බීජිංහිදීය (ඒ.එෆ්.පී)
සිය පළමු නිල විදෙස් සංචාරය සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීනයේ බීජිං අගනුවරට පැමිණි බවට ජපාන මාධ්‍ය අද (27) වාර්තා කළේය.
විශේෂ ගෞරවයක් සහිත ආරක්ෂාවක් යටතේ දුම්රියක් චීනයේ බීජිං නුවරට පැමිණීමත් පසුව එය පිටව යෑමත් සමඟ එම පුවත් පළ විය.
එම දුම්රියේ පැමිණ ඇත්තේ උතුරු කොරියානු නායකයා බව ද එම පුවත් වාර්තාවල දැක්විණි. චීනයේ බීජිං අගනුවර ස්ථාන කිහිපයකටම දැඩි ආරක්ෂාවක් ලබා දී තිබූ අතර බොහෝ ස්ථානවල පොලිස් ආරක්ෂක රථ සහ විශේෂ ප්‍රභූ ආරක්ෂිත රථ, පෙර ගමන් රථ දක්නට තිබිණි.
මෙසේ විශේෂ ආරක්ෂාව ලබා දී තිබුණේ උතුරු කොරියානු නායකයා චීන ජනාධිපති ෂී ජින්පින්ග් හමුවට පැමිණි නිසා යැයි ජපාන මෙන්ම දකුණු කොරියානු මාධ්‍යය ද වාර්තා කර තිබිණි.
උතුරු කොරියාවේ විශේෂ නියෝජිතයකු බීජිං නුවරට පැමිණි බව චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ප්‍රකාශ කළ ද පැමිණියේ කවුද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව එම නිලධාරීහූ ප්‍රකාශ කළහ.
උතුරු කොරියානු නායකයා චීනයට පැමිණියා නම් එය සඟවන්නට හේතුවක් නැතැයිද ඒ පිළිබඳ තොරතුරු තිබුණා නම් ප්‍රසිද්ධියට පත් කරන බව ද නිලධාරීහු කීහ.
චීනයට පැමිණ ගියේ උතුරු කොරියානු නායකයා නම් 2011 වසරේදී බලයට පත්වීමෙන් පසු හෙතෙම විදෙස් සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙය වනු ඇත.
උතුරු කොරියානු නායකයාට චීන ජනාධිපතිවරයා හමුවීමට හේතු කිහිපයක්ම තිබේ. උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
උතුරු කොරියා නායකයා සහ ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් අතර සාකච්ඡාවට බොහෝ විට ලබන මැයි මාසයේදී පැවැත්වෙනු ඇතැයි ද උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් අතර හමුව අප්‍රේල් මස අගදී පැවැත්වෙනු ඇතැයි ද පැවසේ.
055
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උතුරු කොරියානු නායකයා චීනයේ බීජිං අගනුවරට