ත්රස්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දක්වන රටවල් ගොන්නට උතුරු කොරියාව ද ඇතුළත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා කටයුතු කර තිබේ.
මේ අනුව උතුරු කොරියාවට තවදුරටත් සම්බාධක පැනවීමට ඇමෙරිකාවට අවස්ථාව හිමි වනු ඇත.
ඇමෙරිකා ජනාධිපතිවරයා හා උතුරු කොරියානු ජනාධිපතිවරයා අතර පසුගිය කාලයේදී පෞද්ගලිකව ද එකිනෙකාට අපහාස හා උපහාස හුවමාරු වූ අතර ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාවත් සමඟ ඔහු කිසිවිටෙකත් උතුරු කොරියාව අත් නොහරින බව පෙනී යයි.
ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම තීරණයත් සමඟ උතුරු කොරියාවට එරෙහිව අළුතෙන් පනවන සම්බාධක ඇමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඉදිරියේදී නිවේදනය කිරීමට නියමිතය.
ත්රස්තවාදයට රාජ්‍ය සහාය දක්වන රටක් ලෙස උතුරු කොරියාව නම් කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා පියවර ගත්තේ ආසියානු සංචාරය නිම කර නැවත ඇමෙරිකාවට පැමිණ සතියක් ගතවෙද්දීය.
ආසියානු සංචාරයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා චීනය, ජපානය හා දකුණු කොරියාව ද ඇතුළුව රටවල් පහක සංචාරය කළ අතර ඒ සෑම අවස්ථාවකදීම උතුරු කොරියානු අර්බුදය ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය.
“න්‍යෂ්ටික අත්හදා බැලීම් කරමින් උතුරු කොරියාව ලෝකය බිය වද්දනවා. ඊට අමතරව උතුරු කොරියාව අඛණ්ඩව ජාත්‍යන්තර ත්රස්තවාදයට සහාය දක්වා තිබෙනවා. ඒ වගේම විදේශවලදී ඝාතන ද සිදු කර තිබෙනවා” යැයි ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා කීවේය.
(රොයිටර් 055)
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘උතුරු කොරියාව ත්රස්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දක්වනවා‘
සෙනෙවි Tuesday, 21 November 2017 05:05 PM
ඉතිං ඔයාලත් එහෙම නේ
ධනුෂ්ක Wednesday, 22 November 2017 02:31 AM
එතකොට අැමරිකාව සුදනා. අැෆ්ගනිස්ථානයෙ සෝවියට් හමුදාවට එරෙහිව ඔසාමා බින්ලිදීන් නිර්මාණය, සිරියාවේ ත්‍රස්තයින්ට අවි ලබා දීම. බොරු චෝදනා කර ඉරාකය කිරීම. සී.අයි.එ් හරහා කරන්න පුළුවන් හැම වැරදි වැඩක්ම කිරීම. ගුවන් ප්‍රහාර වලින් සාමාන්‍ය ජනතාව ඝාතනය. තමන්ට අවනත නොවන අාණ්ඩු පෙරලීම හොඳ වැඩ. මේවට දඩුවම් දෙන්න බලවතෙක් ඉන්නවනම් අැමරිකාවට සම්බාධක නොවේ න්‍යෂ්ඨික බෝම්බයි අතාරින්නේ.