කෝටිපති ව්‍යාපාරික රූපට් මර්ඩොක් සහ ඔහුගේ මාධ්‍ය ආයතන බි‍්‍රතාන්‍ය දේශපාලනයට බලපෑම් කරන බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන ලෙවීසන් නඩු විභාගයේ තවත් සැසිවාරයක් පෙරේදා (28) ලන්ඩන් නුවර දී ආරම්භ වූ අතර, එහි සාක්ෂි දීම සඳහා හිටපු බි‍්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් පැමිණි අවස්ථාවේ ඔහු යුද අපරාධකරුවකු යැයි බැණ වදිමින් විරෝධතාකරුවෙක් අධිකරණ ශාලාවට කඩා වැදුණේය. නඩු විභාගය පැවැත්වෙන්නේ ලෙවීසන් සාමිවරයාගේ ප‍්‍රධානත්වයෙනි. ප‍්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කරන්නේ ද ලෙවීසන් සාමිවරයායි. හිටපු අගමැති බ්ලෙයාර් සාක්ෂි ඉදිරිපත් කරමින් සිටිද්දී විරෝධතාකරු හිටිහැටියේ ම අධිකරණ ශාලාවට කඩා වැදුණේ සාමිවරයා පැමිණෙන පසුපස දොරටුවෙනි. හිටපු බි‍්‍රතාන්‍ය අගමැතිවරයා ඉරාක යුද්ධයට සම්බන්ධ වී, යුද අපරාධ සිදු කළේ යැයි චෝදනා කරමින් සහ බැණ වදිමින් අධිකරණයට කරුණු දැක්වීමට විරෝධතාකරු උත්සාහ ගත්තේය. එහෙත් ආරක්ෂක නිලධාරීන් වහා කඩා පැන ඔහු ශාලාවෙන් පිටතට රැගෙන යෑමට කටයුතු කළේය. ඉන්පසු පොලිස් නිලධාරීන් පැමිණ ඔහු අත්අඩංගුවට ගත් බව වාර්තා විය. එම පුද්ගලයා ඬේවිඞ් ලෝව්ලී වේක්ලින් නමැති 49 හැවිරිදි යුද විරෝධතාකරුවකු සහ සිනමාකරුවකු යැයි පොලිසිය පවසයි. සිදුවූ සියල්ල සජීවී ලෙස මාධ්‍ය හරහා විකාශනය විය. වේක්ලින් අධිකරණ ශාලාවෙන් ඉවතට ගෙන යෑමෙන් පසු ලෙවීසන් සාමිවරයා කියා සිටියේ වේක්ලින් අධිකරණ ශාලාවට පැමිණියේ කෙසේදැයි සෙවීමට වහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය. වේක්ලින් සිදුවූ බාධා කිරීම නිසා අධිකරණයේ කටයුතු පැයකට පමණ නතර වූ බව ද බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උසාවියට පැමිණි හිටපු අගමැති බ්ලෙයාර්ට විරෝධතාකරුවකුගෙන් බාධා
ඩොක්ටර් Thursday, 31 May 2012 10:24 AM
මෙන්න නියම මිනිහෙක්