උතුරු කොරියානු නායක කිම් ජොංග් ප්‍රසිද්ධ ස්ථානයක දුම්පානය කරන අවස්ථාවක් පිළිබද උතුරු කොරියාවේ මෙන්ම ලෝකයේම අවධානය යොමු වී තිබේ. දුම්පානය විරෝධී ව්‍යාපාරයක් රට තුල ක්‍රියාත්මක වන අවධියේම ඔහු මෙලෙස ක්‍රියා කිරීම පිළිබඳ බොහෝ මිනිසුන් විරෝධය පල කරයි. ප්යොංයැං හි ළමා කඳවුරක සංචාරයක් අතරතුර ඔහුගේ දකුණු අතේ දුම්වැටියක් දැක්වෙන අවස්ථාවක් එරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ විකාශනය විය. පුවත්පත් වාර්තා අනුව දුම්පානය කිරීම ඔහුගේ පුරුද්දක් වන අතර අළු බදුනක් සැමවිටම ඔහුගේ මේසය මත තිබෙන බව සදහන් වේ. කැමරාවට ඇති බිය නිසා ඔහු නිල රාජකාරි කටයුතු වලදී දුම්බීම නතර කර ඇති අතර පසු ගිය මාර්තු මස ද කිම් ප්‍රසිද්ධියේ දුම්පානය කිරීමක් වාර්තා විය. ඒ උතුරු කොරියානු රොකට් මෝටර් යන්ත්‍ර පුහුණුවක් අතරතුරදීය. ඔහුගේ පියා වන කිම් ජොංග්-ඉල් ද අධික ලෙස දුම්පානයට ඇබ්බැහි වී සිටි අයෙක් බවට වාර්තා වෙයි. රටේ උත්තරීතර නායකයා මෙලෙස ක්‍රියාකිරීම අසෝබන බවට එරට විචාරකයෝ පවසති ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි උතුරු කොරියානු ජනගහනයෙන් හරි අඩක් 2012 වන විට දුම් පැනයට ඇබ්බැහි වී තිබේ. එය ආසියාවේ ඉහලම අගයන් වලින් එකක් බවට විචාරකයෝ පවසති.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උතුරු කොරියානු නායකයා දුම් බොනවා රටම දකී
ගුණේ Saturday, 11 June 2016 07:48 PM
කෙලෙස්බරිත සත්වයෝ බහුතරයම දවල් මිගෙල් රෑ දැනියෙල් තමයි. පුදුම වෙන්න දෙයක් නැහැ (නි)
මංජරි Sunday, 12 June 2016 04:18 AM
කොහොමොටත් ඕනෑම තැනක පළමු ස්ථානය තියෙන්නේ දේශපාලනයට. සෞඛ්‍යයට අඩු තක්සේරුවක්. ටිකක් හිතලා බලන්න වරද කොහෙද කියලා (නි)
මැගී Friday, 10 June 2016 11:08 PM
දේවාලයේ කපුවා හෝ පුතා දේවාලයේ පැහැරුවට පවක් නැතිලුනේ. (නි)
පිටබැද්දර ජයා Friday, 10 June 2016 11:42 PM
හුඟාක් නායකයෝ ඔහොම තමයි. මතකනේ අපෙත් කාලයක් තිබුනේ මතට තිත කියලා (නි)
සෙනරත් Saturday, 11 June 2016 02:51 PM
අපේ රටෙත් මතට තිත කියලා කිව්වට මෙවර බදු පැනවීමේදී මත්පැන් වලට සහනය දීලා තියෙන්නේ. (නි)