින් පටන්ගෙන රතුපාට බිබිලි මුළු ශරීරය පුරාම ව්‍යාප්ත වීම, හිසරදය, කැස්ස , හෙම්බිරිස්සාව,උන උගුරරිදීම, උස්සන්නුවිට ලේ සමග මලපහ පිටවීම, ලේ වමනය යාම තමයි දැනට හොයාගෙන තියෙන්නේ (දී)

:       0       0

ශානා Sunday, 10 August 2014 08:33 AM

එබෝලා ලංකාවට පැමිණීමට ඇති ඉඩ ඉතා සිමිතවේ. එම නිසා අනිසි ලෙස බිය වීම අවශ්‍ය නොවේ. එහෙත් සුදානමින් සිටීම නුවනට හුරුය (නදී)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Sunday, 10 August 2014 09:25 AM

මේ වසංගත තත්වයන් 2011 න් පසුව එන බව බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවෝ 1994 දී පවසා තිබුණා.මේ වසංගත මගින් ලෝකේ බොහෝ පිරිසක් මිය යනවා (දිල්)

:       0       0

බුද්ධික Saturday, 09 August 2014 01:47 PM

බුදු අම්මේ මං අවුරුදු 1 හමාරක් ලයිබිරියා ඉදලයි ආවෙ .......(අ)

:       0       0

ලහිරු Sunday, 10 August 2014 10:14 AM

සියලුම අයට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා. (නදී)

:       0       0

සහන් Saturday, 09 August 2014 02:38 PM

එබෝල කියන්නේ රක්තපාත උණක්. 1976 සොයාගත්තට පසුව කිහිපවතාවක් අප්‍රිකාවේ විවිධ ප්‍රදේශ වල ඇතිවෙලා තියෙනවා. 2014 අැතිවූ තත්වය දරුණුම පැතිරිම ලෙස කියන්න පුළුවන්. මේක හැදෙන්නේ එබෝල කියන RNA filovirus එක නිසා. එබොල වෛරස් වර්ග පහක් මේවන විට හඳුනාගෙන ඇත. සයරේ එබෝල වෛරස් එක තමා දැන් පැතිරෙන්නේ. මේකේ මරණ අනුපාතය 50%-90% අතර වෙනවා. රෝගය බෝවන්නේ අසාදිත රුධිරය හෝ වෙනත් ශ්‍රාවයන් මාර්ගයෙන්. තද උණ තත්වය, හිසරුදාව,වමනය, මහන්සි ගතිය හන්දි, පේශි සහ උදරයේ වේදනාව සහ පාචනය මුලික ලක්ෂණ වේ. මීට අමතරව ස්වසනයේ අපහසුව සහ ඉක්කාව දැකිය හැකිය. රෝග ලක්ෂණ ඇතිවීමට දවස් 2-21 අතර කාලයක් ගතවිය හැකිය. පසුව ලේ සහිත පාචනය සහ වමනය, හමේ ලේ පැල්ලම් ඇතිවීම මෙන්ම විදුරුමසින් ලේ ගැලීම දැකිය හැක. අක්මාව සහ වකුගඩු ඉන්ද්‍රිය හානිවීම සිදුවේ. රෝග ලක්ෂණ බොහොමයක් මැලේරියා සහ ඩෙංගු වලට සමාන වේ . එබෝල පර්යේෂණාගාර මට්ටමෙන් තහවුරු කරගැනීමට ඇමෙරිකාව වැනි රටවලට සාම්පල යැවිය යුතු වේ. ඒ සඳහා BSL 4 පර්යේෂනාගාර අවශ්‍ය වේ. දැනට මේ සඳහා නිසි බෙහෙතක් නොමැත. ZMapp වැනි පර්යේෂණ මට්ටමේ ඖෂධ යොදාගැනීමට අපේකෂිතය. එබෝඅල ජෛව අවියක් ලෙස යොදාගැනීමේ හැකියාවක් ඇත. (අ)

:       0       0

ප්‍රමෝද් Saturday, 09 August 2014 02:55 PM

මේ ලෙඩේ බෝ වෙන්නේ කොහොමද? (අ)

:       0       0

දිල්ෂාන් Saturday, 09 August 2014 03:38 PM

මේකෙ හරියටම විස්තරයක් කියන්නකො දන්න කෙනෙක්. (අ)

:       0       0

තුෂාර Saturday, 09 August 2014 03:46 PM

බොහොම ස්තුති රන්ජිත් මහත්මය.(අ)

:       0       0

සමිත් Sunday, 10 August 2014 11:55 AM

ඉබෝලා බෝවීම ගැන නිශ්චිතවම කියලා නැහැ. ඒත් බහුතර මතය තමා රෝගීන්ගෙන් නිකුත් වෙන ශ්‍රාවයන් නිසා කියන එක (නදී)

:       0       0

සෆීන් Sunday, 10 August 2014 05:24 AM

එ්ඩ්ස් වලටත් ප්‍රථමයෙන් ආපු රෝග කාරකයෙක් (නදී)

:       0       0

නජිත් Monday, 11 August 2014 10:28 AM

කාලෙකට මොකාක් හෝ එනවා (දී)

:       0       0

සේමිණි Saturday, 09 August 2014 05:29 PM

රෝගී වූ සියල්ලන්ටම ඉක්මන් සුවය (දී)

:       0       0

දිනේෂ් Sunday, 10 August 2014 01:18 PM

බටහිර අප්‍රිකාවේ සිටින සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් ලංකාවට වහාම ගෙන්වා ගන්න. (නදී)

:       0       0

දිනේෂ් Sunday, 10 August 2014 01:35 PM

ලයිබිරියාවේ පමණක් නව සියලුම බටහිර අප්‍රිකානු රට වල ඉන්න සියලු ශ්‍රී ලාංකිකයින් ඉක්මනින් ගෙන්වා ගන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 53 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 119 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 113 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1312 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 416 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 609 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1494 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site