උතුරු කොරියාවේ දැඩි විරෝධය මැද, ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා පෙරේදා (24) දකුණු කොරියාවේ සෝල් නුවරට පැමිණියේය. ජනපති ඔබාමා දකුණු කොරියාවට පැමිණියේ අද (26) සහ හෙට (27) සෝල් අගනුවර ආරම්භ වන න්‍යෂ්ටික ආරක්ෂක සමුළුවට සහභාගීවීම සඳහාය. රටවල් 53 ක් සහභාගී වන එම සමුළුවේ මෙවර තේමාව වී ඇත්තේ ‘න්‍යෂ්ටික අවි ත්‍රස්තවාදය පිටුදකිමු’ යන්නය. න්‍යෂ්ටික අවි, ත්රස්තවාදීන් අතට පත්වීම වැළැක්වීමට මෙන්ම එවැනි අවි ත්රස්තවාදීන් අතට පත්වීමේදී සිදුවිය හැකි ඵලවිපාක ගැන ද න්‍යෂ්ටික ආරක්ෂක සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතය. උතුරු කොරියාව හෝ ඉරානය හෝ මෙම සමුළුවට සහභාගී නොවන අතර, ඔබාමා දකුණු කොරියාවට පැමිණීම ගැන විරෝධය පළ කරමින් උතුරු කොරියා රජය පවසා ඇත්තේ ලෝකයට අනතුරක් ඇත් නම් ඒ වෙන කිසිවකුගෙන් නොව ඇමෙරිකාවෙන් බවය. ඇමෙරිකා ජනපතිවරයා ආසියාවේ සිය හමුදා බලය තහවුරු කර ගැනීමට උත්සාහ ගන්නා බවට ද උතුරු කොරියා රජය චෝදනා කරයි. ඇමෙරිකා ජනපතිවරයාට අමතරව සෙසු රාජ්‍ය නායකයෝ ද දකුණු කොරියාවට පැමිණියහ. සමුළුව පැවැත්වෙද්දී ඊට සමගාමීව, ලෝක නායකයන් ඉරානයේ න්‍යෂ්ටික අර්බුදය ගැනත් උතුරු කොරියාවේ න්‍යෂ්ටික කටයුතු ගැනත් සාකච්ඡුා කිරීමට නියමිතය. ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය, බි්රතාන්යය සහ ඊශ්‍රායලය තරයේ කියා සිටින්නේ ඉරානය ඔවුන්ගේ බලශක්ති වැඩසටහනට මුවාවී පරමාණු බෝම්බ නිපදවන බවත්, එය ලෝකයට තර්ජනයක් බවත්ය. එහෙත් ඉරානය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති කටයුතුවලට සහාය දෙන්නේ රුසියාවයි. ඉරානය ලොවෙන් හුදෙකලා කිරීමේ අරමුණ ඇතිව එරටට එරෙහිව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනවීමටද බටහිර බලවතුන් කටයුතු කර ඇත. ඉරානය මෙන් නොව උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු එළිපිට සිදුකරයි. උතුරු කොරියාවට ඒ සඳහා සහාය දෙන්නේ චීනයයි. උතුරු/දකුණු කොරියා අතර පවතින මතභේදවලදී මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ ද චීනයයි. ඇමෙරිකාව, ආසියාවේ බලය අල්ලා ගැනීමට සැරසෙනවා යැයි චීනය ද චෝදනා කරයි. කිම් ජොංග් ඉල්ගේ පාලන සමයේදී උතුරු කොරියාව, නිරන්තරයෙන් අධි බලැති දිගු දුර සහ කෙටි දුර මිසයිල අත්හදා බැලීය. උතුරු කොරියාව හිතුවක්කාර අන්දමින් න්‍යෂ්ටික කටයුතු සිදු කරන බවට ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවලින් චෝදනා එල්ල වීමත් උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනැවීමත් සමඟ එරට ලෝකයෙන් හුදෙකලා විය. නමුත් කිම් ජොංග් ඉල්ගේ මරණින් පසු බලයට පැමිණි ඔහුගේ පුතු කිම් ජොංග් උන් න්‍යෂ්ටික වැඩකටයුතු තාවකාලිකව නැවැතීමටත් යළිත් බටහිර රටවල් සමඟ න්‍යෂ්ටික සාකච්ඡුා පැවැත්වීමටත් අදහස් කර ගෙන සිටියි. සෝල් නුවරට පැමිණි ඔබාමා දකුණු කොරියා ජනපති ලී මියුන් බක් හමුවී සාකච්ඡුා කිරීමෙන් අනතුරුව, උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේ පිහිටි බොනිපාස් සහ සෙසු ඇමෙරිකන් හමුදා කඳවුරු නිරීක්ෂණයට ගියේය. එහිදී ඇමෙරිකන් හමුදා සෙබළුන් හමුවී ඔවුන් දකුණු කොරියාවේ සිදු කරන කාර්යභාරය අගැයීමට ලක් කිරීමට ද අමතක නොකළේය. දකුණු කොරියාවේ ඇමෙරිකා හමුදා කඳවුරුවල ඇමෙරිකන් සෙබළු 28,500 දෙනෙක් සිටිති.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උතුරු කොරියාවේ විරෝධය මැද ජනපති ඔබාමා දකුණු කොරියාවට
ඒ.චන්දවිමල හිමි. Tuesday, 27 March 2012 07:04 AM
උතුරු කොරියාව හරි. එම මතයට ආසියානු රටවල්ද එක්විය යුතුයි.